Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

5 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් ටීඑම්ජිබීටී වැලිගල්ල පීඑස්සී ඒඒටීඕ එල්එස්සී

එවකට යාපනය අර්ධද්විපයේ රාජකාරියේ යෙදී සිටි භටපිරිස් අවස්්‍යතාවයන් කළට වේලාවට සපුරා දීම පිණිස 1980.09.01 දින 21 සේනාංක මූලස්ථානයට අනුයුක්තව පලාලි වාසවිලාන් හි ප්‍රථමයෙන් ඉදිරි යුධොපකරණ ගබඩාවක් පිහිටුවන ලදී. පසු කාලීනව 1995 වසරේ තෙවන ඊලාම් යුද්ධය ආරම්භ විමත් සමඟ බල ප්‍රදේශයේ භටපිරිස් සංයුතිය වර්ධනය වීම හා අවස්්‍යවයන් පුඵල් වීම හේතුකොට ගෙන 1995.06.26 දින නිඅභපි - 4 ශ්‍රිලයුයුබ වශයෙන් ස්ථාපිත මෙම ඒකකය එවකට දී 51 සේමු, 52 සේමු, 54 සේමු හා 515 බසේමු යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි භටපිරිස් වල අවස්්‍යතාවයන් සපුරාලීම සඳහා කන්කසන්තුරය සිමෙන්ති කර්මාන්ත ශාලා භුමියේ ස්ථාපිත කරන ලදී.

2007 වසරේ දී නිඅභපි 5 ශ්‍රීලයුයුබ වූ මෙම ඒකකය ඇරඹිමත් සමඟ හතරවන ඊලාම් යුද්ධයේ දි යාපනය අර්ධද්විපයේ ස්ථාපිතව තිබූ 51 සේමු, 52 සේමු, 53 සේමු, 55 සේමු, 515 බසේමු යටතේ ද ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි 35000 ක් පමණ වූ භටපිරිසකගේ අවස්්‍යතාවයන් නිවැරදිව කළට වේලාවට නිසි අයුරු සපුරාලීම හේතුවෙන් ලබාගත් යුධ ජය්‍රග්‍රහණයන් හි කොටස්කරුවන් බවට මෙම ඒකකය ද පත්විය. ඉහත කාර්යයන්ට අමතරව පසුගිය වකවානුවේ දී පාවිච්චියට නුසුදූසු තත්වයට පත්වෙමින් තිබූ පතුරොම් නැවත ප්‍රයෝජනයට ගතහැකි තත්වයට පත්කර යුධබිමේ ප්‍රයෝජනය සඳහා ලබාදීමත් ක්‍රියාන්විතයේ නිරත සෙබඵන් සඳහා අත්‍යවස්්‍යය ප්‍රයෝජනයට ගත නොහැකිව තිබූ හෙල්මට් ඉතා උසස් ලෙස වර්ෂයකට 3000 ක් පමණ අලුත්වැඩියා කරදීමත්, තුවාල ලබන සෙබඵන් සඳහා මෙට්ට කවර හා ගිලන් මැසි නිෂ්පාදනය කරදීම මගින් යුද්ධ හමුදාවට ආර්ථිකමය වශයෙන් විශාල වාසියක් ලබාදීමට මෙම ඒකකයට හැකි විය.

මාවිල්ආරු වලින් ඇරඹුණු ත්‍රස්තවාදයේ තීරණාත්මක හතර වන ඊලාම් යුධ සමයේ යාපනය බල ප්‍රදේශයේ 45000 ක් පමණ වූ භටපිරිසකගේ අවස්්‍යතාවයන් සපුරාලීම හේතුකොට ගෙන අප ඒකකය හා සේනාංක මූලස්ථානයන් හි ස්ථාපිත ඉයුගයන් වෙත පැවරි තිබූ කාර්යභාර්ය අති මහත්ය. ගුවන් යානා හා නවින අවි ආයුධ වලින් සන්නද්ධ ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදීන් සිදූකර ගෙන යනු ලැබූ බිහිසුනු යුද්ධයේදී මෙම ඒකකය නොපසුබටව ඉදිරි ආරක්‍ෂක වළල්ල දක්වා වූ අවස්්‍යතාවයන් තම ජිවිත පසෙකළා එකමුතුව ක්‍රියාකර, බිහිසුනු යුධමය වාතාවරණය තුළම දිවා රාත්‍රි යුධොපකරණ භාණ්ඩ අවස්්‍යතාවයන් සපුරාලීම හේතුවෙන් බල ප්‍රදේශයේ සංචාරයන් සඳහා පැමිණි යුද්ධ හමුදාධිපති හා ආඥාපතිවරුන්ගේ නොමද ප්‍රශංසාවට ලක් වි ඇත.

