Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් එච් එම් එස් එස් බණ්ඩාර යූඑස්පී ඒටිඔි එල්එස්සී

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටුවා ඇති මෙම රෙජිමේන්තුවෙහි මුලාරම්භය වශයෙන් යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ආරම්භයත් සමඟ එනම් මීට වසර 64 කට ප්‍රථම පිහිටුවන ලද මූලික යුධොපකරණ ගබඩාව හැඳින්විය හැකිය. 1980 දශකයෙන් පසු දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඇතිවු බෙදුම්වාදි ත්‍රස්තවාදින්ගේ ක්‍රියා කළාපයන් මත යුද්ධ හමුදාවේ භටපිරිස් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ඊට අනුකුලව නව යුද්ධ හමුදා ආයතන පිහිටුවනු ලැබීය.

ඒ අනුව මෙම රෙජිමේන්තුවද එම යුද්ධ හමුදා ආයතනවල යුධොපකරණ අවස්තාවයන් සපුරාලීම සඳහා 1991.07.10 වන දින 1 සේයුඒ වශයෙන් ස්ථාපිත කර පවත්වාගෙන යන ලදී. එහි පළමුවන අණදෙන නිලධාරි වශයෙන් එවකට ලුතිතන් කර්නල් ඩිඑස්ජි කෙමිපිටිය යුඑස්පි ඒටීඕ කටයුතු කරන ලදී. එතැන් සිට පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් දක්වා ඇති කාලය තුළ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කර ඇත.

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් ඩිඑස්ජි කෙම්පිටිය යුඑස්පි ඒටීඕ 1992.07.01 - 1993.12.15
ලුතිතන් කර්නල් සිජේ කොට්ටහච්චි ඒටීඕ 1993.12.16 - 1994.02.01
මේජර් ටීඑම්එස්එඩිබි මඩුගල්ල 1994.02.02 - 1994.04.17
ලුතිතන් කර්නල් සිජේ කොට්ටහච්චි ඒටීඕ 1994.04.18 - 1995.11.29
කර්නල් සිජේ කොට්ටහච්චි ඒටීඕ 1995.11.30 - 1996.11.30
ලුතිතන් කර්නල් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී 1996.12.01- 1997.02.10

මෙම කාල වකවානුව තුළ එනම් 1993.07.10 දින නව ඒකක පිහිටුවිමෙන් පසු එහි ප්‍රථම සංවත්සරය 11 සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එමෙන්ම මෙම ඒකකයට පිවිසෙන අයෙකුට ප්‍රථමයෙන්ම නෙත ගැටෙන ප්‍රධාන දොරටුව ඉතා අලංකාර ලෙස ඒකක අරමුදලින් සාදා නිම කිරිමෙන් පසු එවකට රෙජිමේන්තු ආඥාපතිව සිටි දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් ජෙනරාල් ටි සිවෂන්මුගම් විසින් 1993.05.02 විවෘත කරන ලදී.

ක්‍රියාන්විත අවස්තාවන් සමඟ යුද්ධ හමුදාවේ සිදු වු ශිඝ්‍ර ව්‍යාප්තිය සමඟ 1 සේයුඒ වශයෙන් ස්ථාපිත කර තිබු මෙම ඒකකය 1997.02.11 වන දින 1 රෙජි ශ්‍රිලයුයුබ වශයෙන් ස්ථාපිත වු අතර එහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් පහත නම සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරි පත්වන ලදී.

ලුතිතන් කර්නල් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී 1997.02.11 - 1999.07.24

ක්‍රියාන්විත අවස්තාවන් සමඟ යුද්ධ හමුදාවේ සිදූ වු ශීඝ්‍ර ව්‍යාප්තිය සමඟ 1 සේයුඒ වශයෙන් ස්ථාපිත කර තිබු මෙම ඒකකය 1997.02.11 වන දින 1 වන රෙජිමේන්තුව ශ්‍රිලයුයුබ වශයෙන් ස්ථාපිත වු අතර එහි අණදෙන නිලධාරි වශයෙන් කටයුතුකළ ලුතිතන් කර්නල් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී - ශ්‍රිලයුයුබ විසින් ඒකකයට අඩුපාඩුවක්ව පැවැති යුධොපකරණ කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලදී.

රණවිරු ස්මාරකය රෙජිමේන්තු මධස්ථාන සේනාවිධායක කර්නල් බිපිඑච්එස් මෙන්ඩිස් - ශ්‍රිලයුයුබ සහ 1 වන රෙජිමේන්තු ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්ජීඅයි විදි්‍යානන්ද ඒඒටීඕ - ශ්‍රිලයුයුබගේ ආරාධනයෙන් යුධොපකරණ රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්එම්බිපි රණසිංහ යුඑස්පි විසින් විවෘත කරන ලදී.

