Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

යුධොපකරන කර්මාන්ත ශාලාව

යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම

යුද්ධ හමුදාව පුඵල් වීමත් සමඟම යුධොපකරණ කර්මාන්ත ශාලාව 2014.09.01 වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ආර්එම්ඩි රත්නායක ඩබ්ඩබ්වි ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී විසින් උත්සවාකාරයෙන් දොඹගොඩ හමුදා කඳවුරු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

මෙම යුධොපකරණ කර්මාන්ත ශාලාව තුළ යකඩ ඇඳන් නිෂ්පාදනය, කල්දේරම් නිෂ්පාදනය, උපකරණ අලුත්වැඩියාව, මුද්‍රණ කටයුතු ආදී ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නියමිිත අතර වත්මන්ව යකඩ ඇඳන් ව්‍යාපෘතිය පමණක් ආරම්භ කර ඇත.

නවතමයෙන් ස්ථාපිත මෙම යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ ප්‍රථම සේනාවිධායක ලෙස කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියා කරන අතර කර්මාන්ත ශාලාව සඳහා නිලධාරින් හා සෙසුනිලයින් අනුමත සංස්ථාව මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

මෙම කර්මාන්ත ශාලාව ආරම්භයෙන් පසු නිෂ්පාදනය කරන ලද පළමු යකඩ ඇඳන් 500 ක ප්‍රමාණය යුද්ධ හමුදාවේ පාවිච්චිය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ආර්එම්ඩි රත්නායක ඩබ්ඩබ්වි ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී වෙත 2014.09.19 වන දින පිළිගන්වනු ලැබීය.

යුධෝපකරන කර්මාන්ත ශාලාවෙහි අණදෙන නිළධාරින්

නිලය නම සිට දක්වා
බ්‍රිගේඩියර් එච්එල් ගුරුගේ ඒඒටීඕ 2014.09.01 2018.01.25
බ්‍රිගේඩියර් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පි 2018.02.16 2019.08.22
බ්‍රිගේඩියර් ජේපිඑචි ගමගේ යුඑස්පි ඒඒටිඔි 2020.01.08 2020.09.10
ලුතිතන් කර්නල් ඩබිකේඑස්පි වලකන්ද යුඑස්පි ඒටිඔි එල්එස්සි 2020.10.03 2023.01.10
බ්‍රිගේඩියර් බීආර්ඒ ජයරත්න යුඑස්පි ඒටිඔි 2023.01.11 මෙිදත්වා