Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th March 2021 16:06:43 Hours

සෙසුනිලයින් 24ක් පතරොම්/වෙඩිද්‍රව්‍ය (දේශීය) පාඨමාලාව අංක 09 සාර්ථකව හදාරන ලදී

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙතින් පවත්වන ලද පතරොම්/වෙඩිද්‍රව්‍ය කාර්මික (දේශීය) පාඨමාලා අංක 09 හි සහතික පත් බෙදාදීම හා ලාංඡන පැලඳවීමේ උත්සවය 2021.03.06 දින පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලද අතර, 3 රෙජි ශ්‍රීලයුයුබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේනාවිධායක මඅපග ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පිලිගන්නා ලදී.

පාඨමාලාව සාර්ථකව හදාරන ලද සෙසුනිලයින් 24 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම සහ පාඨමාලා ලාංඡන පැලඳවීම සේනාවිධායක තුමන් විසින් සිදු කරන ලද අතර, පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සමරු පලකය සහ සහතික පත ලාන්ස් කෝප්‍රල් බුද්ධික ඩබ් එච් එම් විසින් හිමිකර ගන්නා ලදී.

එසේම සහතිකපත් බෙදාදීමේ සහ ලාංඡන පැලඳවීමේ උත්සවය අංලකාර කරමින් පාඨමාලාව හදාරන ලද සිසුන් විසින් පාවිච්චියට නුසුදුසු තත්වයට පත්වන ලද පතරොම්/වෙඩිද්‍රව්‍ය විනාශ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම උත්සවයට සහභාගි වු සියළු දෙනාගේ පැසසුමට ලක්විය.

අවසාන වශයෙන් සේනාවිධායක තුමන් ඇතළු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් සෙසුනිල ‍භෝජනාගාරයේ පැවති තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වන ලදී.