
කර්නල් සී ටී සිරිවර්ධන එල්එස්සී ඒඒටීඕ
1975 මැයි මස 29 වන දින උපත ලැබූ කර්නල් සී ටී සිරිවර්ධන එල්එස්සී ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිළධාරී මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් සිප්සතර හදාරා 1996 මැයි මස 09 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව වෙත කැඩෙට් නිලධාරියෙකු ලෙස බැදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1997 අප්‍රේල් මස 09 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් විය.
කර්නල් චන්දන සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ යුද්ධ හමුදා සේවාකාලය තුල ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විවිධ රාජකාරීන් ඉටු කර ඇත. එනම් භට කණ්ඩායම් නායක “බී” බලඝණය 5 ශ්‍රීලසසබ, සහකාර විධායක අධිකාරි 5 ශ්‍රීලසසබ, බුද්ධි නිලධාරි (මෙහෙයුම් අණදෙන - කොළඹ), විධායක අධිකාරි 1 රෙජි ශ්‍රීලයුයුබ, විධායක අධිකාරි, ගබඩාභාර නිළධාරී හා නිළධාරී අණදෙන 5 රෙජි ශ්‍රීලයුයුබ (කන්කසන්තුරය), නිළධාරී අණදෙන ඉයුග (පලාලි), නිළධාරී අණදෙන ග/අ (පනාගොඩ), නිළධාරී අණදෙන ඉයුග(උඩවලව), නිළධාරී අණදෙන මධ්‍යම අවි ගබඩාව (පනාගොඩ), යුමාජෙශා හි මාණ්ඩලික නිළධාරී III, නිළධාරී අණදෙන මිලදී ගැනීම් අංශය, නිළධාරී අණදෙන භාආභාග, තොගපාලන නිළධාරී, දෙවන අණදෙන නිළධාරී හා වැ.බ. අණදෙන නිළධාරී 2 රෙජි ශ්‍රීලයුයුබ, තොග පාලන නිළධාරී - මුයුග (මරදාන), යුධොපපුපා හි නියෝජ්‍ය සේනාවිධායක හා සේවා වනිතා සම්බන්ධීකරණ නිළධාරී, යුධොපකරණ සේවා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි මාණ්ඩලික නිළධාරී 2 (ඝණය V සහ VI), මාණ්ඩලික නිළධාරී එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් අබේයි (එක්සත් ජාතීන්ගේ අන්තර්කාලීන ආරක්ෂක බලකාය අබේයි), අණදෙන නිළධාරී 2 රෙජි ශ්‍රීලයුයුබ, නියෝජ්‍ය සේනාවිධායක මුයුග(රාගම), මාණ්ඩලික නිළධාරී 1 (ප්‍රසම්පාදන/පරිපාලන/භකාස) යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය (වේරහැර), නියෝජ්‍ය සේනාවිධායක යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත (වේයන්ගොඩ), වැ.බ. සේනාවිධායක යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත (වේයන්ගොඩ), 24 පාබල බසේමු හී කර්නල් පාලන භකාස සහ වත්මන්ව කර්නල් චන්දන සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරී යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි ඉටුකරනු ලබයි.
කර්නල් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරී තම වෘත්තීය ප්‍රගමනය උදෙසා දේශීය හා විදේශීය අධ්‍යයන පාඨමාලා හා වෘත්තීය පාඨමාලා රාශියකට සහභාගීවී ඇති අතර, විශේෂ වශයෙන් රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරී පාඨමාලා අංක 09 - ශ්‍රීලයුපොදුසේබ, පරිගණක පාඨමාලාව යුද්ධ හමුදා මූලස්ථානය, මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබද පාඨමාලාව - කුකුළේගඟ, කනිෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලා අංක 17 - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, භකාස මාණ්ඩලික නිළධාරී පාඨමාලා අංක 02 - යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලය (ත්‍රිකුණාමලය), මූලික යුධොපකරණ නිලධාරී පාඨමාලා අංක 31 (බංග්ලාදේශය), මධ්‍යම වෘත්තීය (ඕර්ඩ්නන්ස්) පාඨමාලාව අංක 37 (පකිස්ථානය), ප්‍රවීණ ද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලාව අංක 25 (ඉන්දියාව), ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරී පාඨමාලා අංක 63 (ඉන්දියාව), උසස් යුධෝපකරණ කළමනාකරණ පාඨමාලා අංක 55 (ඉන්දියාව) සහ ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි භකාස කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇත.
ඔහුගේ සේවය අගයමින්, කර්නල් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරී හට දේශ පුත්‍ර සම්මානය, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම 1998, 75 වන නිදහස් දින සැමරුම් පදක්කම 2023, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම 1999, 75 වන යුද්ධ හමුදා සංවත්සර පදක්කම 2024, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම 1979, සේවාභිමානී පදක්කම, සේවා පදක්කම, විදේශ සේවා පදක්කම සහ එක්සත් ජාතීන්ගේ පදක්කම (අබේයි) යන සම්මාන වලින් පිදුම් ලබා ඇත.
කර්නල් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරී තරංගනී අපොන්සු මහත්මිය සමඟ විවාහ වී සිටින අතර සෙනායා සිරිවර්ධන, තසංග සිරිවර්ධන යන දියණියන් දෙදෙනෙකු සහ කවිරු සිරිවර්ධන යන පුතෙකු ලැබීමට ආශිර්වාද ලබා ඇත.