Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

6 වන රෙජිමේන්තුව, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටිඔි එල්එස්සී

වන්නි මානුෂීය මෙහෙයුමෙන් පසු මුඵ උතුරු ප්‍රදේශම එල්ටිටිඊ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් පසු ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මෙම ප්‍රදේශය පුරාම රාජකාරි කරනු ලබන නිලධාරි/භටපිරිස් වලට අවස්්‍ය යුධොපකරණ භාණ්ඩ 2 රෙජි ශ්‍රිලයුයුබ වෙතින් සැපයුම් කරන ලදී. එහෙත් 2 රෙජි ශ්‍රිලයුයුබ මගින් ගිණුම් කටයුතු සිදූ කිරිමේදී දුර ප්‍රමාණය සහ අපහසුතාවය දැඩි ලෙස කිලිනොච්චී ප්‍රදේශයෙහි පිහිටා ඇති සේමූ/බසේමූ සහ පුපා වෙත බලපෑම හේතුවෙන් එයට පිළියමක් වශයෙන් යුහමු උපදෙස් පරිදි යුසේඅම හා රෙම ශ්‍රිලයුයුබ මග පෙන්විම මත ක්‍රියාන්විත ප්‍රදේශයේ යුධොපකරණ අවස්්‍යතාවයන් සේමු හා බසේමු වෙත යාකර සිටි ඉදිරි යුධොපකරණ ඛණ්ඩයන්ට අයත් භටපිරිස් ඉන් මුදවා හැර ඉනපෙ(කිලි) වෙත ඇතුලත් කරන ලදී.

ඉනපෙ(කිලි) යටතේ සිටින භටපිරිස්වලට ආඥාපති බ්‍රිගේඩියර් එම්ඉසෙඞ්ආර් සලේ යූඑස්පී ශ්‍රිලයුයුබගේ නායකත්වය යටතේ 57 වන සේනාංකයේ ස්ථානගතව සිටි නි/66201 ලුතිතන් කේඑච්ඩිඑම් මහේෂ් ශ්‍රිලයුයුබ නිලධාරිගේ මග පෙන්විම යටතේ කිලිනොච්චීය භාරතීපුරම් ප්‍රදේශයේ භාරතීපුරම් දමිළ විද්‍යාලය ඉදිරිපිට පිහිටි අක්කර 05 ක පමණ භුමී භාගයක නිඅභපි - ශ්‍රිලයුයුබ ස්ථාපනය කරන ලදී. මෙම භුමී භාගය එල්ටිටිඊ ත්‍රස්තවාදීන් විසින් මහවිරු පවුල් සඳහා නිවාස ඉඳිකර තිබූ භූමියක් වන අතර, වහල සහ දොර ජනෙල් කැඩිගිය බිත්ති හතර පමණක් ඉතිරිව තිබූ නිවාස 06 ක් පමණ සහ ඝණ කැලෑවෙන් වට වි තිබුණ ප්‍රදේශය ඉතා කෙටි කාලයක් තුළ ශුද්ධ පවිත්‍ර කර හා සියලුම නිලයින්ගේ සාමූහික උත්සාහයෙන් 2009.10.04 වන දින 58 වන සේනාංකයේ කර්නල් පාලන භකාස තනතුර දරමින් සිටි කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ විසින් සුභ මොහොතින් විවෘත කරන ලදී.

2010 ජනවාරි 31 වන දින නිඅභපි ශ්‍රිලයුයුබ ප්‍රථම නිඅ වශයෙන් ඒජිසීආර් අමරසිංහ - ශ්‍රිලයුයුබ පත්කරන ලද අතර, 2010 මැයි 07 වන දින එම තනතුරේ රාජකාරි ලුතිනන් කර්නල් ජේ රණහේවා - ශ්‍රිලයුයුබ විසින් වැඩ භාරගන්නා ලදී. මෙතෙක් නිඅභපි වශයෙන් ආසේමු(කිලි) බළප්‍රදේශයට යුධොපකරණ අවස්්‍යතා සපුරාලු මෙම ඒකකය ARO 113/2009 හා 2009.12.24 දිනැති යුහමු ලිපිය මගින් 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද හමුදා යුධොපකරණ බලකාය ලෙස නගාසිටුවිම සඳහා අනුමැතිය ලබාදී ඇත. එවකට ශ්‍රිලයුයුබ ඒකකයේ කර්නල් සේනාවිධායක වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් එම්ඉසෙඞ්ආර් සලේ යුඑස්පි විසින් 2010.06.09 දින 6 වන රෙජිමේන්තුව ශ්‍රිලයුයුබ, වශයෙන් ප්‍රතිස්ථාපනය කරන ලදී.

