21st February 2021 19:08:18 Hours
21st February 2021 19:04:33 Hours
21st February 2021 18:56:10 Hours
19th February 2021 15:17:59 Hours
09th February 2021 05:26:21 Hours
යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත යුධොපකරණ බලකායේ තූර්ය වාදක කණ්ඩායම සදහා නවතමයෙන් නිර්මාණය කරන ලද නිල ඇදුම ශ්‍රිලයුයුබ මන්ත්‍රණ සභාව සහ යුද්ධ හමුදාධිපති විසින් අනුමත කරන ලදි.
09th February 2021 05:23:53 Hours
යුධොපකරණ බලකායේ කාන්තා නිලධාරීන් සඳහා "ඇදුම් පැළදුම් හා ආහාර ගැනිමේ ආචාර විධි" පිලිබද වැඩමුළුවක් 2021 පෙබරවාරි 03 වන දින යුධොපකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී. එම වැඩසටහන සදහා යුධොපකරණ බලකායේ සියලුම කාන්තා නිලධාරීන් සහභාගි වු අතර ශ්‍රී ලංකා ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල නිලධාරිනියක් වශයෙන් කටයුතු කරනු ලබන තරංගා අමරසේකර මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදි.
09th February 2021 05:19:50 Hours
යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පී යූඑස්පී විසින් යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක සදහා ඉදිකරන ලද නිල නිවස්නය වර්තමාන යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් තරංග සිල්වා යූඑස්පී ඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් 2021 පෙබරවාරි 02 වන දින සුභ මොහොතින් විවෘත්ත කරන ලදි.
06th February 2021 10:21:42 Hours
05th February 2021 12:21:48 Hours
27th January 2021 08:31:22 Hours
යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ 17 වන වාර්ෂික මහසභා රැස්වීම 2021 ජනවාරි මස 23 වන දින යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහිදි පවත්වන ලද අතර, එම අවස්ථාවට සහභාගිවු යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ සභාපති තුමිය වන සුභාෂිනී දොඩම්තැන්න මාරසිංහ මැතිණිය, උප සභාපතිනිය වන රංගිකා දිසානායක මැතිණිය හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.