Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

යුධොපකරන සේවා අධ්‍යක්ෂක මණ්ඩලය

යුධොපකරන සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යභාරය සහ කාර්යයන්

කාර්යයන් හා කාර්යභාරය

යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලික කාර්යභාරය යුධොපකරණ බළකායේ සියලු යුධොපකරණ ඒකක/ගබඩා හා අංශයන්හි සියලු කාර්මික රාජකාරින් හා සේවාවන් නිසි අයුරු පවත්වාගෙන යාම වේ. ඊට පහත සඳහන් කරුණු ද ඇතුළත් වේ.

  • යුධොපකරණ සේවාවට අදාළ සියලු කාර්මික කටයුතු විධිමත්ව ප්‍රතිපත්ති වලට අනුව පවත්වාගෙන යෑම පිළිබඳ යුධොපකරණ මාස්ටර් ජෙනරාල් වෙතින් යුද්ධ හමුදාධිපතිට වගකිව යුතු වේ.
  • සියලු යුධොපකරණ භාණ්ඩ සඳහා යුධොපකරණ ඒකක සමඟ සම්බන්ධතාවයෙන් දත්ත ලබා ගෙන වාර්ෂිකව ප්‍රසම්පාදන සැලසුම් යුද හමුදාවේ බල පැවැත්වෙන ප්‍රතිපත්තීන්ට අනුකූලව ඇස්තමේන්තු සකස් කිරීම.
  • නව වසර සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම අවශ්‍ය පරිදි ඒවායේ ප්‍රගතිය සොයාබලා වාර්තා කිරීම හා අධීක්‍ෂණ කටයුතු පවත්නා මූල්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව සකස් කිරීම.
  • පරිපාලන හා භටකාර්ය සම්පාදන ප්‍රතිපත්තීන්ට අනුකුලව නව යුධොපකරණ භාණ්ඩ අවි ආයුධ පතොරම් අවශ්‍යතාවයන් තීරණය කිරීම.
  • යුධොපකරණ භාණ්ඩ පරිමාණයන් සකස් කිරීම.
  • යුධොපකරණ භාණ්ඩයන් සඳහා පිරිවිතර සකස් කිරීම හා නඩත්තු කිරිම සාම්පල පවත්වාගෙන යාම.
  • සැපයුම්කරුවන් තෝරා ගැනීම හා වෙළඳපොළ අධීක්‍ෂණය කිරීම.
  • ගබඩා තොග හරි වැරදි බැලීම් සියලුම යුධොපකරණ ගබඩාහල් වාර්ෂික තොග නඩත්තු කිරීම හා හරි වැරදි බැලීම් පවත්නා ප්‍රතිපත්තීන්ට අනුකූලව සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැංවීම.
  • වාර්ෂික තොග ගණන් ගැනීමේ වාර්තා යුමාජෙශා වෙත යැවීම සහ නිර්දේශ ක්‍රියාවට නැංවීම.
  • යුධොපකරණ භාණ්ඩ සඳහා වර්ගීකරණ සහ යුධොපකරණ නාමාවලි අංක ලබා දීම.
  • යුධොපකරණ භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණය පර්යේෂණය කිරීම හා සංවර්ධන කටයුතු යුද හමුදා පිළිවෙතට අනුව සිදු කිරීම.
  • පතොරම් හා වෙඩිද්‍රව්‍ය පරික්‍ෂණ සැලසුම් කිරීම පරීක්‍ෂණ වාර්තා ඇගයීම හා ක්‍රියාත්මක කිරීම .
  • යුධොපකරණ ආයතනයන්හි කාර්යක්‍ෂමතාවය පවත්වාගෙන යාම සහ තොග නඩත්තු ප්‍රතිපත්ති නඩත්තු කිරීම් සබැඳිව නිරීක්‍ෂණය කිරීම .
  • යුධොපකරණ මිනිස් බලය සාපේක්‍ෂව සේවයේ යෙදවීම.
  • යුධොපකරණ භාණ්ඩ සඳහා සංශෝධන අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය පරිදි සංශෝධනයන් සිදු කිරීම .
  • කාර්මික පුහුණු ප්‍රතිපත්ති සකස් කිරීම .
  • පානු භාණ්ඩ සබැදි සමීක්‍ෂණ මණ්ඩල කටයුතු සමීක්‍ෂණය කිරීම හා සොයා බැලිම.

