Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

ශ්‍රි ලංකා යුධ හමුදා යුධොපකරන බලකා ඉතිහාසය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ රෙජිමෙින්තුව බලකායක් වශයෙන් ආරමිභ කිරිමෙිදි මුලික කටයුතු සිදුකර ඇත්තේ 1949 ඔක්තෝබර් මස 14 වෙනි දිනය. ලංකා යුද හමුදාව නගාසිටුනීමෙන් පසු 1949 නොවැමිබර් මාසයේදි රාජකිය යුද්ධෝපකරණ බලකාය භාරයේ තිබු පතරොමි භා එගෙන ඇති අතර, රජයේ බඩු ගබඩාවල අසුරන ලබාදෙන ලදි. 1950 පෙබරවාරි මස 01 දින යුධොපකරණ ගබඩාහල කිරැලපනේදි ආරමිභකර ඇත.

ලංකා යුද්ධ හමුදාව නගාසිටුවීමෙිදි බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවෙි උපදේශකවරයෙකු වු රාජකිය යුද්ධෝපකරණ බලකායේ මෙිජර් එචි පී බ්‍රෙචර් නමි වු ඉංග්‍රීසි ජානික නිලධාරියා ද්විතීනය කොට 1950.03.11 දින ලංනාවට එවීමෙන් පසු ඔහු ශ්‍රීලංකාවෙි යුධොපකරණ අධ්‍යක්‍ෂක වද්විතීනය කොට 1950.03.11 දින ලංකාවට එවීමෙන් පසු ඔහු ශ්‍රීලංකාවෙි යුධොපකරණ අධ්‍යක්‍ෂක වයෙන් රාජකාරා ආරමිභ කර ඇත. එම නිලධාරිගේ පුරෝගාමිත්වයෙන් හා ඔහු සමග පැමිනි ස්කෝන්ඩක්ටර් වොලී රෝචීගේ සහාය මත යුධොපකරණ බලකාය ආරමිභ කිරිමෙි මුලික කාර්යයන් ආරමිභ කර ඇත. මෙිජර් එචි පි බ්‍රෙචර්ගේ උපදෙස් හා මගපෙන්වීම මත ලංකා යුධොපකරණ බලකාය (Corp of Ordnance) මුලිකව එවකට නිලධාරින් දෙදෙනෙකු සහ බලලත් නිලධාරි දෙදෙනෙකු, එක් මාණ්ඩලික සැරයන්වයෙකු හා සැරයන්වරැන් තිදෙනෙකුගෙන් සමන්වීතව 1950.03.29 දින ඒකකයක් ලෙස නිල වශයෙන් ස්ථාපිත කර ඇත. රාජකිය යු‍ධොපකරණ බලකායේ අනුරෑපිව පොදු රාජ්‍ය මණ්ඩලයට හවුල් රටවල් අතුරින් එවකට ලාබාලම සාමාජිකයා වුයේ යුධෝපකරණ බලකායයි. එනැන් සිට 1972 දක්වා රාජකිය යුධොපකරණ බලකා ලාංජනය සහ ආදර්ශ පාඨය ලංකා යුධොපකරණ බලකායේ ලාංජන හා ආදර්ශ පාඨය වශයෙන්ද භාවිතා කල අතර, 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක්වීමත් සමගම දැනට භාවිතා කරනු ලබන ලාංජනය හා ආදර්ශ පාඨය හදුන්වාදෙන ලදි.

ආරම්භක සමාජිකයින්

කපිතන් ඊඩී ඊබටි
ලුතිතන් ඒඒඩීබී පෙරේරා
බනි 1 පීඑමි රත්නායක
බනි 1 බීසී වයිස්
මා/සැරයන් වික්‍රමසේකර ඩීඊබි
සැරයන් කරුණාතිලක එමිඑල්ඩබී
සැරයන් රිබටි ජේඑචිඩී
සැරයන් ද අල්විස් සිඑස්

1950 පෙබරවාරි 07 දින බලකායට ප්‍රථම වරට අලුතින් සෙසුනලයින් බදවා ගැනීම ආරමිභකර ඇත. 1950 මාර්තු මස 29 දින යුධොපකරණ බලකාය වශයෙන් රාජකිරි ඉටුකිරිම ආරමිභකර මුල් අවධියේ බලකාය අංශයන් 02 ක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත. යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය යුද්ධ හමුදා මුලස්තානයේ කොටසක්වු අතර, යුධොපකරණ ගබඩාව පිහිටියේ කිරැලපන ප්‍රදේශයේය.

