Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

4 (සෙව්) රෙජිමේන්තුව, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ඉතිහාසය

මේජර් එන්ජිජේපි තිලකරත්න පිඑස්සී ඒඒටීඕ

පළමුවන කණ්ඩායම ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (සෙව්) වශයෙන් මෙම ඒකකය 1980 මැයි මස 05 වන දින නිලධාරින් 06 ක් සහ සෙසුනිලයින් 138 ක සංයුතියකින් යුතුව ආරම්භ කර රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුබද්ධ යුද්ධ හමුදා ජනපදය පනාගොඩ හි ස්ථාපිත විය. එසේ කණ්ඩායමක් වශයෙන් ආරම්භ කරන ලද මෙම ඒකකය 1995.12.01 දින සිට ඒකකයක් ලෙස නඟා සිටුවා ශ්‍රිලයුයුබ (සෙව්) වශයෙන් නම් කරන ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුයුක්තව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පවත්වා ගෙන යන ලදී. මෙම ඒකකයේ ප්‍රථම ශ්‍රිලයුයුබ (සෙව්) නිලධාරි වශයෙන් එවකට නි/2329 2/ලුතිතන් බිඑස්ජී නානායක්කාර (මියයන විට ලුතිතන් කර්නල්) යන නිලධාරි 1981.11.22 දින ඇතුළත් කරන ලදී.

මෙතෙක් කළක් යුද්ධ හමුදා ජනපදය පනාගොඩ ස්ථාපිතව තිබු මෙම ඒකකය, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් සීජේ කොට්ටහච්චි ඒඒටීඕ ගේ උපදෙස් අනුව 1999.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි යුධොපකරණ පුහුණු පාසල පිහිටා ඇති දොඹගොඩ කඳවුරේ ස්ථානගත කරන ලදී.

එවකට පැවති අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි අවස්්‍යතාවය මත සාලාව කොස්ගම කඳවුරෙහි ස්ථානගතව තිබු යුද්ධ හමුදා අවි සහ පතුරොම් ගබඩාවේ විශේෂ ආරක්‍ෂාවක් යෙදවිම සඳහා මෙම ඒකකය දොඹගොඩ කඳවුරින් ඉවත් කර 2001 වර්ෂයේ සාලාව කොස්ගම කඳවුරේ ස්ථානගත කරන ලදී. වසරක පමණ කාලයකින් පසු නැවත මෙම ඒකකය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ එවකට රජක සේවාව ඉටු කිරීමට පැවති ගොඩනැගිල්ලේ 2002 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී.

එම කාලවකවානුවේ දී රෙජිමේන්තු මධයස්ථානයේ සහ 1 රෙජි ශ්‍රිලයුයුබ ඒකකයේ කාර්මික හා අනෙකුත් රාජකාරිවල නිරත වන ලදී. එවකට 11 සේනාංක මුලස්ථානයේ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි සඳහා ද මෙම ඒකක සෙනීන් යොදවන ලදී.

මෙම කාලය තුළදී ඒකකයේ තනතුරු හොබවන ලද නිලධාරින්ට අමතරව ස්වේච්ඡා නිලධාරින් ලෙස පහත නම් සඳහන් නිලධාරින් ඇතුළත් කර පිටත යා කරන සිටින ලදී.

නි/2286 ලුතිතන් කර්නල් ජිඑස් පෙරේරා - ශ්‍රිලයුයුබ (සෙව්) ශ්‍රිලංයුහසෙව්බමු මානි 1
නි/2894 මේජර් ඒඩබ්ඒ ගාමිණී ගුණසිංහ - ශ්‍රිලයුයුබ යුහරෙපිග (වේයන්ගොඩ)
නි/2910 මේජර් පීච් උපාලි පෝරගේ - ශ්‍රිලයුයුබ 1රෙජි ශ්‍රිලයුයුබ -ගබඩා භාර නිලධාරි
නි/2421 මේජර් පීකේඑච්ඒ ප්‍රනාන්දු - ශ්‍රිලයුයුබ විබ බසේමු මේජර්(පා/භකාස)

නි/4245 කපිතන් ආර්එම් රාජපක්‍ෂ - පසුමුල සංකීර්ණය (වව්නියාව)
නි/4438 ලුතිතන් එස්ජි ඔස්ටින් - රෙම ශ්‍රිලයුයුබ
නි/4139 ලුතිතන් කේජි ව්න්සන් - උපානි (මාදුරුඔය පුපා)
නි/4954 ලුතිතන් එන්එච් පතිරණ - පරිගණක අංශභාර නිලධාරි (මරදාන)
නි/4955 ලුතිතන් ඩබ් සුමනසේන - උපානි ශ්‍රිලයුයුබ (සෙච්) - වැ:බ:
නි/4956 ලුතිතන් ටිඑච් සිල්වා - ශ්‍රිලංයුහසෙව්බමු (ප්‍ර ශාඛාව)
නි/5017 ලුතිතන් එස් චන්ද්‍රසෝම - මානි 111 පාලන - 22 සේමු

