Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

මුලික යුධොපකරන ගබඩාව

මූලික යුධොපකරණ ගබඩාවේ ඉතිහාස

මූලික යුධොපකරණ ගබඩාවේ ඉතිහාසය 1950 වසර දක්වා අතීතයකට උරුමකම් කියාපානු ඇත. 1950.02.01 දින යුධොපකරණ ගබඩාව මුලින් ම පිහිටුවා ඇත. එම කාලයේදී යුධොපකරණ ගබඩාව කිරුළපන ප්‍රදේශයේ පිහිටුවා තිබු අතර, පනාගොඩ යුද හමුදා ජනපදය ඉදිකිරිමෙන් පසු 1955 ජූලි මසදී කිරුළපනේ සිට පනාගොඩ යුහ ජනපදයට යුධොපකරණ ගබඩාව රැගෙනවිත් ඇත. ඒ අනුව දැනට 1 වන ශ්‍රීලයුයුබ ඒකකය ස්ථාපිත කර ඇති භූමි භාගයේ පිහිටි ගබඩාහල් එම අවදියේදී ලයුයුබට අයත් යුධොපකරණ ගබඩාව වශයෙන් භාවිතා කරන ලදී.

අනතුරුව කාලානුරූපීව යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමඟ ම යුධොපකරණ ගබඩාව මූලික යුධොපකරණ ගබඩාවක තත්වයට පුඵල් වි ඇති අතර, එය නිලධාරි අණදෙන වරයෙකුගේ අණ හා පාලනයට යටත්කර ඇත. ඒ අනුව දැනට ඇති ලිඛිත සාක්‍ෂි අනුව මූලික යුධොපකරණ ගබඩාවේ ප්‍රථම නිලධාරි අණදෙන වශයෙන් මේජර් ඊබී ඊබට් (1962.01.29 - 1962.02.16) කටයුතු කර ඇත. එතැන් සිට 1992.07.01 දක්වා මූලික යුධොපකරණ ගබඩාව පනාගොඩ යුහ ජනපදයේ ස්ථාපිතව තිබිණි. ඉන් අනතුරුව යුධොපකරණ බලකායේ නව සංවිධානයත් සමඟම මූලික යුධොපකරණ ගබඩාව පනාගොඩ ජනපදයෙන් සමුගැනීම සිදූවිය. ඒ අනුව 1992.07.01 දින සිට නව සේවාස්ථානය වූ මරදාන ට්‍රිපෝලි කඳවුරේ ස්ථානගතවිම සිදුකරන ලදී.

1992.07.01 දින ට්‍රිපෝලි වෙළඳ සංකීර්ණ භූමියේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ගබඩා ගොඩනැගිල්ලක් තාවකාලිකව යුද්ධ හමුදාවට පවරාගෙන වෙනම ගිණුම් තබන ඒකකයක් ලෙස යුධොපකරණ ගබඩාව ආරම්භ වි ඇත. එදා සිට මේ දක්වා අණදෙන නිලධාරිවරුන් තිදෙනෙකු හා සේනාවිධායකවරුන් යටතේ සියලුම යුධොපකරණ ඒකක හා යුද්ධ හමුදාවේ සියලුම ඒකකයන් වෙත යුධොපකරණ භාණ්ඩ සැපයීමේ කාර්යයෙහි නිරත විය. කඩවත රෙදිපිළි ගබඩාව, කොළඹ සහ කටුබැද්ද ශ්‍රීලයුයුබ ගබඩා අංශයන්ද එම ගබඩාව යටතෙහි මුලික අවධියේදී රාජකාරි ඉටුකරන ලදී.

පසුගිය වකවානුවේ පැවති යුද්ධ ක්‍රියාකාරකම්වලදී ක්‍රියාන්විත ප්‍රදේශයේ සටන් වදින යුධ සෙබඵන්ගේ අත්‍යවශ්‍ය යුධොපකරණ භාණ්ඩ ඉදිරි ප්‍රවාහන රාජකාරි නිවැරදි ව හා කාර්යක්‍ෂමව ඉටුකිරීම වෙනුවෙන් සියලුම නිලධාරින් හා සෙසුනිලයින් සිය ශ්‍රමය හා ශක්තිය දිවා රාත්‍රී නොබලා ඉටුකළ අතර, එම කාර්යයන් වෙනුවෙන් සමස්ත යුද්ධ හමුදාවේම උසස් නිලධාරින්ගේ පැසසුමට ලක්වි ඇත.