මානුෂීය මෙහෙයුම පැවති වකවානුව තුළදී මෙම ඒකකය වෙතින් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ රාජකාරින් සඳහා ආසේමු(යා) 515 බසේමු උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත අභි්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයක් ස්ථානගත කරන ලද අතර, එහිදී එම ඛණ්ඩය යුධබිමේ පැවරි ඇති රාජකාරින් ඉතා කර්යක්‍ෂමව අවසන් මොහොත දක්වාම පැකිලීමෙන් තොරව ඉටු කරමින් මෙම ඒකකයට හා රෙජිමේන්තුව වෙතට ගෞරවයක් ලබා දෙමින් පැසසුම් සහගත ලෙස මව්බිම වෙනුවෙන් ඉටු කළයුතු මෙහෙය අවසන් කොට මෙම ඒකකය වෙත පැමිණෙන ලදී.

දැනට මෙම ඒකකය ඉනපෙ(උ) යටතේ ස්වාධින ඒකකයක් වශයෙන් පාලන හා කාර්මික රාජකාරි කටයුතු සිදූ කරන අතර වත්මන්ව මෙම ඒකකය ඉයුගයන් හා ශ්‍රිලයුයුබ ගබඩා අංශය(කන්) ඇතුඵ නිලධාරි 10 ක් හා සෙසුනිලයින් 237 කින් සමන්විතව යාපනය අර්ධද්විපයේ රාජකාරින් ඉටු කරනු ලැබේ.

වර්තමානයේ බලප්‍රදේශයේ ස්ථාපිත සේනාංක මූලස්ථාන හතරක් ද, කාර්ය සේනාංක මූලස්ථානයක් ද, බලසේනා මූලස්ථාන 20 ක්ද, ඒකකයන් 63 ක්ද, පුහුණු පාසල් 02 ක්ද, ඵල් වූ අවශ්‍්‍යතාවයන් සපුරාලීම හේතුකොට ගෙන හා යුද්ධ හමුදාව නැවත ප්‍රතිසංවිධානය විම තුළින් එතෙක් පැවති 5 ශ්‍රිලයුයුබ(කන්) 2009 අගෝස්තු 04 වන දින සිට 05 වන රෙජිමේන්තුව, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය ලෙස ස්ථාපිතව පවතී.

නිලධාරි අණදෙනවරුන් - නිඅභපි(කන්කසන්තුරය)

නිලය නම සිට දක්වා
කපිතන් ඊඑම්යූකේ ඒකනායක 1996.10.12 - 1997.04.23
මේජර් එල්එම්එස් චන්ද්‍රසේකර 1997.04.23 - 1997.10.26
ලුති කර්නල් ජිඑස් පෙරේරා 1997.10.26 - 1997.12.26
මේජර් ජිජිඩි ගුණසේකර 1997.12.26 - 1999.07.01
මේජර් එස්ඒ ද සී දසනායක 1999.07.01 - 2000.09.08
මේජර් ඒඑස් අමරසිංහ ඒටීඕ 2000.09.08 - 2000.11.04
මේජර් එස්එම්ඒකේ වනසිංහ ඒටීඕ 2000.11.04 - 2002.02.06
මේජර් ඩිඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 2002.02.06 - 2003.07.31
මේජර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටීඕ 2003.07.31 - 2004.06.26
මේජර් එන්ඒඩබ්පී පෙරේරා ඒටීඕ 2004.06.26 - 2006.02.04
මේජර් ජේඒඩිපී ජයතිලක ඒටීඕ 2006.02.04 - 2007.04.11
මේජර් ඒඑන් අමරසේකර ආර්එස්පී ඒටීඕ 2007.04.11 - 2009.08.14

5 රෙජි ශ්‍රිලයුයුබ, අණදෙන නිලධාරිවරුන්

නිලය නම සිට දක්වා
ලුති කර්නල් ඒඑන් අමරසේකර ආර්එස්පී ඒටීඕ 2009.08.14 - 2009.10.20
ලුති කර්නල් එම්ඊපී විරසිංහ ඒටීඕ 2009.10.29- 2011.04.05
ලුති කර්නල් ජිකේඅයි විතානච්චී ඒටීඕ 2011.04.05- 2014.03.20
ලුති කර්නල් බීආර්ඒ ජයරත්න ඒටීඕ 2014.03.20- 2016.10.10
ලුති කර්නල් එඩිජේඒ පෙරේරා ඒඒටිඕ 2016.10.10- 2018.01.18
ලුති කර්නල් සිඩි සමරතුංග 2018.01.18- 2020.02.19
ලුති කර්නල් එස්ඩි රංගේ යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2020.02.19- 2022.04.04
මේජර් ටීඑම්ජිබීටී වැලිගල්ල පීඑස්සී ඒඒටීඕ එල්එස්සී 2022.04.04- මේ දක්වා