ප්‍රතිපත්ති කටයුතු, බඩුබාහිරාදිය සැලසුමි කිරිම හා ගිණුමි තැබීමෙි කටයුතු යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වගකිම වු අතර, බඩුබාහිරාදිය ලැබීමි, තොගගත කිරිමි, නිකුත් කිරිමි ගබඩාවෙි වගකිම විය. ගබඩාවෙි පුථම භාණ්ඩ තොගයන් වුයේ රාජකිය යුධොපකරණ බලකායෙන් භාරගත් ලංකා අධ්‍යක්‍ෂක හමුදාව විසින් මිළදී ගත් භාණ්ඩවෙි.

එතැන් පටන් ලංකා යුද්ධ හමුදාවෙි අවශ්‍යතාවයන් සදහා වු යුධොපකරණ බඩුබාහිරාදිය දේශිය හා විදේශිය මාර්ගයන්ගෙන සපුරාගැනීමට ක්‍රියාකරන ලදී.

1951.03.23 දින අවි සහ වෙඩිද්‍රව්‍ය අංශයක් යුද්ධ හමුදා මුලස්ථානයයේදි ආරමිභ කරන ලදි. එහි මුල්ම කාර්ය මණ්ඩලය වශයෙන් එක් නිලධාරියෙක් හා සෙසුනිලයින් තිදෙනෙකුගෙන් සමන්විත විය. බලකායට පැවරැනු රාජකාරි අධිකවාම හේතුවෙන් ශ්‍රිලවියාඉ බලකායට සමිබන්ධිත ප්‍රථම බඩු ගබඩා අංශය ආරම්‍භ කර ඇත. මෙම අංශය රාජකාය විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරැ බලකා වැඩපලට සමිබන්ධිත රාජකිය යුද්ධෝපකරණ බලකා බඩු ගබඩා අංශයන්ට අනුරෑපිව ක්‍රියාත්මක ‍වෙි.

1955 ජුලි මස කිරැලපන පැවැති යුධොපකරණ ගබඩාව යුහ ජනපනය පනාගොඩ වෙත ගෙනයෑම ආරමිභ කරන ලදි අතර, එය දෙසැමිබර් මස දක්වා සිදුවිය. එතැන් පටන් යුධොපකරන ගබඩාව පනාගොඩ ජනපදයේ සිට ක්‍රියාත්මක විය. 1956 මාර්තු මාසයේදි ලුතිතන් කර්නල් බීජි බ්‍රෙචර් එමිබිඊ රාජකිය යුද්ධෝපකරණ බලකායට සමිබන්ධකර තිබිම අවසන්විය. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය මවි රට බලා පිටත්ව ගිය බැවින්, එම මාසයේදිම ලුතිතන් කර්නල් ඩිඑප්ටි අබෙිසිංහ ලංකා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි ලෙසට පත්කරනු ලැබිය. එම අවධියේ බලකාය නිලධාරි 06 ක් සෙසුනිල 176 දෙනෙකුගෙන් සමන්විත විය.

ලුතිතන් කර්නල් බීජි බ්‍රෙචර් එමිබිඊ


බනි 1 බීසී වයිස් (ප්‍රථම රෙසැමෙි)


ලංකා යුධොපකරණ බලකාය එතැන්සිට මුලස්ථානය ලයුයුබ හා ජ්‍යෙෂ්ඨ සැපයුමි පාලන හා ගිණුමිභාර නිලධාරිගේ අධික්ෂණය යටතේ යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය හා ඒකාබද්ධව ලංකා යුධොපකරණ බලකායට අවෙිණික වු සියලු රාජකාරින් එවකට ලයුයුබ සංස්ථාව යටතේම ක්‍රියාත්මක වු අතර, යුධොපකරණ සේවාවන්ට අදාල කාර්මික කටයුතු සමිබන්ධයෙන් යුද හමුදාධිපතිට වගකිව යුතු වුයේ අණදෙන නිලධාරිගේ ශ්‍රිලයුයුබ විසිනි.

එම අවධියේ සිට ශ්‍රිලයුයුබ මුලස්ථානය හා තොගපාලන අංශය වත්මන්ව පනාගොඩ ජනපදයේ මුලික රෝහල පිහිටි ගොඩනැගිල්ලේ (පසුකාලයේදි භකාස අණසක මුලස්ථානය) ස්ථානගත වි සිටින ලදි. සෙසු නිලයින්ගේ නේවාසිකාගාර සෙසුනිල භෝජනාගාරය හා මුලුතැන්ගෙය ආසන්නයේ පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලිවල පිහිටුවා තිබුණි. බලලත් නිලධාරින්ගේ සහ සැරයන්වරැන්ගේ නිවස්නය දැනට 1 රෙජි ශ්‍රිලයුයුබ ඒකකය විසින් භාවිතා කරන පැරණි බනි සහ සැරයන් නිවස්නයම විය.