Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

මධ්‍යම ආයුධ හා පතොරම් ගබඩාව

මධ්‍යම ආයුධ හා පතොරම් ගබඩාව

1949.10.10 දින යුද්ධ හමුදාව ආරම්භ වි වසර 02 කට පසුව එනම්, 1951.03.23 දින මෙම ගබඩාව අවි සහ වෙඩිද්‍රව්‍ය අංශයක් වශයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපනය කර එහි මුල්ම කාර්ය මණ්ඩලය වශයෙන් නිලධාරියෙක් හා සෙසු නිලයින් තිදෙනෙකු සේවයේ යොදවා ඇත. නි/50082 කපිතන් ජීආර් ජයසිංහ - ශ්‍රීලයුයුබ මෙහි මුල්ම අංශභාර නිලධාරි වශයෙන් කටයුතු කර ඇත. යුද්ධ හමුදාව පුඵල්විමත් සමඟම අවි සහ වෙඩිද්‍රව්‍ය ගබඩාවක් වශයෙන් ක්‍රියාත්මක විය. එහි නිලධාරි අණදෙනවරුන් වශයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කටයුතු කර ඇත.

අනතුරුව ක්‍රියාන්විත අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාව සේනාංක/බලසේනා ලෙස ස්ථානගත වීමත් සමඟම ඊට සරිලන පරිදි අවි/පතුරොම්/වෙඩිද්‍රව්‍ය අවශ්‍යතාවයන් ලබාදීම සඳහා මෙය ශ්‍රීලයුයුබ යටතේ 1992.03.22 දින ස්වයං ගිණුම් තබන ඒකකයක් වශයෙන් ක්‍රියාත්මකවී ඇත. මෙහි මුල්ම සේනාවිධායක වශයෙන් නි/50616 ලුතිතන් කර්නල් ආර්එල් සුරියආරච්චි ඒඒටීඕ කටයුතු කර ඇත.

යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපනය කර තිබු මධ්‍යම අවි සහ පතුරොම් ගබඩාව යුහමු උපදෙස් අනුව 1999.04.15 දින ලුතිතන් කර්නල් ආර්වී උඩවත්ත පීඑස්සී ඒටීඕ විසින් යුද්ධ හමුදා කඳවුර සාලාව - කොස්ගම වෙත රැගෙන එන ලදී.

මූලස්ථාන කාර්යාල ගොඩනැගිල්ල


උණ්ඩ පෙට්ටි


උණ්ඩ පෙට්ටි


කොස්ගම වෙඩිද්‍රව්‍ය ගබඩාව

මෙම වකවානුව තුළ අවි සහ පතුරොම් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොතිබූ හෙයින් මධ්‍යම අවි ගබඩාව (පනාගොඩ) ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රය තුළ ස්ථාපනය කළ අතර, පතුරොම් ගබඩා කිරීම සඳහා දොඹගොඩ ගබඩාහල් 10 ක් ද, අඹේපුස්ස ශ්‍රීලංසිරෙ කඳවුරේ ගබඩාහල් 02 ක් ද නවතමයෙන් ස්ථාපනය කළ අතර ම වැලිසර රජයේ වෙඩිද්‍රව්‍ය ගබඩාව වෙතින් ද භූගත හා මතුපිට ගබඩාහල් ලබාගෙන පතුරොම්/වෙඩිද්‍රව්‍ය ගබඩා කර ක්‍රියාන්විත අවශ්‍යතාවයන් සඳහා පතුරොම් හා වෙඩිද්‍රව්‍ය එම ස්ථාන වෙතින් ද නිකුත්කිරිම් සිදුකරන ලදී. එම ස්ථානයන් හි ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