1 රෙජි ශ්‍රිලයුයුබ කාර්යයභාරය හා කාර්යයන්

කාර්යයභාරය

යැපෙන්නන් හට වෘත්තීමය වගකීම හා වගකිවයුතු බව සහතික කරමින් අදාළ වගකීම් බලප්‍රදේශයේ සියලුම යැපුම් ඒකක සඳහා සමස්ත යුධොපකරණ කාර්යයන් මඟින් ඵලදායී හා කාර්යක්‍ෂමව යුධොපකරණ සැපයුමක් ලබාදීම.

කාර්යයන්

වගකීම් බලප්‍රදේශය තුළ පිහිටි ආසේමූ/සේමූ/බසේමූ/සියලුම යුද්ධ හමුදා යැපුම් ඒකක වෙත යුධොපකරණ කාර්ය/විෂයය පිළිබඳ උපදෙස් ලබාදීම.

වගකීම් බලප්‍රදේශයට අදාළ වන යැපුම් ඒකකයන් හි මානව සම්පත්, වාහන, යන්ත්‍රඋපකරණ, උපකරණ වැනි දෑ හා අදාළ වන පරිමාණ, කාර්ය මණ්ඩල පිළිබඳව යුධොපකරණ සැපයුම් වලට අදාළ දත්ත හා තොරතුරු නඩත්තුකර පවත්වාගෙන යෑම සහ ඒවා වාර්ෂිකව යාවත්කාලීන කිරීම.

වගකීම් බලප්‍රදේශයේ යැපුම් ඒකක අවස්තාවය මත සියලුම වර්ගයේ යුධොපකරණ බඩු බාහිරාදිය/වාහන (රෙදිපිළි හැර)රාජ්‍ය මූදල් රෙගුලාසි, භාණ්ඩාගාර චක්‍රලේඛන, යුහමු/යුසේඅම උපදෙස් වල නියමයන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු කිරීම, ලබාගැනීම, පරික්‍ෂා කිරීම, ගබඩා කිරීම, ගිණුම් තැබීම, නඩත්තු කිරීම, නිකුත්කිරීම හා ඈවරයක් කිරීම සහ ඊට අදාළ ස්වංක්‍රිය ද්‍රව්‍ය කළමණාකරන පද්ධතිය මනා ලෙස පවත්වාගෙන යාම.

ප්‍රමිතිගත, ගුණාත්මක හා ඵලදායී යුධොපකරණ සැපයුම් ක්‍රමමේදයක් තම වගකීම් බලප්‍රදේශය තුළ පවත්වාගෙන යාම සඳහා තොගයට ලැබෙන සියලුම යුධොපකරණ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් සූක්‍ෂම හා සියුම් පරික්‍ෂණ ක්‍රමමේදයක් අනුගමනය කිරීම මඟින් භාණ්ඩ වල පිළිගත හැකි ප්‍රමිතියක් තහවුරු කිරීම.

ප්‍රදේශීය ප්‍රසම්පාදන කමිටු ක්‍රියාවලියේ දී සියලුම යුධොපකරණ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන කාර්යභාරය ප්‍රදේශීය ප්‍රසම්පාදන කමිටු මාර්ගයෙන් ඉටුකිරීම හා එම ක්‍රියාවලිය තුළ “මුදලට වටිනාකම” සංකල්පය සහ මූල්‍ය කළමණාකරන නියමයන් තහවුරු කරමින් ක්‍රියාකිරීම.

යුධොපකරණ බඩු බාහිරාදිය ප්‍රමිතිගත, ගුණාත්මක හා පිළිගත හැකි ලෙස ඒකක වැඩහල මගින් උචිත පරිදි නිර්මාණය, ප්‍රවර්ධනය, නිෂ්පාදනය, අලුත්වැඩියාව හෝ නවීකරණය සිදුකිරීම සහ ඊට අදාළවන සියලුම අමුද්‍රව්‍යන් නිවැරදි පිළිවෙතට අනුව ගිණුම් තැබීම.

යුද්ධ හමුදා මූලස්ථානයේ ශාඛා/අම යටතේ හා වගකීම් බලප්‍රදේශයේ පාලන භාණ්ඩ ලෙස වර්ගකර ඇති සියලුම භාණ්ඩ සඳහා ප්‍රමාණවත් අතිරේක තොග පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ඊට අදාළ ගිණුම් කටයුතු නිවැරදිව සිදුකිරීම.

වගකීම් බලප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා යැපීම් ආයතනයන් හි වාර්ෂික යුධොපකරණ පරික්‍ෂණ ක්‍රියාවලිය මෙහෙයවීම සහ ඊට අදාළ පරික්‍ෂණ වාර්තා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය/යැපුම් ආයතන වෙත ඉදිරිපත් කිරීම/ප්‍රගති සමාලෝචනය නියමිත කාලසීමාවන්හි දී සිදුකිරීම.

