Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

දොඹගොඩ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලත්න යුද්ධ හමුදා කණ්ඩයම සමග තරගාවලියක්

යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ ක්‍රීකට් ක්‍රීඩාංගණයේ 2020.03.12 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් ක්‍රිකට් තරගයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එචි ජේ සෙනවිරත්න ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩියු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඩබිලිවි බි එස් එමි අබේසේකර ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්න යුද්ධ හමුදා කණ්ඩායම හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම් තරඟ වැදුණු අතර එම තරගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ට ජයක් ලබා ගන්නා ලදි.
Sinhala

යුධොපකරණ වර්ණ රාත්‍රිය - 2019

ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ වර්ණ රාත්‍රිය අද (2018.08.08) සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වර්ණ රාත්‍රියේදී ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් 147 දෙනෙකු වෙත රෙජිමේන්තු සහ යුද්ධ හමුදා වර්ණ ප්‍රදානය කරන ලද අතර සුප්‍රසිද්ධ කලාකරුවන් වන චන්දන වික්‍රමසිංහ මහතා සහ කෙවින් නුගේරා මහතාගේ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් සහ සංගීතයෙන් වර්ණවත් ව්ය.

Sinhala