Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

3 වන රෙජිමේන්තුව, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් ඩබ්ලිව්ඩීපීකේ විතාන පීඑස්සී ඒඒටීඕ

නැගෙනහිර පළාතේ යුධොපකරණ අවශ්්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදීම හා පාලනය යටතේ ඉදිරි යුධොපකරණ ගබඩාව (අම්පාර), ඉදිරි යුධොපකරණ ගබඩාව (ත්‍රිකුණාමලය), ඉදිරි යුධොපකරණ ගබඩාව (මඩකළපුව) හා ශ්‍රිලයුයුබ ගබඩා අංශය (වැලිකන්ද) ස්ථාපිත කර තිබුණි. යුද්ධ හමුදාවේ වි්‍යාප්තියත් සමඟ ක්‍රියාන්විත ප්‍රදේශයන් හි ස්ථානගත ඒකකයන් හි යුධොපකරණ අවස්්‍යතාවයන් සපුරාලීමට පෙරට වඩා කාර්යක්‍ෂමව හා විශාල වශයෙන් සිදූකළ යුතුව තිබූ බැවින් 1991 නොවැම්බර් මස 01 වන දින ඉදිරි මූලික යුධොපකරණ ගබඩාවක් මින්නේරිය 7 ශ්‍රිලකාහ කඳවුරේ ස්ථාපිත කරන ලදී. ඉන් පසු නැගෙනහිර පළාතෙහි පිහිටි සියලුම ඉදිරි යුධොපකරණ ගබඩා සහ ගබඩා අංශයන්හි අණදීම සහ පාලනය ඉදිරි මූලික යුධොපකරණ ගබඩාව (මින්නේරිය) යටතේ සිදූවිය.

1991.11.01 දින සිට 1995.03.18 දින දක්වා ඉමුයුග (මින්නේරිය) හි නිලධාරි අණදෙන්නන් 07 ගේ අණදීම යටතේ ද 1995.03.19 දින සිට 1997.02.23 දින දක්වා 3 සේනාංක යුධොපකරණ ඒකකය වශයෙන් අණදෙන නිලධාරින් දෙදෙනෙකුගේ අණදීම යටතේ ද, 1997.02.24 දින සිට මේ දක්වා 3 වන රෙජිමේන්තු ශ්‍රීලයුයුබ (මින්නේරිය) වශයෙන් අණදෙන නිලධාරි 09 දෙනෙකුගේ අණදීම හා පාලනය යටතේ නැගෙනහිර පළාතේ ස්ථාපිත යුද්ධ හමුදා භටපිරිස්වලට අවස්්‍ය යුධොපකරණ අවස්්‍යතාවයන් නොපමාව සපුරාලීම සිදූකෙරේ. එම නිලධාරින්ගේ නාමලේඛනය පහත සඳහන් පරිදි වේ.

3 වන රෙජිමේන්තුව, යටතේ පාලනය වන ඉදිරි යුධොපකරණ ගබඩා

අ. ඉයුග(ත්‍රීමලේ) - 22 වන සේනාංක මූලස්ථානය එවකට ශ්‍රි ලංකා යුද්ධ හමුදා පුහුණු පාසල වශයෙන් පැවති අතර මෙය 1986.11.07 වන දින ඉදිරි යුධොපකරණ ගබඩාව (ත්‍රිමලේ) ලෙස ස්ථාපිත කර ඇත. එවකට මෙම ගබඩාවේ ප්‍රථම නිලධාරි අණදෙන වශයෙන් නි/50703 මේජර් එස්ටි අබේරත්න (විශ්‍රාමික - මේජර් ජෙනරාල්) රාජකාරි කර ඇත.

ආ. ඉයුග(අම්පාර) - 1990 වර්ෂයේ මඩකළපුව අම්පාර ප්‍රදේශයේ සිදූ කරන ලද කණ්ඩිකුඩිච්චාරු ක්‍රියාන්විතය සඳහා ඉදිරි යුධොපකරණ කණ්ඩායම් බක්මිටියාව, තිරුක්කෝවිල් සහ වෙල්ලාවලි ප්‍රදේශයන් හි ස්ථාපිත කරන ලදී.

ඉදිරි මූලික යුධොපකරණ ගබඩාවක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ රාජකාරි නිලධාරි අණදෙන වරුන්ගේ නාම ලේඛනය

නිලය නම සිට දක්වා
ලුති කර්නල් ආර්එල් සූරියආරච්චි ඒඒටීඕ 1991.11.01 -1992.02.01
කපිතන් එස් වීරක්කොඩි 1992.02.01 -1992.02.20
කපිතන් එස්එම්ඒකේ වනසිංහ 1992.02.20 -1992.08.07 -
ලුතිතන් ඊඩබ්ඒජි ගුණසිංහ 1992.08.07 -1992.09.27-
කපිතන් ඩීඑස්ඒ දෙහිවත්ත 1992.09.27 -1994.03.06
මේජර් ආර්වී උඩවත්ත ඒටීඕ 1994.03.06 -1994.08.07
මේජර් ඩීඑස්ඒ දෙහිවත්ත 1994.08.07 - -1995.03.18-

1995.03.19 දින සිට 3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වශයෙන් නගා සිටුවීමෙන් පසුව පහත දක්වා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරින් අණදෙන නිලධාරින් වශයෙන් කටයුතු කරන ලදී.

නිලය නම සිට දක්වා
ලුති කර්නල් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී 1995.03.19 - 1996.11.30
ලුති කර්නල් සීජිපීවී ද සිල්වා ඒටීඕ 1997.02.23 - 1999.03.11
ලුති කර්නල් එල්එම්එස් චන්ද්‍රසේකර 1999.03.11 - 2000.11.09-
මේජර් බීඑස් විදානගේ 2000.11.09 - - 2003.02.03
මේජර් එස්ඒ ද සී දසනායක 2003.02.03 - 2005.03.23
ලුති කර්නල් එස්ඒ ද සී දසනායක 2005.03.23 - 2005.10.20
මේජර් එස් නිලවීර 2005.10.20 -- 2005.12.09
ලුති කර්නල් එස් නිලවීර 2005.12.09 - 2008.01.07
මේජර් එස් නිලවීර 2005.10.20 -- 2005.12.09
ලුති කර්නල්- සීයූ මාරසිංහ 2008.01.07 2009.11.02
ලුති කර්නල් ඒඑන් අමරසේකර ආර්එස්පී ඒටීඕ 2009.11.02 - 2011.03.08
මේජර් ඒඩීජේඒ පෙරේරා ඒඒටීඕ (අධීක්‍ෂණ) 2011.03.08 - 2011.05.25
ලුති කර්නල් ජීඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ 2011.05.25 - 2014.04.11
ලුති කර්නල් ජියූඑස් ද එස් ගුණවර්ධන 2014.04.11 - 2015.11.05
ලුති කර්නල් එමිඒවි ගුණරත්ත යුඑස්පි ඒටිඔි 2015.11.05 - 2017.12.26
ලුති කර්නල් ආර්ඒපිඒබි දිසානායක ඒඒටිඕ 2017.12.26 -2020.01.01
ලුති කර්නල් ඩබිඑස්ඩි ප්‍රනාන්දු ඒටිඔි එල්එස්සි 2020.01.01 - 2022.03.04
මේජර් ඩබ්ලිව්ඩීපීකේ විතාන පීඑස්සී ඒඒටීඕ 2022.03.04 - මේ දක්වා