ලුතිතන් කර්නල් ජිජිඑමිජි ද සිල්වා ඒටීඕ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ 15 වන සේනාවිධායක ලෙස සිය දූරයෙහි නවතමයෙන් රාජකාරි ආරම්භකල ලුතිතන් කර්නල් ජිජිඑමිජි ද සිල්වා ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමනි ඔබ තුමන් පිළිබදව කෙටි හැදින්විමක් කිරීමට අවසරයි.
වර්ෂ 1975 ක් වු අප්‍රේල් මස 17 වන දින පානදුර ප්‍රදේශයේ උපත ලද මෙතුමන් සිප්සතර හැදෑරීම සදහා ශ්‍රි සුමංගල විද්‍යාලය - පානදුර වෙත ඇතුලත්ව පාසලේ අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු ආදි විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර, එම විද්‍යාලයෙහි දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස තම පාසල් දිවිය සාර්ථකව නිමා කර ඇත. අද වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට දායාද කරන ලද අභීත සෙන්පතියෙකු ලෙස ලුතිතන් කර්නල් ජිජිඑමිජි ද සිල්වා ඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිප්කිරි පෙවු පාසල් මෑණියන්ට ගෞරවයක් එක්කර ඇත.
මාතෘ භූමිය තුල කුරිරු ත්‍රස්ථවාදීන්ගේ ක්‍රියාකාරකම් බහුල වශයෙන් සිදුවු කාල වකවානුවක තම ජිවිතයේ දීප්තිමත් තරුණ කාලය ලක් මාතාවගේ උන්නතිය වෙනුවෙන් කැපකිරිමේ පරම අභිලාෂයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙත බැදී යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතාලාව වෙත ඇතුලත්ව නැවත බංගලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ බදවාගැනිම් පාඨමාලා අංක 04 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස වර්ෂ 1997 ක් වු දෙසැම්බර් මස 01 වන දින ඇතුලත් වන ලදි.
තම මූලික යුධ පුහුණුව යුද්ධ හමුදා විද්‍යාපීඨය (දියතලාව) හා බංගලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් සාර්ථකව නිම කිරිමෙන් පසු වර්ෂ 1999 ක් වු මැයි මස 19 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට ඇතුලත් වන මෙතුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ දැරිය යුතු බොහෝ තනතුරු හොබවන ලද අතර, ශ්‍රි ලංකාද්විපයේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම උදෙසා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි තම රාජකාරීන් මනා ලෙස ඉටු කරන ලද පරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඉමහත් ගෞරවයෙන් යුතුව හැදින්විය හැක.
ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු හා දක්ෂ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තිමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල බොහෝමයක් වගකිව යුතු තනතුරු දරා ඇති එම තනතුරු පහත සදහන් පරිදි වේ.
- කණ්ඩ භාර නිලධාරි - 2 රෙජි ශ්‍රීලයුයුබ
- නිලධාරි අණදෙන ක්ෂේත්‍ර යුධෝපකරණ කණ්ඩය (FOT) – 216 බසේමු/564 බසේමු
- විධායක අධිකාරි - 2 රෙජි ශ්‍රීලයුයුබ
- විධායක අධිකාරි - යුධොපකරණ පුහුණු පාසල
- විධායක අධිකාරි - 5 රෙජි ශ්‍රීලයුයුබ
- නිලධාරි අණදෙන - ඉදිරි යුධොපකරණ ගබඩාව - 55 සේමු
- වැ:බ නියෝජ්‍ය සේනාවිධායක - යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව
- නිලධාරි අණදෙන - භඨකාර්ය සම්පාදන සේවා බලඝණය (කොආවිවි)
- පුහුණු නිලධාරි - ආධුණික පුහුණු සම්බන්ධිකරණ කාර්යාලය (පුත්තලම)
- දෙවන අණදෙන නිලධාරි - 3 රෙජි ශ්‍රීලයුයුබ
- වෙඩිද්‍රව්‍ය කාර්මික නිලධාරි - මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව
- මාණ්ඩලික නිලධාරි 2 - නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය
- නියෝජ්‍ය සේනාවිධායක - මූලික යුධොපකරණ ගබඩාව (රාගම)
- නියෝජ්‍ය සේනාවිධායක - මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව
- මානි 1 භකාස - ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)
මේ දක්වා වසර 28 කට ආසන්න කීර්තිමත් යුද්ධ හමුදා දිවියතුල දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරමින් සහ වැඩසටහන් බොහෝමයකට සහභාගිවෙමින් අවැසි වෘත්තිය දැනුමින් හා අත්දැකීමෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස
- තරුණ නිලධාරි පාඨමාලාව (දේශීය)
- රෙජිමේන්තු ගිණුම්කරණ පාඨමාලාව
- කණිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව
- මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව
විදේශීය පාඨමාලා අතුරින් කිහිපයකි එපමණක් නොව
- මූලික යුධොපකරණ කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව
- වෙඩි ද්‍රව්‍ය කාර්මික පාඨමාලාව - චීනය
ආදි විදේශීය පාඨමාලා තුලින් ලබාගත් දැනුම සෑම විටම යුද්ධ හමුදාවේ ප්රගමනය උදෙසා ලබාදෙන ලද බව නොරහසකි.
යුධමය කාලසිමාව තුල ක්‍රියාන්විත රාජකාරින් සදහා තම සක්‍රිය දායකත්වය දිවිහිමියෙන් ලබාදෙමින් අනගිභවනීය සේවයක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා ද්විපයටම ලබාදී ඇත. ශ්‍රී ලංකාද්වීපයේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දියත්කරන ලද ක්‍රියාන්විතයන් සදහා සිදුකරන ලද සෘජු දායකත්වය සහ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල පහත සදහන් පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
- නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
- උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම
- පූර්ණ භූමි පදක්කම
- උතුරු සහ නැගනහිර ක්‍රියාන්විත පදක්කම
- 75 වන නිදහස් සංවත්සර පදක්කම
- සේවාභිමානි පදක්කම
- ශ්‍රී ලංකා යුධ හමුදා 50 වන සංවත්සර පදක්කම (1999)
- 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම
- දිර්ඝ සේවා පදක්කම (1979)
- සේවා පදක්කම යන ආදි පදක්කම් වලින් පිදුම් ලබා ඇත.