?

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

සේනාවිධායක - මූලික යුධොපකරණ ගබඩාව

කර්නල් ජේඅයිබීඩබ්ලිව් පල්ලේකුඹුර ඒටීඕ

කර්නල් ජේඅයිබීඩබ්ලිව් පල්ලේකුඹුර ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1974 දෙසැම්බර් මස 26 වන දින උපත ලබා ඇති අතර, වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය සහ සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර යන විද්‍යාලයන්හි ආඩම්බර ආදි ශිෂ්‍යයෙකි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1996 ජනවාරි මස 03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ පාඨමාලා අංක 44 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලබා ඇත. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු, වර්ෂ 1997 දෙසැම්බර් මස 20 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අනුයුක්ත කරන ලදී.

කර්නල් පල්ලේකුඹුර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ යුද්ධ හමුදා සේවාකාලය තුල ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන රාජකාරීන් හී නියැලී ඇත. ඒ අතුරින් 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (පනාගොඩ) , ශ්‍රීලයුයුබ නිලධාරි - විශේෂ බළකා බලසේනා මුලස්ථානය , විධායක අධිකාරි - යුධොපපුපා (දොඹගොඩ), තොගපාලන නිලධාරි - යුහරෙපිග(කඩවත), ශ්‍රීලයුයුබ නිලධාරි - 55 සේමු(යාපනය), ගබඩා භාර නිලධාරි - 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධාපකරණ බලකාය (පනාගොඩ), නිලධාරි අණදෙන - ග/අ(පනාගොඩ), මාණ්ඩලික නිළධාරි 111(භකාස) – 55 සේමු(යාපනය), විධායක අධිකාරි - 1වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (පනාගොඩ), ගබඩා භාර නිළධාරි - යුහරෙපිග(කඩවත), ප්‍රසම්පාදන නිලධාරි - ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය(බටලන්ද), දෙවන අණදෙන නිලධාරි - 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (මුලතිව්) , දෙවන අණදෙන නිලධාරි - 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (අනුරාධපුර), වැඩබලන අණදෙන නිලධාරි - 4(සෙව්) වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය (පල්ලේකැලේ), නියෝජ්‍ය සේනාවිධායක - මුලික යුධොපකරණ ගබඩාව(රාගම), අණදෙන නිලධාරි - 4(සෙව්) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (පල්ලේකැලේ), මාණ්ඩලික නිලධාරි 1 (පුහුණු/භකාස) - රෙම ශ්‍රීලයුයුබ, මාණ්ඩලික නිලධාරි 1(ප්‍රසම්පාදන) - ඉංජිනේරැ සේනාංක මුලස්ථානය(මත්තේගොඩ), මාණ්ඩලික නිලධාරි 1(පාලන) - යුසේඅම, මාණ්ඩලික නිලධාරි 1(ප්‍රසම්පාදන) - යුසේඅම, අධ්‍යක්ෂ ප්‍රසම්පාදන - ත්‍රිවිධ හමුදා මුලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතිය(අකුරේගොඩ), සේනාවිධායක - මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව(වේයන්ගොඩ) සහ වත්මන්ව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මුලික යුධොපකරණ ගබඩාවෙහි සේනාවිධායක වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

කර්නල් පල්ලේකුඹුර ජ්‍යෙෂ්ඨ නිළධාරී තම වෘත්තීය ප්‍රගමනය උදෙසා දේශීය හා විදේශීය අධ්‍යයන පාඨමාලා හා වෘත්තීය පාඨමාලා රාශියකට සහභාගීවී ඇති අතර, විශේෂ වශ‌යෙන් කනිෂ්ඨ නිලධාරි පාඨමාලා අංක 25 - ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය (දියතලාව), අණදෙන නිලධාරි සහ දෙවන අණදෙන නිලධාරි පාඨමාලාව - 2015, මානව සම්පත් කලමණාකරණ පාඨමාලාව( ඉංග්‍රිසි මාධ්‍ය), යුධොපකරණ - තරැණ නිලධාරි පාඨමාලාව අංක 29 (පකිස්ථානය), කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක 40 - (පකිස්තානය), මධ්‍යම වෘත්තීය පාඨමාලාව යුධාපකරණ අංක 34 - (පකිස්තානය), ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරී පාඨමාලා අංක 40 - (ඉන්දියාව), පතරොම් ඉංජිනේරැ පාඨමාලාව(චීනය), රොකට් මිසයිල සහ කාලතුවක්කු යුධොපකරණ පාඨමාලාව(රැසියාව) උසස් යුධොපකරණ කලමණාකරණ පාඨමාලාව 58 (ඉන්දියාව) වෙතින් හදාරා ඇත.

ඔහු ඉතාමත් විශිෂ්ඨ බොක්ෂිං ක්‍රීඩකයෙකු වන අතර, 1987 වර්ෂයේ සිට 1993 දක්වා අඛණ්ඩව වසර පහක් STUBBS SHIELD රන් පදක්ම දිනාගෙන ඇත. තවද නුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ බොක්සිං වාර්තාධාරියෙකු මෙන්ම කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම 1993 වර්ෂයේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ හිමිගන්වා ඇත. 1997 වර්ෂයේදි ශ්‍රීලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය - දියතලාව හි එම වර්ෂය තුල හොදම බොක්සිං ක්‍රිඩකයා ලෙස සම්මානයට පාත්‍රවී ඇත. එමෙන්ම තරග ක්ෂේත්‍රයට අමතරව යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩාව සංවර්ධනය කිරීම සදහා දායක වෙමින් 2007 සිට 2010 දක්වා යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ ලේකම්වරයා ලෙසත්, 2005 වර්ෂයේ සිට ජාතික බොක්සිං විනිශ්චවරයෙකු ලෙසත් සේවයේ යෙදී සිටියි.

ඔහුගේ සේවය අගයමින් තත් ජ්‍යෙෂ්ඨ නිළධාරී හට නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම, 1998 වර්ෂයේ 50 වන නිදහස් සංවත්සර පදක්කම, 1999 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම යන පදක්කම් පිරිනමා ඇත.

ඔහු එච්ඩබිඑම්කේ චමිල්කා විජේසිංහ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, දියණියන් දෙදෙනකුගේ සහ පු‍තෙකුගේ අදාරණිය පියෙකි.