Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් පීඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී

1985.02.18 දින සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුර තුළ ගබඩා අංශයක් වශයෙන් පළමු වරට ආරම්භ කරන ලදී. පසුව ඉදිරි මුලික යුධොපකරණ ගබඩාවක් (ඉමුයුග) වශයෙන් ස්ථාපිත කර ඇත. අනතුරුව 1991.11.01 දින 2 වන සේනාංකය ශ්‍රිලයුයුබ වශයෙන් ස්ථාපිත කරන ලදී. එහි පළමු අණදෙන නිලධාරි වශයෙන් නි/50632 ලුතිනන් කර්නල් එම්එල් ජයරත්න ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි කරන ලදී. එම කාල වකවානුව තුළ මඩකළපුව, පොළොන්නරුව, අනුරාධපුරය හා වන්නි යන දිස්ත්‍රික්කවල පිහිටි යුධ හමුදා කඳවුරු වෙත අවස්්‍ය යුධොපකරණ භාණ්ඩ සැපයීම 2 වන සේනාංකය ශ්‍රිලයුයුබ වෙතින් සිදුකරන ලදී. විශේෂයෙන්ම හයේ පහර, වන්නි වික්‍රම 1,2,3,4,5, බලවේගය හා එඩිබල යන ක්‍රියාන්විතයන් සඳහා අවස්්‍ය යුධොපකරණ භාණ්ඩ සැපයීම මෙම ඒකකය විසින් සිදූකරන ලදී. ඉහත සඳහන් කළ ක්‍රියාන්විත සඳහා ඇවැසි යුධොපකරණ භාණ්ඩ සැපයීම අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි කළ නි/50632 ලුතිතන් කර්නල් එම්එල් ජයරත්න ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයෙන් සිදූකරන ලදී.

2 වන සේනාංකය ශ්‍රිලයුයුබ වෙතින් ඉයුග(වන්නි), ඉයුග(මන්නාරම), ඉයුග(යාපනය)ද යාප්‍ර 1 ගබඩාව, යාප්‍ර 11 ගබඩාවන් ගබඩා අංශය - සාලියපුර වෙතින්ද පාලනය කරන ලදී. සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුර තුළ ගබඩා අංශයක් වශයෙන් පවතින කල්හි පහත නිලධාරින් නිලධාරි අණදෙන වශයෙන් සේවය කරන ලදී.

නිලය නම සිට දක්වා
කපිතන් ඩිපි දිසානායක 1985.02.18 - 1986.03.13
ලුති(උපා) එස් නාරංගොඩ 1986.03.13 - 1987.04.27
මේජර් ආර්එන්කේඊ ගුණතිලක 1987.04.27 - 1988.04.01
කපිතන් එන්ඩි නිකහැටිය 1988.04.01 - 1988.07.01
කපිතන් පි රවින්ද්‍රන් 1988.06.20 - 1989.07.23
කපිතන් ආර්වි උඩවත්ත 1989.07.03 - 1990.04.17
කපිතන් එස්ඩිකේ විජේසේකර 1990.08.12 - 1992.02.24
කපිතන් බිඑස් විදනගේ 1990.04.05 - 1990.08.25

2 වන සේනාංක යුධොපකරණ ඒකකයක් වශයෙන් රණසේවාපුර අනුරාධපුර හිදී 1991.11.01 දින අණදෙන නිලධාරි නි/50632 ලුතිතන් කර්නල් එම්එල් ජයරත්න ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයෙන් පිහිටුවන ලද අතර, 1997.02.19 වන දින 2 රෙජි ශ්‍රිලයුයුබ වශයෙන් නැවත ස්ථාපිත කරන ලදී.

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් එම්එල් ජයරත්න ඒටීඕ 1991.02.26 - 1993.12.30
ලුතිතන් කර්නල් එස්ටි අබේරත්න 1993.12.30 - 1994.06.24
මේජර් එන්බි නිකහැටිය ඒටීඕ 1994.06.24 - 1994.07.01
ලුතිතන් කර්නල් එන්බි නිකහැටිය ඒටීඕ 1994.07.01 - 1996.11.01
මේජර් එස්එම්ඒකේ වනසිංහ ඒටීඕ 1996.11.01- 1997.02.13
ලුතිතන් කර්නල් බිපීඑච්එස් මෙන්ඩිස් 1997.02.13- 1998.04.03

ඉහත අණදෙන නිලධාරිවරුන් සේවය කළ කාලය තුළ මෙම ඒකකය යටතේ උතුරුමැද හා උතුරු ප්‍රදේශයන් හි ස්ථානගත සියලුම බළසේනා/මූලස්ථාන/ඒකක හා පුහුණු මධ්‍යස්ථානවල යුධොපකරණ අවස්තාවයන් සපුරාලීමේදී පහත සඳහන් ඉදිරි යුධොපකරණ ගබඩාවන් ද මෙම ඒකකය යටතේ කාර්මික කටයුතු ඉටුකරන ලදී.