යුධ සංග්‍රාමය අවසන්වි සාමය උදාවි ඇති මේ මොහොතේ යුධමය වාතාවරණයේදී ඉටු කළ කාර්යයන්ට වඩා නිපුණත්වයෙන් හා කාර්යක්‍ෂමව උසස් ඵලදායිතාවයකින් යුත් යුධොපකරණ සේවාවක් සමස්ත යුද්ධ හමුදාව වෙත ලබාදීමට මෙම මූලික යුධොපකරණ ගබඩාව ක්‍රියා කරමින් සිටි.

මූලික යුධොපකරණ ගබඩාව නගා සිටුවිමෙන් පසුව වර්තමාන තත්වයට රැගෙන ඒමට විශිෂ්ට සේවයන් මෙන්ම දායකත්වයක් ලබාදුන් නිලධාරින් සහ සෙසුනිලයින් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

මුලික යුධෝපකරන ගබඩාවේ කාර්යභාරය සහ කාර්යය

කාර්යභාරය

මුලික යුධොපකරණ ගබඩාවේ කාර්යභාරය වනුයේ වෘත්තීයමය, යැපෙන්නන් හට මිත්‍රශීලී/නවින තාක්‍ෂණික ප්‍රවේශයක් සහිතව වගකීම හා වගකිවයුතු බව සහතික කරමින් සියලුම යුධොපකරණ ආයතන/යැපුම් ඒකක සඳහා සමස්ත යුධොපකරණ කාර්යයන් මඟින් ඵලදායී හා කාර්යක්‍ෂම යුධොපකරණ සැපයුමක් (රෙදිපිළි, අවි/පතුරොම්, වාහන, සන්නිවේදන උපකරණ හැර) ලබාදීම වේ.

