Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

යුධෝපකරන පුහුණු පාසල

යුධොපකරණ පුහුණු පාසල ඉතිහාසය

වර්ෂ 1990 අග භාගයේ දී එල්ටිටිඊ ත්‍රස්තවාදීන් විසින් “පාසිලාන් 2000” යනුවෙන් මෝටාර් විදිනයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කර ශ්‍රි ලංකා සන්නද්ධ හමුදාවලට එරෙහිව භාවිතා කරන ලදී. මෙම අවිය මගින් කි:ග්‍රෑම් 50 ක් පමණ බර වූ බෝම්බ විශේෂයක් මීටර් 500 ක් පමණ දුරවිදීමට හැකියාව තිබුණි. මෙම අවිය උපයෝගී කර ගනිමින් ත්‍රස්තවාදීන් විසින් මුලතිව්, සිලාවතුර හා කරෙයිනගර් නාවික කඳවුර වෙත ද ප්‍රහාර එල්ල කරන ලදී.

මෙම ප්‍රහාරයන් මැඩපැවැත්වීම සඳහා සතුරාට එරෙහිව අනතුරක් සිදුකළ හැකි බෝම්බ විදිනයක් හා බෝම්බයක් නිපදවීමට ඇති හැකියාව සොයා බලන ලෙස එවකට 2 සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් ඩිඑල් කොබ්බෑකඩුව විසින් පවරන ලදුව එවකට ලුතිතන් කර්නල් ඩිඑස්ජි කෙම්පිටිය ඒටීඕ (විශ්‍රාමිකව සිට මියගිය බ්‍රිගේඩියර් ඩිඑස්ජි කෙම්පිටිය යුඑස්පී ඒටීඕ) සහ සාලියපුර ශ්‍රිලවියාඉ මුලික වැඩපලේ එවකට අණදෙන නිලධාරිව සිටි ලුතිතන් කර්නල් එම්ආර්ජි පියසෝම (දැනට විශ්‍රාමික) නිලධාරිගේ ද සහය ඇතුව අඩී 08 ක් දිග ට්‍රැක්ටර් ට්‍රෙිලරයක් මත සවි කරන ලද විෂ්කම්භය අඟල් 08 ක් වු මෝටාර් විදිනයක් සහ මුඵ බර කි:ග්‍රෑ 15 ක් වු මීටර් 800 දුර විදීමට හැකි බෝම්බයක් නිෂ්පාදනය කරන ලදී. එම මෝටාර් විදිනය සහ බෝම්බය නිෂ්පාදනය සඳහා දායක වූ ඉහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනා අනුස්මරණය කිරීම සඳහා ඔවුන්ගේ නම්වල මුල් අකුරු දෙක යොදා ගනිමින“කෙම්පියා” ලෙස නම් කරන ලදී.

මෙම පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1992 වු ජුනි මස 12 වන දින ආරම්භ කරන ලද යුධොපකරණ කර්මාන්ත ශාලාව දොඹගොඩ ස්ථාපනය කිරීමට මූලකව කටයුතු කරන ලද්දේ බ්‍රිගේඩියර් ඩිඑස්ජි කෙම්පිටිය යූඑස්පී ඒටීඕ විසිනි. එතුමා ඇතුඵ නිලධාරි 01, බළලත් නිලධාරි 01, කොනොනි 05 ක් සහ සාසෙ 09 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ වී ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පහත සඳහන් අවි සහ බෝම්බ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙම කාර්මාන්ත ශාලාව තුළදී නිෂ්පාදනය කර ඇත.

අ. මිමි 198 කේ 08 මෝටාර් විදින ගණනින් 04
ආ. මිමි 99 කේ 04 මෝටාර් විදින (බැරල් 05) ගණනින් 01

