Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

7 වන රෙජිමේන්තුව, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් අයිඒ වෙදගෙදර පීඑස්සී ඒඒටීඕ ශ්‍රීලයුයුබ

මුලතිව් බලප්‍රදේශයේ ආසේමු/සේමු/බසේමු/මූල/ඒකක සහ පුහුණු පාසල් වෙත යුධොපකරණ අවස්්‍යතාවයන් සපුරාලීම සඳහා මුලතිව් යුද්ධ හමුදා ජනපදය තුළ 2010.02.10 දින ලුතිතන් කර්නල් එස්එන්ඒ දිසානායක - ශ්‍රිලයුයුබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම යටතේ 2/ලුතිතන් කේඒජේ ආනන්ද කුමාර - ශ්‍රිලයුයුබ ගේ මුලිකත්වයෙන් නිඅභපි 7 ශ්‍රිලයුයුබ වශයෙන් තාවකාලික භූමියක ස්ථාපනය විය. ඉන් අනතුරුව 2010.04.20 දින මෙම ඒකකයේ ප්‍රථම නිලධාරි අණදෙන වශයෙන් මේජර් ඩිඑම්විවි දිසානායක - ශ්‍රිලයුයුබ විසින් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අක්කර 50 ක භූමි භාගයක් පුරා ගබඩාහල්, භටනිවාස, රෙජිමේන්තු පොලිස් අංශය, මුරහල, නිලධාරි අණදෙන නිල නිවස්නය ඇතුඵ ගොඩනැගිලි ඉඳිකරන ස්වයං ගිණුම් කටයුතු ආරම්භ කරන ලදී.

නිඅභපි ලෙස නම් කර තිබූ මෙම ඒකකය 2010.10.25 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රිලයුයුබ ලෙස නම් කරන ලදී. ඉන් අනතුරුව එවකට කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් සේවය කරනු ලැබූ බ්‍රිගේඩියර් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා අනෙකුත් ශ්‍රිලයුයුබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2010.11.29 දින ස්වයං ගිණුම් ඒකකයක් ලෙස වැඩ කටයුතු ආරම්භ කරන ලදී. 2011.08.01 දින 7 වන රෙජිමේන්තුව ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ආර්ජි හේරත්ගේ ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රාජකාරි භාරගන්නා ලදී. මෙම ඒකකය ආසේමු(මු) යටතේ පාලනය වන සේමු, බසේමු, මුලස්ථාන, ඒකක සහ පුහුණු පාසල් ඇතුඵව ස්ථාන 46 ක් සඳහා යුධොපකරණ අවස්්‍යතාවයන් සපුරාලීම ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලැබේ.

නිලධාරි අණදෙන නිලධාරිවරු

නිලය නම සිට දක්වා?
2/ලුතිතන් කේඒජේ ආනන්ද කුමාර (අධීක්‍ෂණ) 2010.02.10 - 2010.04.19
මේජර් ඩිඑම්විවි දිසානායක ඒටීඕ 2010.04.20 - 2010.10.25

7 රෙජි ශ්‍රිලයුයුබ, අණදෙන නිලධාරින්

මේජර් අයිඒ වෙදගෙදර පීඑස්සී ඒඒටීඕ ශ්‍රීලයුයුබ
නිලය නම සිට දක්වා?
මේජර් ඩිඑම්විවි දිසානායක ඒටීඕ (වැ.බ) 2010.10.25 - 2011.08.01
ලුතිතන් කර්නල් ආර්ජි හේරත්ගේ ඒඒටීඕ 2011.08.01 - 2014.09.08
ලුතිතන් කර්නල් කේපීඑන්එස්කේ කාරියවසම් ඒඒටීඕ එල්එස්සී 2014.09.08 - 2016.09.26
ලුතිතන් කර්නල් ආර්ඒ ක්‍රීශාන්ත ඒඒටිඕ 2016.09.26 - 2018.09.30
ලුතිතන් කර්නල් ඩබ්කේඑස්පී වලකන්ද යූස්පි ඒටීඕ එල්එස්සී 2018.09.30 - 2020.08.30
මේජර් ඒඑම්ආර්එච්බි අබේසිංහ යූඑස්පි ඒඒටීඕ එල්එස්සී 2020.09.26 2022.08.30
මේජර් අයිඒ වෙදගෙදර පීඑස්සී ඒඒටීඕ ශ්‍රීලයුයුබ 2022.08.30 මේ දක්වා