කාර්යයන්

  • සියලුම යැපුම් යුධොපකරණ ආයතන/යැපුම් ඒකකයන්ට අදාළ වන මානව සම්පත්, වාහන, යන්ත්‍රෝපකරණ, උපකරණ වැනි දෑ හා අදාළ වන පරිමාණ, කාර්යමණ්ඩල පිළිබඳ යුධොපකරණ සැපයුම්වලට අදාළ දත්ත හා තොරතුරු නඩත්තුකර පවත්වාගෙන යෑම සහ ඒවා වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
  • සියලුම යැපුම් යුධොපකරණ ආයතන/යැපුම් ඒකකයන්හි අවශ්‍යතාවය මත සියලුම වර්ගයේ යුධොපකරණ බඩුබාහිරාදිය (රෙදිපිළි,අවි/පතුරොම්,වාහන,සන්නිවේදන උපකරණ හැර) රාජ්‍ය මූදල් රෙගුලාසි, භාණ්ඩාගාර චක්‍රලේඛන, යුහමු/යුසේඅම උපදෙස්වල නියමයන්ට අනුකූලවන පරිදි ඇස්තමේන්තු කිරීම, ලබාගැනීම,පරික්‍ෂාකිරීම,ගබඩාකිරීම,ගිණුම්තැබිම,නඩත්තුකිරීම,ඉදිරිප්‍රවාහනය කිරීම/නිකුත්කිරීම සහ ඊට අදාළ ස්වංක්‍රීය ද්‍රව්‍ය කළමණාකරන පද්ධතිය මනා ලෙස පවත්වා ගෙනයාම තහවුරු කිරීම.
  • ප්‍රමිතිගත,ගුණාත්මක හා ඵලදායී යුධොපකරණ සැපයුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම උදෙසා දේශීයව හා විදේශීය දෙයාකාරයෙන්ම ලැබෙන සියලුම වර්ගයේ යුධොපකරණ බඩුබාහිරාදිය සම්බන්ධයෙන් (රෙදිපිළි,අවි/පතුරොම්,වාහන,සන්නිවේදන උපකරණ හැර) සූක්‍ෂම හා සියුම් පරික්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් භාණ්ඩවල පිළිගතහැකි ප්‍රමිතියක් තහවුරු කිරීම.
  • සුඵ ප්‍රසම්පාදන කමිටු ක්‍රියාවලියේදී සියලු ම යුධොපකරණ බඩුබාහිරාදිය සම්බන්ධයෙන්වූ (රෙදිපිළි, අවි/පතුරොම්,වාහන,සන්නිවේදන උපකරණ හැර) ප්‍රසම්පාදන කාර්යභාරය සු`ඵ ප්‍රසම්පාදන කමිටුව මාර්ගයෙන් ඉටුකිරීම හා එම ක්‍රියාවලිය තුළ මුදලට වටිනාකම” සංකළ්පය සහ මූල්‍ය කළමනාකරණ නියමයන් සහතික කිරීම.
  • යුධොපකරණ බඩුබාහිරාදිය ප්‍රමිතිගත, ගුණාත්මක හා පිළිගතහැකි ලෙස ගබඩා වැඩහල මගින් උචිත පරිදි නිර්මාණය, ප්‍රවර්ධනය, නිෂ්පාදනය, අලුත්වැඩියාව හෝ නවිකරණය සිදුකිරීම සහ ඊට අදාළවන සියලුම අමුද්‍රව්‍යයන් නිවැරදි පිළිවෙතට අනුව ගිණුම් තැබිම.
  • යුද්ධ හමුදා මූලස්ථානයේ ශාඛා/අම යටතේ පාලන භාණ්ඩ ලෙස වර්ගකර ඇති සියලුම භාණ්ඩ සඳහා ප්‍රමාණවත් අතිරේක තොග පවත්වාගැනීම, නඩත්තු කිරීම හා ඊට අදාළ ගිණුම් කටයුතු නිවැරදිව සිදුකිරීම.
  • වගකීම් බළප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා යැපීම් ආයතනයන්හි වාර්ෂික යුධොපකරණ පරික්‍ෂණ ක්‍රියාවලිය මෙහෙයවිම සහ ඊට අදාළ පරික්‍ෂණ වාර්තා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය/යැපුම් ආයතන වෙත ඉදිරිපත් කිරීම/ප්‍රගති සමාලෝචනය නියමිත කාලසීමාවන්හිදී සිදුකිරීම.
  • යුධොපකරණ භාණ්ඩවලට අදාළවන අනුමත නියැදි/පිරිවිතර යුහමු/කාඇක සහ සියුම් පරික්‍ෂණ කණ්ඩායම්හි අවශ්‍යතාවයන් සඳහා යොමුකිරීම පිණිස සුරක්‍ෂිතව රඳවාගැනීම/භාරයේ තබාගැනීම.