ගබඩා පිටත ඡායාරූප


ගබඩා ඇතුළත ඡායාරූප


යුධමය අවශ්‍යතා සඳහා අවි සහ පතුරොම්වල අවශ්‍යතාවය වැඩි වූ බැවින් දොඹගොඩ ගබඩා සංකීර්ණය තුළ යුධොපකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවන ලද අතර, යුද්ධ හමුදාවට අවැසි මෝටාර් හා මෝටාර් බෝම්බ නිපදවිමට ක්‍රියා කර ඇත. ඒ අනුව කෙම්පියා මෝටාරය හා එම බෝම්බ මෙම කර්මාන්ත ශාලාව තුළ නිපදවිය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් එවකට ලුතිතන් කර්නල් ඩිඑස්ජි කෙම්පිටිය යුඑස්පි ඒටීඕ යන නිලධාරි හා එවකට ලුතිතන් කර්නල් කේ පියසෝම - ශ්‍රීලවියාඉ යන නිලධාරින් දෙදෙනා විසින් 1992 වසරේ දී කෙම්පියා මෝටාරය හා එම බෝම්බ නිපදවා ඇත. ලුතිතන් කර්නල් ඩිඑස්ජී කෙම්පිටිය යුඑස්පී ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි බ්‍රිගේඩියර් නිලයට උසස්වීමෙන් පසු විශ්‍රාම යෑමෙන් අනතුරුව දැනට මියගොස් ඇති අතර, ලුතිතන් කර්නල් කේ පියසෝම - ශ්‍රිලවියාඉ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි බ්‍රිගේඩියර් නිලය දක්වා උසස් වීම් ලැබ දැනට විශ්‍රාමිකව සිටි.

යුධොපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ කෙම්පියා මෝටාර් විදිනවල සහ එම බෝම්බවල ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

මිලි මීටර් 198 කේ 08 (තනි බැරලය)


මිලි මීටර් 99 කේ 04 (බැරල් 05)


ක්‍රියාන්විත අවශ්‍යතා සඳහා ඒ ඒ ක්‍රියාන්විත ප්‍රදේශ වෙත ප්‍රමාදයකින් තොරව අවි/පතුරොම්/වෙඩිද්‍රව්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මෙහි පහත සඳහන් ඒකකයන්හි ඉදිරි අවි සහ පතුරොම් ගබඩාවන් ස්ථාපනය කරන ලදී.

  • 2 රෙජි ශ්‍රීලයුයුබ
  • 3 රෙජි ශ්‍රීලයුයුබ
  • 5 රෙජි ශ්‍රීලයුයුබ
  • පතොරම් ඩිපෝ (වැලිසර)
  • පතොරම් ඩිපෝ (බෝයගනේ)
  • පතොරම් ඩිපෝ(අඹේපුස්ස)
  • පතොරම් ඩිපෝ (පුත්තලම)
  • උණ්ඩ ඉදිරියට භාරදීම

    ක්‍රියාන්විත අවශ්‍යතාවයන් සඳහා විදේශීය වශයෙන් පතුරොම්/වෙඩිද්‍රව්‍ය විශාල වශයෙන් ලද බැවින් එම පතුරොම්/වෙඩිද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යුධොපපුපා (දොඹගොඩ) කඳවුරේ ද වෙඩිද්‍රව්‍ය ගබඩාහල් 09 කින් නව ගබඩා සංකිරණයක් ඉඳිකරන ලදී.

    මධ්‍යම ආයුධ හා පතොරම් ගබඩාවෙහි කාර්යභාරය සහ කාර්යයන්

    කාර්යභාරය

    වෘත්තීයමය, යැපෙන්නන් හට මිත්‍රශීලී/නවින තාක්‍ෂණික ප්‍රවේශයක් සහිතව වගකීම හා වගකිව යුතු බව සහතික කරමින් සියලුම යුධොපකරණ ආයතන/යැපුම් ඒකක සඳහා යුධොපකරණ කාර්යයන් මඟින් ඵලදායී හා කාර්යක්‍ෂමව අවි සහ පතුරොම් ලබාදීම.