මෙලෙස යුධොපකරණ කර්මාන්ත ශාලාවක් වශයෙන් ඇරඹි මෙම කඳවුර ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ විශාල පෙරළියක් ඇති කරමින් යුධ අවි සහ උණ්ඩ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. ශ්‍රි ලංකාවේ මෑත ඉතිහාසයේ යුධ අවි නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වන අතර එය යුධොපකරණ බලකායේ සාමාජිකයන් වශයෙන් අපහට ඉමහත් අභිමානයක් ගෙනදෙන ලදී. මූලිකව නිෂ්පාදනය කරන ලද බර අවි වන කේ. 08 (කෙම්පියා) අවි සහ ඊට අදාළ උණ්ඩ වත්මන්ව භාවිතා නොවේ. ඊට අමතරව ෙට්‍රිප්ෆ්ලෙයාර්ස් ව්‍යාපෘතියද සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. එවකට සිටි යුද්ධ හමුදාවේ ෙජ්්‍යෂ්ඨ නිලධාරින්ගේ දැච් අවධානයට යොමුව තිබූ මෙම කර්මාන්ත ශාලාව අවස්ථාවන් ගණනාවක දී ඔවුන්ගේ නිරික්‍ෂණයන චාරිකාවන්ට ලක්විය. අදට ද මෙම රෙජිමේන්තු භූමියේ ඉදිරිපස එම අවි නැගී සිටින්නේ තම ප්‍රතාපවත් බව කියාපාමිනි.

වර්ෂ 1993 පෙබරවාරි මස 12 දින සිට නිලධාරි අණදෙන වරයෙකු යටතේ පාලනය වනු ලැබූ මෙම කඳවුරෙහි මුල්ම නිලධාරි අණදෙන වශයෙන් කටයුතු කරන ලද්දේ කපිතන් එච්එල් ගුරුගේ ශ්‍රිලයුයුබ වේ. එතැන් පටන් නිලධාරි අණදෙනවරුන් සතර දෙනෙකු යටතේ පාලනය වි ඇති මෙම කඳවුර 1997 ජනවාරි මස 16 දින සිට අණදෙන නිලධාරි වරයෙකු යටතේ පාලනය වනු ලැබූ අතර, ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් මේජර් ටිඑම්එස්එච්බි මඩුගල්ල ශ්‍රිලයුයුබ (විශ්‍රාමික ලුතිතන් කර්නල්) කටයුතු කරන ලදී. එතැන් පටන් අණදෙන නිලධාරින් තිදෙනෙකු යටතේ පාලනය වනු ලැබූ මෙම කඳවුර 1999 ජුනි මස 01 දින සිට සේනාවිධායකවරයෙකු යටතේ පාලන වනු ලැබූ අතර, ඒ සඳහා ද මුලිකත්වය ගන්නා ලද්දේ එවකට ලුතිතන් කර්නල් එන්බී නිකහැටිය ඒටීඕ ශ්‍රියුයුබ (විශ්‍රාමික කර්නල්) වේ. එතැන් පටන් මේ දක්වා සේනාවිධායකවරුන්, කාර්ය නියුක්ත සේනාවිධායකවරුන් සහ වැඩ බලන සේනාවිධායකවරුන් සිටී.

වර්ෂ 1991 දී ලුතිතන් කර්නල් ජේපීඒ ජයවර්ධන - ශ්‍රිලයුයුබගේ (විශ්‍රාමික බ්‍රිගේඩියර්) ඇරයුමින් 1 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේආර්එස් ද සිල්වා (විශ්‍රාමික) විසින් පනාගොඩ දී ආරම්භ කරන ලද යුධොපකරණ පුහුණු පාසැල වර්ෂ 1995.05.20 දින දොඹගොඩ කර්මාන්ත ශාලාව පිහිටි භූමියේ ස්ථාපනය කර ඇත.

මෙලෙස වසර 18 ක සාඩම්බර ඉතිහාසයක පියසටහන් අතර, පුහුණු පාසැල ඉහළම ස්ථානයක් කරා ළඟා කරවීම සඳහා දායකත්වය සැපයූ සියලුම දෙනාගේ දැඩි කැපවීම හේතුවෙන් අද යුද්ධ හමුදා පුහුණු පාසැල් අතර පරිණත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් සියලු ඒකක ඇතුළත්වන පරිදි උපකරණ පාලන නිලධාරි පාඨමාලා, උපකරණ පාලක සැරයන් මේජර් පාඨමාලා, ගබඩාකරු සහ වෙඩිදුව්‍ය ගබඩාකරු පාඨමාලා, මැහුම් පාඨමාලා, මෙන්ම ආධුනික පාඨමාලාවන් ද විශාල සංඛ්‍යාවක් පවත්වමින් විශේෂ ස්ථානයක් හිමි කරගැනීමට සමත්ව ඇත. මීට අමතර ව විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුහුණු කිරිමේ පාඨමාලා සාර්ථක ලෙස නිමකරමින් ඔවුන් අතරේද විශිෂ්ට ස්ථානයක් හිමි කර ගෙන සිටි.