ඉයුග (යාපනය)
ඉයුග (මන්නාරම)
ඉයුග (වව්නියාව)
ඉයුග (වැලිඔය)
ඉයුග (අලිමංකඩ)

1997.02.13 දින සිට සිව්වැනි අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් බිපීඑච්එස් මෙන්ඩිස් ශ්‍රිලයුයුබ රාජකාරි ඉටු කරන ලද අතර, එම කාල පරිච්ඡේදය තුළ එනම් 1997.02.19 වන දින මෙම ඒකකය 2 රෙජි ශ්‍රිලයුයුබ වශයෙන් සංශෝධනය විය. රිවිරැස ක්‍රියාන්විතයෙන් පසුව ඉයුග(යාපනය) හා ඉයුග(අලිමංකඩ) කාර්මික කටයුතු සිදුකිරීම මෙම ඒකකයෙන් ඉවත් වි රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රිලයුයුබ විසින් සිදුකරන ලදී.

බටලන්ද විද්‍යාපීඨ නිලධාරින් සඳහා ඕමන්තෙයි ප්‍රදේශයේ 2004.06.18 වන දින සිට ”සේනාංක පාලන ප්‍රදේශ” (Div Administation Area) බලසේනා පාලන ප්‍රදේශ” (Bde Administration Area) නිදර්ශන කඳවුරු බැඳීම එවකට 2 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරි තනතුර හෙබවූ මේජර් එච්එම්යුබී හේරත් ආර්එස්පී ඒඒටීඕ එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ආරම්භ විය.

ක්‍රියාන්විත සඳහා දායකත්වය සපයන අතරතුර සෙනීන්ගේ සුභ සාධනය වෙනුවෙන් නි/60493 ලුතිතන් කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි වශයෙන් කටයුතුකළ කාලවකවානුව තුළදී පහත සඳහන් ඒකක සංවර්ධිත හා සුභසාධන කටයුතු ද සිදුකරන ලදී.

අ. අනාරක්‍ෂිතව තිබූ කඳවුරු වැට ඉවත්කර ආරක්‍ෂිත තාප්පය ස්ථාපිත කිරීම.

ආ. කැලිප්සෝ හා පර්ල් රික්ෂෝ සංගිත කණ්ඩායම් ස්ථාපිත කිරීම.

ඇ. 21 සේමු යටතේ ඇති විවාහක නිවාසයක් මෙම ඒකකය වෙත පවරා ගෙන 2006.04.05 දින සෙසු නිල නිවාඩු නිකේතනයක් ස්ථාපිත කිරීම.

ඈ. 2005.08.20 දින සෙසුනිල භෝජනාගාරය, 2005.10.07 දින කොනොනි සමාජශාලාව, 2007.06.05 දින බනි/සැරයන් නිවස්නය, මුලුතැන්ගෙය සඳහා ගෑස් වලින් ක්‍රියා කරන බේකරි උඳුනක් හා ඊට අදාළ උපකරණ සමඟ මිළදීගෙන ලබාදීම මෙන්ම සරඹ භූමිය සකස් කිරීමද සිදුකරන ලදී.

ඉ. කඩවත රණවිරු ඇපරල් සමාගම වෙතින් ඉවත් කරන ලද රෙදි උපයෝගි කරගෙන කොටකළිසම්, තොප්පි හා ප්ලැට් ජැකට් නිෂ්පාදනය කිරිමේ වයපෘතියක් ද ආරම්භ කරන ලදී.

ඊ. හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා සහභාගි වන සෙනින්ගේ ප්‍රයෝජනය සඳහා අවස්ය යකඩ ඇදන් ග: 300 ක ප්‍රමාණයක් පළමු වරට නිෂ්පාදනය කිරීම එවකට සිටි අණදෙන නිලධාරි වශයෙන් රාජකාරිකළ ලුතිතන් කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ සිදුකරන ලදී.

දශක 03 ක පමණ කාලයක් පැවති යුද්ධයේ වැඩි කාලසීමාවක් සඳහා වන්නි බල ප්‍රදේශය තුළ පැවති සියඵ මෙහෙයුම් වෙනුවෙන් 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණය බලකාය ඉදිරි යුධොපකරණ ගබඩා 03 ක් සහ ශ්‍රිලයුයුබ ගබඩා අංශයක් ද සමඟින් සක්‍රිය දායකත්වයක් ලබා දී ඇත.