    කාර්යයන්

    • යුද්ධ හමුදාවේ සියලුම සංස්ථා/ආයතන වෙත අවි සහ පතුරොම් විෂයට අදාළ යුධොපකරණ කාර්ය/විෂය පිළිබඳ උපදෙස් ලබාදීම.
    • සියලුම යැපුම් යුධොපකරණ ආයතන/යැපුම් ඒකකයන්හි අවශ්‍යතාවය මත සියලුම වර්ගයේ අවි සහ පතුරොම් යුහමු/යුසේඅම උපදෙස්වල නියමයන් ට අනුකුලවන පරිදි, ලබාගැනීම, පරික්‍ෂා කිරීම, ගබඩාකිරීම, ගිණුම්තැබිම, නඩත්තුකිරීම, ඉදිරි ප්‍රවාහනය කිරීම/නිකුත්කිරීම, අලුත්වැඩියා කිරීම සහ පිළිසකරකිරීම, තහවුරු කරගැනිමේ පරික්‍ෂණ පැවැත්විම, අයෝග්‍ය කිරීම සහ ඊට අදාළ ස්වංක්‍රීය අවි/පතුරොම් කළමණාකරන පද්ධතිය මනා ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම.
    • ප්‍රමිතිගත, ගුණාත්මක හා ඵලදායී යුධොපකරණ සැපයුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම උදෙසා දේශීයව හා විදේශීය දෙයාකාරයෙන්ම ලැබෙන සියලුම වර්ගයේ අවි සහ පතුරොම් සූක්‍ෂම හා සියුම් පරික්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් අවි සහ පතුරොම්වල ප්‍රමිතිය තහවුරු කිරීම.
    • යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාඅම පාලනය යටතේ අවි සහ පතුරොම් විෂයන් සඳහා ප්‍රමාණවත් අතිරේක තොග පවත්වාගැනීම, නඩත්තු කිරීම හා ඊට අදාළ ගිණුම් කටයුතු නිවැරදිව සිදුකිරීම
    • වගකීම් බලප්‍රදේශයේ ස්ථානගත යුද හමුදා යැපීම් ආයතනයන් හි වාර්ෂික වෙඩිද්‍රව්‍ය පරික්‍ෂණ ක්‍රියාවලිය මෙහෙයවිම සහ ඊට අදාළ පරික්‍ෂණ වාර්තා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය/යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය/යැපුම් ආයතන වෙත ඉදිරිපත් කිරීම/ප්‍රගති සමාලෝචනය නියමිත කාලසීමාවන්හි දී සිදුකිරීම.
    • යුහමු ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ උපදෙස් මත වෙඩි තැබිමේ තරග සඳහා අවශ්‍ය පතුරොම් නැවත පිරවීම.
    • සියලුම වර්ගයේ අවි සහ පතුරොම් සඳහා මිල දර්ශනයක් පලකිරීම/වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
    • එදිනෙදා කාර්යයන් ඉටුකිරිමේදී සිදුකරනු ලබන පුහුණුවද ඇතු`ඵව අවි සහ පතුරොම්වලට අදාළ වෘත්තීය පුහුණුව හා මගපෙන්විම් තුළින් වගකීම් බලප්‍රදේශය තුළ පිහිටි සියලුම යුධොපකරණ ආයතනයන්හි කාර්ය මණ්ඩලයන් පුහුණු කරවීම හා එමඟින් ඔවුන් තුළ ඉන් උසස් මට්ටමේ කාර්මික නිපුණතාවයක් තහවුරු කිරීම.
    • යැපුම් ඒකක සමඟ සම්බන්ධතාවයෙන් පවත්වනු ලබන පුහුණු ක්‍රියාකාරකම්වලදී (දේශන/සම්මන්ත්‍රණ) අවි සහ පතුරොම් විධිමත් ගබඩාකරණය, ආරක්‍ෂාව සහ සංරක්‍ෂණය පිළිබඳව යැපුම් ඒකක භටපිරිස් දැනුවත්කර මගපෙන්විම.
    • සු`ඵ ප්‍රසම්පාදන කමිටු ක්‍රියාවලියේදි යුසේඅම වෙතින් වෙන්කර දෙනු ලබන ප්‍රතිපාදන වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාපිළිවෙතේ දි මුදලට වටිනාකම” සංකළ්පය හා මුල්‍ය කළමණාකරන උපදෙස් අනුව ක්‍රියාකිරීම
    • මධ්‍යම ආයුධ හා පතොරම් ගබඩාවෙහි අණදෙන නිලධාරීන්