6 රෙජි ශ්‍රිලයුයුබ ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරියා වශයෙන් ලුතිනන් කර්නල් ජේ රණහේවා ඒටිඕ රාජකාරි කළ අතර එවකට 6 රෙජි ශ්‍රිලයුයුබ සිටි නිලධාරින්ගේ සහ සියලු භටපිරිස් හි දැඩි උනන්දූව සහ කැපවිමේ ප්‍රතිඵලයක් වශයෙන් 2011.06.07 වන දින ප්‍රදේශීය ආරක්‍ෂක මූලස්ථානය කිලිනොච්චි කොකාවිල් යන ස්ථානයේ 6 රෙජි ශ්‍රිලයුයුබ නව කඳවුර ස්ථාපනය කරන ලදී.

මෙම ඒකකය ස්ථාපිත කිරිමෙන් පසු අඩුපාඩුවක් වශයෙන් තිබූ බනි/සැර නිවස්නය 2011.08.15 දින ද, පුස්තකාලය 2012.11.14 වන දින ද එවකට යුසේඅ වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් ආර්වි උඩවත්ත පීඑස්සී ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී.

ඒකක ප්‍රධාන පිවිසුම් දොරටුව ඒකකයේ සියලු නිලධාරි/සෙසුනිලයින්ගේ ශ්‍රමදායකත්වය මත ඉතා උසස් අන්දමින් ඉඳිකරන 2014.04.12 වන දින ද, ඒකකයට විශාල අඩුපාඩුවක්ව පැවති සරඹ භූමිය ද නවතමයෙන් ඉඳිකරන 2014.06.07 වන දින පැවති ඒකක සංවත්සරයට සමඟාමිව එවකට අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ලුතිතන් කර්නල් ජේඑස් විරකෝන් ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදී.

නිඅභපි 6 රෙජි ශ්‍රිලයුයුබ - නිලධාරි අණදෙන

නිලය නම සිට දක්වා
මේජර් ඒජිසීආර් අමරසිංහ ශ්‍රීලයුයුබ 2010.01.31 - 2010.05.07

2010.01.31 දින සිට නිඅභනි 6 රෙජි ශ්‍රිලයුයුබ වශයෙන් නම් කර තිබූ ඒකකය 6 රෙජි ශ්‍රිලයුයුබ වශයෙන් නම් කිරිමෙන් පසු මෙම ඒකකය පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් අණදෙන නිලධාරිවරුන් වශයෙන් රාජකාරි ඉටු කර ඇත.

6 රෙජි ශ්‍රිලයුයුබ, අණදෙන නිලධාරිවරුන්

නිලය නම සිට දක්වා
ලුතිනන් කර්නල් ජේ රණහේවා ඒටීඕ 2010.05.07 - 2013.03.24
මේජර් ඩිඑම්විවි දිසානායක ඒටීඕ (වැ.බ) 2013.03.24 - 2013.05.03
ලුතිනන් කර්නල් ජේඑස් විරකෝන් ඒඒටීඕ 2013.05.03 - 2014.09.10
ලුතිනන් කර්නල් කේඑම්ඒඩබ්කේ පෙරේරා ඒඒටීඕ 2014.09.10 - 2016.09.13
ලුතිනන් කර්නල් විඩි වරුෂවිතාන ඒටිඔි 2016.09.13 - 2018.09.27
ලුතිනන් කර්නල් එන්අයිආර් සිල්වා ඒටිඔි 2018.09.27 - 2020.11.01
ලුතිතන් කර්නල් පිඑචිඑස්එන්කේ පැස්කුවල් යුඑස්පි එටිඔි එල්එස්සි 2020.11.01 - 24.08.2022
මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටිඔි එල්එස්සී 24.08.2022 - මෙිදක්වා