මෙසේ ශ්‍රිලයුයුබ (සෙව්) ඒකකයක් ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ පැවරෙන රාජකාරින් ද ඇතුලුව ශ්‍රිලයුහසෙව්බමු අයත්ව එම මුලස්ථාන උපදෙස් මත කටයුතුකළ මෙම ඒකකය එවකට පැවති ක්‍රියාත්විත රාජකාරින් සඳහා ක්‍රියාඅම උපදෙස් පරිදි 2006.02.01 දින සිට වැලිසර රජයේ වෙඩි බෙහෙත් ගබඩාවේ ස්ථාපනය කරන ලදී. එසේ ස්වාධීන ඒකකයක් වශයෙන් ස්ථාපනය කිරිමෙන් පසු වැලිසර රජයේ වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණයේ ආරක්‍ෂාව හා යුධ හමුදා පතුරොම් ගබඩාවේ ආරක්‍ෂාව සහ අවට ප්‍රදේශයන් හි ආරක්‍ෂාව භාරව කටයුතු කිරීම පැවරූ රාජකාරි වේ.

2006.04.25 දින පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කා:නි: අණදෙන නිලධාරි ලෙස මේජර් නිලයෙන් රාජකාරි භාර ගන්නා ලදී.

නිලය නම සිට දක්වා
ලුතිතන් කර්නල් එල්ඒආර්පීකේ ලියනාරච්චී ශ්‍රිලයුයුබ (සෙව්) 2006.04.25 - 2007.01.09
ලුතිතන් කර්නල් එන්ඩිපී ජයතිලක ශ්‍රිලයුයුබ (සෙව්) 2007.01.09 - 2011.11.02

එවකට පැවති අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි වෙනුවෙන් නිලධාරි 28 ක් හා සෙසු නිලයින් 575 කින් සමන්විත නව සංස්ථාවක් 2007.01.09 දින අනුමත වන ලදී.

මෙම ඒකකය පසුව 2010.07.10 දින ඉයුග - මහනුවර ස්ථාපිත කර තිබූ ස්ථානයේ ස්ථානගත කරන ලදී. රෙජිමේන්තු ආධාර මුදලින් සහ යුද්ධ හමුදා මුදල් ප්‍රයෝජනයට ගෙන නිලධාරි/සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වය ද ලබා ගනිමින් 60x20 ප්‍රමාණයේ සෙසුනිල භට නිවාසයක් සහ සෙනීන්ගේ සුභසාධනය සඳහා ජන අවන්හලක් ද සුභසාධක වෙළඳසැලක් ද ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාවේ නව ප්‍රතිසංවිධානයත් සමඟ 11 සේමු මහනුවර පල්ලේකැලේ ස්ථානගත විමත් සමඟ ඒ යටතේ ඇති මුලස්ථාන/ඒකක හා පුහුණු පාසල් වෙත යුධොපකරණ රෙජිමේන්තුවට ආවේණික රාජකාරින් 2010.09.01 දින සිට ආරම්භ කරන ලදී.

මෙම වකවානුව තුළදී අණදෙන නිලධාරි ස්ථාන මාරුවිම් යටතේ ප්‍රථම වරට නිත්‍ය බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වරයෙක් වූ නි/61703 ලුතිතන් කර්නල් ඊඑම්එම් ප්‍රනාන්දු ඒඒටීඕ එල්එස්සී විසින් 2011.11.02 දින මෙම ඒකකයේ නව අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාරගන්නා ලදී.

මෙම කාල සීමාව තුළදී ඉදිරි යුධොපකරණ ගබඩාව - දියතලාවල හම්බන්තොට සහ ගබඩා අංශය උඩවලව වෙත යුධොපකරණ භාණ්ඩ බෙදාහැරිමේ ක්‍රියාවලිය 2012.02.01 දින සිට මෙම ඒකකය වෙත පැවරුණු සුවිශේෂී කාර්යක් වේ.

ශ්‍රිලයුයුබ(සෙව්) වශයෙන් ආරම්භ කරන ලද මෙම ඒකකය 4 රෙජි ශ්‍රිලයුයුබ(සෙව්) වශයෙන් අනුමත විමෙන් පසු නිල උසස් කිරිම් අනුමත සංස්ථාව පරිදි සිදු කිරීමට හැකිවිය. වත්මන්ව ස්වේච්ඡා නිලධාරින් 15 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 420 දෙනෙකුගෙන් සමන්විත වීමත් සමඟ මෙම ඒකකය පුඵල් වර්ධනයක් කරා පැමිණ ඇත.