1949 ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කරන ලද ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සංස්ථාව යටතේ යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය 1950 වර්ෂයේදී ආරම්භකර රාජකීය යුධොපකරණ බලකායට අයත් යුධොපකරණ උපදේශක මේජර් එච්පී ‍ බ්‍රෙචර් 1950 මාර්තු මස 11 දින පළමු යුධොපකරණ අධ්‍යක්‍ෂක වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

එවකට යුධොපකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලය යුද්ධ හමුදා මූලස්ථානයේ කොටසක්වූ අතර, ප්‍රථිපත්ති කටයුතු, බඩු භාහිරාදිය සැලසුම් කිරීම හා ගිණුම් තැබීමේ කටයුතු මූලික රාජකාරි විය. යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයට අයත් මෙරට බඩු එක්රැස් කිරීමේ අංශය හා වරාය අංශය පමණක් යුහමු හි අවි/පතුරොම් හා වෙඩි ද්‍රව්‍යය ගබඩාව පිහිටි ගොඩනැගිල්ල තුළ ස්ථානගතව රාජකාරි ආරම්භ කළ අතර, අනෙකුත් අංශයන් වන විදේශ බඩු ගෙන්වීමේ අංශය, මෙරට බඩු ගෙන්වීමේ අංශය හා මුදල් අංශය යුද්ධ හමුදා ජනපදය පනාගොඩහි මූල ලයුයුබට අනුබද්ධිතව ස්ථාපනය කර ක්‍රියාත්මක කරන ලදී.

1956 මාර්තු මාසයේදී අවසන් බ්‍රිතාන්‍ය නිලධාරින් රටින් පිටව යෑමත් සමඟ ලුතිතන් කර්නල් එච්පී බ්‍රෙචර් ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට සම්බන්ධකර තිබීම ද අවසන් විය. මොහු රටින් පිටව යෑමත් සමඟම පුරප්පාඩු වූ අණදෙන නිලධාරී තනතුර සඳහා ලුතිතන් කර්නල් ඩීඑෆ්ටී අබේසිංහ පත්වන ලදී. එතැන් පටන් යුධොපකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වගකීම් ද මොහු හට පැවරුන අතර, යුධොපකරණ කාර්මික රාජකාරින් පිළිබඳ යුද්ධ හමුදාධිපතිහට වගකිවයුතු විය.

වර්ෂ 1980 මාර්තු 17 දින එවකට යුද්ධ හමුදා ජනපදය පනාගොඩ ස්ථාන ගතකර තිබූ අංශයන්ද යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය තුළට ගෙනවිත් යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති අංශයන් දෙක එක්කොට යුහමු මූලස්ථාන බළඇණියට අයත් පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය ස්ථාපනය කරන ලදී. එදින සිට යුධොපකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පාලන හා කාර්මික රාජකාරින් යුහමු භකාස අධ්‍යක්‍ෂකගේ පාලනයට යටත් විය. යුධොපකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ සැපයීම් පාලන හා ගිණුම් භාර නිලධාරි වශයෙන් මේජර් ඕකේපී ගුණසේකර ශ්‍රීලයුයුබ හා මෙරට බඩුගෙන්වීමේ අංශය භාරව නිලධාරි වශයෙන් එවකට කිපිතන් එම්එල් ජයරත්න ශ්‍රීලයුයුබ යන නිලධාරින් ශ්‍රීලයුයුබ ඒකකයේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ රාජකාරින් ඉටුකරන ලදී. එවකට ශ්‍රීලයුයුබ ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතුකළ ලුතිනන් කර්නල් එම්එච් ධර්මසිරි ශ්‍රීලයුයුබ යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරින් සඳහා සතියට දින 02ක් වෙන්කර රාජකාරි ඉටුකර ඇත.

ඊට පසුව එවකට මේජර් ජේපීඒ ජයවර්ධන ශ්‍රීලයුයුබ ද, ඉන් අනතුරුව මේජර් ඩීඑස්ජී කෙම්පිටිය ශ්‍රීලයුයුබ යන නිලධාරින් ද යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් ලෙස රාජකාරි ඉටුකර ඇත.