      නිලය නම සිට දක්වා
      ලුතිතන් කර්නල් ආර්එල් සුරියආරච්චි ඒඒටීඕ 1992.03.23 - 1992.03.23
      ලුතිතන් කර්නල් එල්බි අ`ඵවිහාරේ ඒටීඕ 1994.06.20 - 1995.07.05
      ලුතිතන් කර්නල් ආර්ආර් රාමනායක ඒටීඕ 1995.07.05 - 1995. 09.18
      කර්නල් එල්බි අඵවිහාරේ ඒටීඕ 1995.09.18 - 1997.03.10
      මේජර් එච්ජිඅයි විද්‍යානන්ද ඒඒටීඕ 1997.03.10 - 1998.02.13
      ලුතිතන් කර්නල් ආර්ආර් රාමනායක 1998.02.13 - 1998.05.18
      මේජර් එච්ජිඅයි විද්‍යානන්ද ඒඒටීඕ 1998.05.18 - 1998.12.04
      මේජර් එස්ඩිකේ විජේසේකර ඒටීඕ 1998.12.04 - 1999.02.06
      කර්නල් සිජේ කොට්ටහච්ච් ඒඒටීඕ 1999.02.06 - 1999.04.15
      ලුතිතන් කර්නල් ආර්වි උඩවත්ත පීඑස්සි ඒටීඕ 1999.04.15 - 2000.04.20
      මේජර් එස්ඩිකේ විජේසේකර පීඑස්සි ඒටීඕ 2000.04.20 - 2003.07.01
      ලුතිතන් කර්නල් එස්ඩිකේ විජේසේකර පිඑස්සි ඒටීඕ 2003.07.01 - 2003.08.18
      මේජර් ඩීඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 2003.08.18 - 2004.02.25
      මේජර් එන්ඒඩඞ්පී පෙරේරා ඒටීඕ 2004.02.25 - 2004.04.20
      මේජර් ඩිඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 2004.04.20 - 2004.11.23
      ලුතිතන් කර්නල් සීආර්එස් ප්‍රනාන්දු ඒඒටිඕ 2004.11.23 - 2005.07.15
      මේජර් බීඒඑන් ඩැනියෙල් 2005.07.15 - 2005.07.23
      කර්නල් සීආර්එස් ප්‍රනාන්දු ඒඒටීඕ 2005.07.23 - 2007.08.30
      ලුතිතන් කර්නල් ජේඒඩිපි ජයතිලක ඒටීඕ 2007.08.30 - 2008.05.26
      ලුතිතන් කර්නල් ඩබ්ඒපිඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටීඕ 2008.05.26 - 2009.10.05
      කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ 2009.10.05 - 2011.08.01
      කර්නල් ජේඒඩිපි ජයතිලක යුඑස්පි ඒටීඕ 2011.08.01 - 2014.08.18
      බ්‍රිගේඩියර් ඩඞ්ඒපිඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටීඕ 2014.08.18 - 05.07.2018
      බ්‍රිගේඩියර් එමිඊපි විරසිංහ යුඑස්පි ඒටිඕ 05.07.2018 - 24.12.2019
      ලුතිතන් කර්නල් කේඑමිඒඩබිකේ පෙරේරා ඒඒටිඕ 24.12.2019 - 30.03.2020
      බ්‍රිගේඩියර් ජිකේඅයි විතානචිචි ඒටිඕ 30.03.2020- 07.07.2021
      කර්නල් ආර්ඒ්පිඒ්බී දිසානායක ඒඒටීඕ 08.07.2021- 21.12.2022
      කර්නල් කේපිඑන්එස්කේ කාරියවසම් එල්එස්සී ඒඒටීඕ 22.12.2022- මේ දක්වා