යුධෝපකරන පුහුණු පාසලෙහි අණදෙන නිළධාරින්

නිලය නම සිට දක්වා
මේජර් සීආර්එස් ප්‍රනාන්දු 06.04.1998 08.05.1998
මේජර් ඩීඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 20.07.1998 25.02.1999
ලුතිතන් කර්නල් එන්බී නිකහෙටිය ඒටීඕ 01.06.1999 08.03.2000
මේජර් ඩීඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 08.03.2000 21.05.2001
මේජර් එච්එම්යුබී හේරත් ආර්එස්පී ඒඒටීඕ එල්එස්සී 17.01.2000 04.04.2002
මේජර් ඒඑස් අමරසිංහ ඒඒටීඕ 28.12.2000 26.09.2002
මේජර් සීයු මාරසිංහ 12.04.2002 19.06.2002
මේජර් ඒඑස් අමරසිංහ ඒඒටීඕ 19.06.2002 20.05.2003
මේජර් එච්එල් ගුරුගේ ඒඒටීඕ 20.05.2003 07.09.2003

යුද්ධ හමුදා යුධොපකරණ පුහුණු පාසැලේ සේනාවිධායකවරු

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් ටිඑම්එස්එච්බි මඩුගල්ල 2003.09.07 - 2004.11.08
මේජර් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටීඕ එල්එස්සී 2004.11.08 - 2004.12.01
ලුතිතන් කර්නල් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටීඕ එල්එස්සි 2004.12.01 - 2006.01.07
ලුතිතන් කර්නල් එස්එච්එම් තිලකරත්න ඒඒටීඕ 2006.01.27 - 2006.06.21
ලුතිතන් කර්නල් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටීඕ 2006.06.21 - 2007.09.13
ලුතිතන් කර්නල් එච්එල් ගුරුගේ ඒඒටීඕ 2007.09.13 - 2008.07.29
මේජර් එල්එස්එම් විතානගේ (වැ:බ) 2008.07.29 - 2008.09.04
මේජර් ආර්එල්සි ප්‍රනාන්දු 2008.09.04 - 2008.12.06
මේජර් එල්එස්එම් විතානගේ (වැ:බ) 2008.12.06 - 2009.01.24
මේජර් ඊපි හැන්නැදිගේ 2009.01.24 - 2009.02.06
ලුතිතන් කර්නල් ඊපි හැන්නැදිගේ 2009.02.06 - 2010.03.09
ලුතිතන් කර්නල් ජීඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ 2010.03.19 - 2011.05.23
ලුතිතන් කර්නල් ඊඑම්එම් ප්‍රනාන්දු ඒඒටීඕ එල්එස්සී 2011.05.23 - 2011.09.27
ලුතිතන් කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ 2011.09.27 - 2012.05.09
ලුතිතන් කර්නල් ඩබ්එම්එස්එන් විජේකෝන් ඒඒටීඕ 2012.05.09 - 2014.01.08
කර්නල් ජේපීඑච් ගමගේ ඒඒටීඕ 2014.01.08 - - 2014.04.16
ලුතිතන් කර්නල් ජීඒ මුණසිංහ ආර්එස්පි ඒටීඕ 2014.04.21 - 2015.01.09
කර්නල් ජේපීඑච් ගමගේ යුඑස්පි ඒඒටීඕ 2015.01.09 - 2017.01.20
කර්නල් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ 2017.01.20 -2018.12.06
කර්නල් සිඑස් දිසානායක ඒටිඔි 2018.12.06 - 2020.04.01
ලුතිතන් කර්නල් ඒඩිජේ අධිකාරි ඒඒටිඔි 2020.04.01 - 2020.11.14
ලුතිතන් කර්නල් ජිටිඑස් සිල්වා යුඑස්පි ඒටිඔි එල්එස්සි 2020.11.19 - 2022.01.20
කර්නල් ඩබ්ලිව්එම්ඒඑන් වර්ණසූරිය 2022.01.21 - මෙිදක්වා