ඉන් අනතුරුව එළඹෙන ලද කාලවකවානුවේදී යුද්ධ හමුදා මූලස්ථාන සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේදී සේවා අධ්‍යක්‍ෂක මණ්ඩල යුහමු සංවිධානයට අලුතින් එක්කර ඇත. ඒ අනුව 1982 මාර්තු මාසයේදී එම අනුමැතිය යටතේ වූ යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ශාන්ත ජෝන්ස් ගිලන්රථ ගොඩනැගිල්ලෙහි ස්ථානගත වී නිලධාරින් 03ක් සහ සෙසුනිලයින් 10 කින් යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විතව සිය කාර්යන් ආරම්භකර ඇත. එහි වැඩ බලන යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක වශයෙන් එවකට මේජර් ටී සිවෂන්මුගම් ශ්‍රීලයුයුබ කටයුතු කර ඇත. මෙහිදී යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය හා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය වශයෙන් ආයතන දෙකක් පැවැති බැවින් ඉන් ඇතිවන පාලනමය අපහසුතාවයන් මගහැර ගැනීම උදෙසා පෙර යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය වශයෙන් හැඳින්වූ ආයතනය යුධොපකරණ උපර්ජන කණ්ඩායම (Ordnance Procurement Company) ලෙස නාමය වෙනස් කර යුහමු භකාස අධ්‍යක්‍ෂක යටතට පැවරී තිබූ එහි පාලන හා කාර්මික රාජකාරින් අතුරින් කාර්මික රාජකාරි යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක යටතටත් පාලන කටයුතු මූල ශ්‍රීලයුයුබ වෙතටත් පවරා ගැනීමට මූල ශ්‍රීලයුයුබ වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් එවකට මේජර් ටි සිවෂන්මුගම් ශ්‍රීලයුයුබ විසින් 1983 අප්‍රේල් මාසයේදී ක්‍රියාකර ඇත.

එතැන් සිට පැරණි යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ, යුධොපකරණ උපර්ජන කණ්ඩායම. (Ordnance Procurement Company) ලෙස හඳුන්වනු ලැබූ අතර එහි නිලධාරි අණදෙන වශයෙන් එවකට මේජර් ඩිඑස්ජි කෙම්පිටිය ශ්‍රීලයුයුබ හා උප නිලධාරි අණදෙන වශයෙන් කපිතන් එස්ටි අබේරත්න ශ්‍රීලයුයුබ යන නිලධාරි කටයුතු කර ඇත. පසුව උප නිලධාරි අණදෙන වශයෙන් කටයුතු කළ එවකට කපිතන් එස්ටි අබේරත්න ශ්‍රීලයුයුබ යන නිලධාරි එහි රාජකාරියේ නියුක්තව සිටින අතරතුරදි මේජර් නිලයට උසස්වීම් ලැබීමෙන් පසුව මේජර් ඩීඑස්ජි කෙම්පිටිය ශ්‍රීලයුයුබගෙන් පසුව නිලධාරි අණදෙන තනතුරේ රාජකාරි ඉටුකර ඇත. ඒ අනුව 1991 වසරේ ,යුධොපකරණ උපර්ජන සේවාව, වශයෙන් නව සංස්ථාව අනුමත වන තෙක්ම එය ,යුධොපකරණ උපර්ජන කණ්ඩායම. (Ordnance Procurement Company) ලෙස හඳුන්වනු ලැබීය.