අවසන් වරට ක්‍රියාත්මක කරන ලද නැගෙනහිර ක්‍රියාන්විතයට සහ වන්නි මානුෂිය මෙහෙයුමට අවස්්‍ය සියලුම යුධොපකරණ භාණ්ඩ සැපයිම මෙම ඒකකය වෙතින් සිදුකරන ලදී.

දැනට මෙම ඒකකය ඉනපෙ(උ/මැ) යටතේ ස්වාධීන ඒකකයක් වශයෙන් පාලන හා කාර්මික රාජකාරින් ඉටුකරනු ලබන අතර, ඒකකයේ සිටින නිලධාරි/සෙසුනිල සංඛණ්‍යවෙන් අසේමු(වන්නි), 21 සේමු, 56 සේමු, 57 සේමු, 58 සේමු, 59 සේමු, 2 කාසේමු, 3 කාසේමු, 4 කාසේමු, 5 කාසේමු, 6 කාසේමු, 8 කාසේමු වලට අයත් බසේමු/ඒකක වෙත අවැසි යුධොපකරණ භාණ්ඩ ලබාදීම මෙන්ම පතුරොම්/වෙඩිද්‍රව්‍ය ඉදිරි ප්‍රවාහනය කිරිමෙන් විශාල කාර්යභාරයක් ඉටුකරමින් වන්නි මානුෂීය මෙහෙයුම සාර්ථක කරගැනීමට නිලධාරි/සෙසුනිලයින් විසින් විශාල දායකත්වයක් ලබාදීමෙන් මෙම ඒකකයට විශාල ගෞරවයක් ගෙනදීමට කටයුතු සිදූකර ඇත.

වර්තමානයේදී නිලධාරි/සෙසුනිල නිවාඩු නිකේතන සහ සුභසාධක වෙළදසැල පිහිටුවා මෙම ඒකකයේ නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් 2 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරි වරුන් විසින් මේ දක්වා කටයුතු සිදූකර ඇත.

2 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරිවරුන්

නිලය නම සිට දක්වා
මේජර් එච්එම්යුබී හේරත් ආර්එස්පි ඒඒටිඕ 1998.04.03 - 1998.05.01
මේජර් සිආර්එස් ප්‍රනාන්දු ඒඒටිඕ 1998.05.01 - 1999.02.23
ලුතිතන් කර්නල් සිආර්එස් ප්‍රනාන්දු ඒඒටිඕ 1999.02.23 - 1999.11.16
මේජර් ටිඑම්එස්එච්බි මඩුගල්ල 1999.11.16 - - 2000.07.01
ලුතිතන් කර්නල් ටිඑම්එස්එච්බි මඩුගල්ල 2000.07.01 - 2001.02.27
මේජර් ජිජිඩි ගුණසේකර 2001.02.27 - 2001.11.09
මේජර් ජේඒඩිපි ජයතිලක ඒටිඕ 2001.11.09 - 2002.12.23
මේජර් එච්එම්යුබී හේරත් ආර්එස්පි ඒඒටිඕ එල්එස්සි 2002.12.23 - 2005.02.08
ලුතිතන් කර්නල් එච්එම්යුබී හේරත් ආර්එස්පි ඒඒටිඕ එල්එස්සි 2005.02.08 - 2005.06.06
මේජර් එච්එල් ගුරුගේ 2005.06.06 - 2005.08.08
ලුතිතන් කර්නල් එච්එල් ගුරුගේ 2005.08.08 - 2007.09.17
ලුතිතන් කර්නල් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ 2007.09.17 - 2008.10.30
මේජර් ආර්ඒපිඑබී දිසානායක (වැබ) 2008.10.30 - 2008.12.10
මේජර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ 2008.12.10 - 2009.02.04
ලුතිතන් කර්නල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ 2009.02.04 - 2009.08.10
ලුතිතන් කර්නල් එස්එන්ඒ දිසානායක ඒටිඕ 2009.08.10 - 2011.09.26
ලුතිතන් කර්නල් ජේපීඑච් ගමගේ ඒඒටිඕ 2013.11.12 2013.12.04
මේජර් ඒඩීජේඒ පෙරේරා ඒඒටිඕ (වැබ) 2013.12.04 - 2014.01.08
ලුතිතන් කර්නල් ඩබිඑමිඑස්එන් විජේකෝන් ඒඒටිඕ 2014.01.08 - 2016.03.21
ලුතිතන් කර්නල් ඩිඑමිවිවි දිසානායක ඒටිඕ 2016.03.21 - 2018.06.19
ලුතිතන් කර්නල් සිටි සිරිවර්ධන ඒඒටිඔි එල්එස්සි 2018.06.19 - 2020.01.06
ලුතිතන් කර්නල් ඊඑමිටිපිජිඩබිකේ එකනායක යුඑස්පි ඒටිඔි 2020.01.06 - 2022.06.06
මේජර් පීඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී 2022.06.06 - මේ දක්වා