තම අණසක යටතේ පවතින සියලුම ඉයුග/ශ්‍රිලයුයුබ ගබඩා අංශයන්හි යුධොපකරණ බඩු බාහිරාදිය ගිණුම් තැබීම, අධීක්‍ෂණය, පරිපාලනය, ගිණුම් කටයුතු වගකීම හා වගකිවයුතු බව සහිතව සහ උපරිම ඵලදායීතාවයකින් පවත්වාගෙන යාම අධීක්‍ෂණය කිරීම.

වගකීම් බලප්‍රදේශය තුළ පවත්වන සියලුම සමීක්‍ෂණ මණ්ඩල සඳහා කාලානුරූපව අවස්ථාව පරිදි යුධොපකරණ නිලධාරි නියෝජිතයින් නම් කිරීම සහ වගකීම් බලප්‍රදේශයේ ස්ථාපිත ආසේමු/යැපුම් ඒකක සමඟ සම්බන්ධතාවයෙන් පුහුණු ක්‍රියාකාරකම් (දේශන/සම්මන්ත්‍රණ වැනි දෑ) මගින් දැනුවත් කර මග පෙන්වීම.

එදිනෙදා කාර්යයන් ඉටුකිරිමේ දී සිදුකරනු ලබන පුහුණුව ද ඇතුඵව සියලුම ආවේණික යුධොපකරණ වෘත්තීය පුහුණුව හා මග පෙන්වීම් තුළින් වගකීම් බල ප්‍රදේශය තුළ පිහිටි යැපුම් ඒකක කාර්ය මණ්ඩලයන් පුහුණු කරවීම හා එමඟින් ඔවුන් තුළ ඉන් උසස් මට්ටමේ කාර්මික නිපුණතාවයක් තහවුරු කිරීම.

ආසේමූ/යුහමු විසින් දෙන උපදෙස් මත ක්‍රියාත්මක වීම පිණිස වගකීම් බලප්‍රදේශය තුළ ඇතිවන හදිසි/ආපදා තත්වයකදී හමුදාමය/සිවිල් අධිකාරින් වෙත අදාළ යුධොපකරණ සැපයුම් සහාය ලබාදීම පිණිස ක්‍රියාන්විත සූදානමක් පවත්වා ගෙන යාම.

1 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරිවරුන්

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී 1997.02.11 - 1999.11.24
ලුතිතන් කර්නල් සිආර්එස් ප්‍රනාන්දු ඒඒටීඕ 1999.11.24 - 2001.05.09
මේජර් එච්ජීඅයි විදි්‍යානන්ද ඒඒටීඕ 2001.05.10 - 2002.07.30
මේජර් ජිජිඩි ගුණසේකර 2002.07.30 - 2002.09.24
මේජර් එචිජිඅයි විදි්‍යානන්ද ඒඒටීඕ 2002.09.24 - 2003.09.09
මේජර් එස්එච්එම් තිලකරත්න 2004.05.31 - 2005.05.01
ලුතිතන් කර්නල් එස්එච්එම් තිලකරත්න ඒඒටීඕ 2005.05.01 - 2006.11.20
ලුතිතන් කර්නල් ඩබ්ඒපිඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටීඕ 2006.11.20 - 2008.07.31
ලුතිතන් කර්නල් ඩිඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 2008.07.31 - 2009.03.18
කර්නල් ඩිඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 2009.03.18 - 2009.04.20
මේජර් ඒජිසිආර් අමරසිංහ (වැබ) 2009.03.18 - 2009.04.20
ලුතිතන් කර්නල් එම්ආර් වන්නිආරච්චි ඒටීඕ 2009.07.02 - 2010.02.25
මේජර් එම්ඒවි ගුණරත්න (වැබ) 2010.02.25 - 2010.03.18
ලුතිතන් කර්නල් ඊපි හැන්නැදිගේ 2010.03.18 - 2012.04.03
ලුතිතන් කර්නල් සිඑස් දිසානායක ඒටීඕ 2012.04.05 - 2014.08.06
මේජර් ජිටීඑස් සිල්වා එල්එස්සී (වැබ) 2014.08.06 - 2014.09.18
ලුතිතන් කර්නල් ජේඒඑස් විරකෝන් ඒඒටීඕ 2014.09.18 - 2015.11.05
ලුතිතන් කර්නල් ඒජිසිආර් අමරසිංහ 2015.11.05- 2018.03.03
ලුතිතන් කර්නල් ජිටිඑස් සිල්වා ඒටිඔි එල්එස්සි 2018.03.03 - 2019.08.27
ලුතිතන් කර්නල් ජිඒඅයිඑස් නානායක්කාර ඒඒටිඔි 2019.08.27 - 12.08.2021
මේජර් එචිඑමිඑස්එස් බණ්ඩාර යුඑස්පි ඒටිඔි එල්එස්සි 13.08.2021- මේ දක්වා