ලුතිතන් කර්නල් ටි සිවෂන්මුගම් ශ්‍රීලයුයුබ මූල ශ්‍රීලයුයුබ හි අණදෙන නිලධාරි තනතුර හොබවමින් සිටියදී අභිනවයෙන් ස්ථාපිත කර ඇති යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වැඩ බලන යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක වශයෙන් 1985 ජනවාරි මස දක්වා රාජකාරි ඉටුකර ඇත. ඉන් අනතුරුව නැවත යුද්ධ හමුදා සේවයට එක්වි සිටි ශ්‍රීලයුයුබට අයත් එවකට ලුතිතන් කර්නල් ඊඩීඅයි ද ෆොන්සේකා (පසුව කර්නල් නිලයට උසස්වීම් ලැබ ඇත) යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක වශයෙන් පත්කර ඇති අතරල එම ජ්‍යෙෂ්ඨ නිලධාරිද 1986 අගෝස්තු මාසය පමණ වූ කාලය දක්වා එම තනතුරේ රාජකාරි ඉටුකරන ලදී. එම ජ්‍යෙෂ්ඨ නිලධාරීද මූලස්ථානය භකාස අණසක වෙතට ස්ථාන මාරුවීම් ලැබීමෙන් පසු යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක තනතුරට එවකට ලුතිතන් කර්නල් ටි සිවෂන්මුගම් ශ්‍රීලයුයුබ නැවත පත්විය.

මේ අනුව යුධොපකරණ අධ්‍යක්‍ෂක ධුරයේ රාජකාරි කළ ශ්‍රීලයුයුබට අයත් ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරි කර්නල් එම්එච් ධර්මසිරි වේ. ඉන් අනතුරුව වැඩ බලන යුධොපකරණ අධ්‍යක්‍ෂක වශයෙන් ලුතිතන් කර්නල් ටි සිවෂන්මුගම් ශ්‍රීලයුයුබ විසින් කටයුතු කර ඇත. පසුව යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය ස්වාධීනව අනුමත කර නගාසිටුවීමෙන් පසු යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක ධුරයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පහත දක්වා ඇති පරිදි වේ.

යුධෝපකරන සේවා අධ්‍යක්ෂකවරුන්

අ/අ නිලය නම සිට දක්වා
01. කර්නල් ඊඩීඅයි ද ෆොන්සේකා 10.03.1984 26.07.1986
02. බ්‍රිගේඩියර් ටී සිවාෂන්මුගම් යුඑස්පී 26.07.1986 01.10.1992
03. බ්‍රිගේඩියර් එල් කුලතුංග යුඑස්පී 02.10.1992 28.03.1998
04. බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන යුඑස්පී 28.03.1998 17.01.2000
05. කර්නල් ඩීඑස්ජී කීම්පිටිය ඒටීඕ 17.01.2000 28.12.2000
06. මේජර් ජෙනරල් එල්එල්ඒ ප්‍රනාන්දු යුඑස්පී 28.12.2000 26.09.2002
07. බ්‍රිගේඩියර්. සීජේ කොට්ටහච්චි ඒඒටීඕ 26.09.2002 01.11.2004
08. මේජර් ජෙනරල් . එස්ටී අබේරත්න යුඑස්පී 01.11.2004 20.06.2005
09. බ්‍රිගේඩියර් එල්බී අළුවිහාරේ යුඑස්පී පීඑස්සී ඒඒටීඕ 20.06.2005 11.07.2006
10. බ්‍රිගේඩියර් එම්ඉසෙඩ්ආර් සැලේ යුඑස්පී 11.07.2006 13.01.2009
11. බ්‍රිගේඩියර් ආර්වී උඩවත්ත පීඑස්සී ඒටීඕ 13.01.2009 27.06.2013
12. බ්‍රිගේඩියර් එච්ජීඅයි විද්‍යානන්ද යුඑස්පී ඒඒටීඕ එල්එස්සී 28.06.2013 27.10.2016
13. බ්‍රිගේඩියර් එචිඑමියුබි හේරත් ආර්එස්පි යුඑස්පී ඒඒටීඕ එල්එස්සී 27.10.2016 05.07.2018
14. බ්‍රිගේඩියර් ඩබිඒපි විජේසිංහ ආර්එස්පි ඒඒටීඕ 05.07.2018 28.08.2019
15. මෙිජර් ජෙනරාල් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පි 28.08.2019 08.09.2020
16. මෙිජර් ජෙනරාල් ඊඑමිපි විරසිංහ යුඑස්පී ඒටීඕ 08.09.2020 19.01.2022
17. බ්‍රිගේඩියර් ජී කේ අයි විතානච්චි ඒටීඕ 20.01.2022 2022.11.18
17. බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ ආර්එස්පී ඒටිඕ 19.11.2022 මේ දක්වා