4 (සෙව්) ශ්‍රිලයුයුබ රෙජිමේන්තුව යටතේ පාලනය වන ඉදිරි යුධොපකරණ ගබඩා

ඉයුග (දියතලාව)

යුධොපකරණ ඉතිහාසයේ ප්‍රථම වරට ආරම්භ කරන ලද ඉදිරි යුධොපකරණ ගබඩාව මෙය වන අතර, එවකට ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල දියතලාව යටතේ 1978.09.25 වන දින එක් නිලධාරියකු, සෙසු නිලයින් 04 දෙනෙකු සහ සිවිල් සේවක මහතුන් 05 දෙනෙකුගෙන් සමන්විතව ගබඩා ගොඩනැගිලි 04 කින් ආරම්භ කර ඇත. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් කපිතන් ආර්එම්ටීබී රණසිංහ - ශ්‍රිලයුයුබ කටයුතු කර ඇති අතර, මේ වන විට ආසේමු(මධම) යුධොපකරණ අවස්්‍යතා වෙනුවෙන් සහ එම ප්‍රදේශයේ අනෙකුත් ඒකක, ආයතන වෙනුවෙන් මෙම ගබඩාවේ කටයුතු සිදු කෙරේ.

ගබඩා අංශය (උඩවලව)

1991 වසර වන විට ස්වාධීන මධ්‍යම වැඩපල(උඩවලව) හි සිදූ කරනු ලබන වාහන අලුත්වැඩියාවන් සඳහා අවස්්‍ය යාප්‍ර අමතර කොටස් කඩිනමින් සැපයීම අරමුණු කර ගනිමින් 1991.06.07 වන දින ගබඩා අංශය (උඩවලව) ආරම්භ කර ඇති අතර, කපිතන් යුඑල්එල් ගුණරත්න - ශ්‍රිලයුයුබ ගේ නායකත්වය යටතේ සෙසු නිලයින් 09 දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ කරන ලදී. මෙය එවකට 12 සේමු යටතේ ස්ථාපිත භටපිරිස් සඳහා අනෙකුත් යුධොපකරණ අවශ්‍යතාවයන් සපුරාලමින් විශාල කාර්යභාරයක් ඉටුකළ අතර, වත්මන්ව ඉයුග (හම්බන්තොට) ආරම්භ කිරීමත් සමඟ නැවතත් ශ්‍රිලවියාඉ මුලික වැඩපල (උඩවලව) හි යාප්‍ර අමතර කොටස් සපුරාලීම සඳහා පමණක් යොමු කරවන ලදී.

ඉයුග (හම්බන්තොට)

12 සේමු හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගතවිමත් සමඟ එම ප්‍රදේශයේ යුධොපකරණ අවස්්‍යතාවයන් සපුරාලීම පිළිබඳ ව අවධානය යොමු කරමින් 2012.01.30 වන දින 1රෙජි ශ්‍රිලයුයුබ යටතේ ඉයුග (හම්බන්තොට) ස්ථාපනය කර ඇති අතර, ආරම්භක නිලධාරි අණදෙන වශයෙන් ලුතිතන් (උපා) ඩබ්ජී ප්‍රේමරත්ත - ශ්‍රිලයුයුබ සමඟ සෙසු නිලයින් 12 දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ කර ඇත.

පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් දක්වා ඇති පරිදි අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි කර ඇත.

නිලය නම සිට දක්වා
මේජර් බීඑස්ජි නානායක්කාර 1999.10.05 - 2005.07.01
ලුති කර්නල් බීඑස්ජි නානායක්කාර 2005.07.01 - 2006.04.25
මේජර් එල්ඒආර්පීකේ ලියනආරච්චි 2006.04.25 - 2007.01.09
ලුති කර්නල් එල්ඒආර්පීකේ ලියනආරච්චි 2007.01.09 - 2007.05.17
මේජර් එන්ඩීපී ජයතිලක 2007.05.17 - 2009.02.12
ලුති කර්නල් එන්ඩීපී ජයතිලක 2009.02.12 - 2011.11.02
ලුති කර්නල් ඊඑම්එම් ප්‍රනාන්දු ඒඒටීඕ එල්එස්සී 2011.11.02 - 2013.12.14
ලුති කර්නල් ජේ රණහේවා ඒටීඕ 2013.12.14 - 2015.09.14
ලුති කර්නල් ඩබිඑමිඒඑන් වර්ණසුරිය ඒටිඔි 2015.09.14 -2017.12.11
ලුති කර්නල් ජේඅයිබිඩබි පල්ලේකුඔුර ඒටිඕ 2017.12.11 - 2019.12.31
ලුති කර්නල් ඩබිඑම්එස්එම්බි වන්සේකර ඒඒටිඔි 2020.01.01 - 2022.03.04
මේජර් එන්ජිජේපි තිලකරත්න පිඑස්සී ඒඒටීඕ 2022.03.04 - මේ දක්වා