  • යුද්ධ හමුදාවේ සමස්ත අවශ්‍යතාවය මත ලබාගත යුතු සියලුම වර්ගයේ මුද්‍රිත ආකෘතිපත්‍ර හා පොත් පිළිබඳව ඇස්තමේන්තු කිරීම, ලබාගැනීම, පරික්‍ෂාකිරීම, ගබඩාකිරීම, ගිණුම්තැබිම, නඩත්තුකිරීම, ඉදිරි ප්‍රවාහනය කිරීම/නිකුත්කිරීම හා එම අවශ්‍යතා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ලබාගැනීම හා ගිණුම් කටයුතු නිරවුල්කිරීම.
  • සියලුම යුධොපකරණ භාණ්ඩ සඳහා (රෙදිපිළි,අවි/පතුරොම්,වාහන, සන්නිවේදන උපකරණ හැර) මිල දර්ශණයක් පලකිරීම/වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
  • තම අණසක යටතේ පවතින සියලුම ශ්‍රීලයුයුබ ගබඩා අංශයන්හි යුධොපකරණ බඩුබාහිරාදිය ගිණුම්තැබිම, අධික්‍ෂණය, පරිපාලනය, ගිණුම් කටයුතු වගකීම හා වගකිවයුතු බව සහිතව සහ උපරිම ඵලදායීතාවයකින් පවත්වාගෙනයාම අධික්‍ෂණය කිරීම.
  • වගකීම් බලප්‍රදේශය තුළ පවත්වන සියලුම සමික්‍ෂණ මණ්ඩල සඳහා කාලානුරූපව අවශ්‍ය පරිදි යුධොපකරණ නිලධාරි නියෝජිතයින් නම් කිරීම සහ ඊට අමතරව ස්වකීය යැපුම් ඒකක/ආයතන සමඟ සම්බන්ධතාවයෙන් පුහුණු ක්‍රියාකාරකම්වලදී (දේශන/සම්මන්ත්‍රණ වැනි දෑ මගින්) ද්‍රව්‍යය කළමණාකරන කටයුතු පිළිබඳව එම භකාස කාර්ය මණ්ඩලයන් දැනුවත්කර මගපෙන්විම.
  • එදිනෙදා කාර්යයන් ඉටුකිරිමේදී සිදුකරනු ලබන පුහුණුවද ඇතු`ඵව සියලුම ආවේණික යුධොපකරණ වෘත්තීය පුහුණුව හා මගපෙන්විම් තුළින් වගකීම් බළප්‍රදේශය තුළ පිහිටි සියලුම යුධොපකරණ ආයතනයන් හි කාර්ය මණ්ඩලයන් පුහුණු කරවිම හා එ මඟින් ඔවුන් තුළ ඉන් උසස් මට්ටමේ කාර්මික නිපුනතාවයක් තහවුරුකිරීම.
  • ආසේමූ/යුහමු විසින් දෙන උපදෙස් මත ක්‍රියාත්මකවිම පිණිස වගකීම් බළප්‍රදේශය තුළ ඇතිවන හදිසි/ආපදා තත්වයකදී හමුදාමය/සිවිල් අධිකාරින් වෙත අදාළ යුධොපකරණ සැපයුම් සහාය ලබාදීම පිණිස ක්‍රියාන්විත සූදානමක් පවත්වාගෙනයාම.
අ.අ නම සිට දක්වා
1. මේජර් ඊඩී ඊබට් 29.01.1962 16.02.1962
2. මේජර් ඒඒඩිබී පෙරේරා 27.06.1970 14.11.1973
3. මේජර් එම්එච් ධර්මසිරි 14.11.1970 12.04. 1973
4. කපිතන් ආර් සිරිවර්ධන 12.04.1973 02.05.1973
5. මේජර් එම්එච් ධර්මසිරි 02.05.1970 04.04.1975
6. කපිතන් ආර් සිරිවර්ධන 04.04.1975 17.05.1976
7. මේජර් ටී සිවාෂන්මුගම් 17.05.1976 05.04.1978
8. කපිතන් ඒඕසීඑන් ප්‍රනාන්දු 05.04.1978 20.09.1978
9. මේජර් එල් කුලතුංග 20.09.1978 12.09.1979
10. මේජර් ජේපීඒ ජයවර්ධන 12.09.1979 10.12.1979
11. මේජර් එල් කුලතුංග 10.12.1979 23.08.1982
12. මේජර් ඩීඑස්ජී කීම්පිටිය ඒටීඕ 23.08.1982 06.08.1983
13. කපිතන් ආර්එන්කේඊ ගුණතිලක 06.07.1983 01.09.1983
14. කපිතන් සීජේ කොට්ටහච්චි 01.09.1983 30.01.1984
15. මේජර් ඒඕසීඑන් ප්‍රනාන්දු 30.01.1984 07.05.1984
16. මේජර් ආර්එම්බීපී රණසිංහ 07.05.1984 14.10.1984
17. මේජර් ආර්එල් සූරියආරච්චි 14.10.1984 18.02. 1985
18. මේජර් ආර්එම්බීපී රණසිංහ 18.02.1985 20.05.1988
19. මේජර් ආර්එල් සූරියආරච්චි 20.05.1988 20.04.1990
20. ලුතිතන් තර්කල් ආර්එල් සූරියආරච්චි 20.04.1990 01.07.1992

මුලික යුධෝපකරන ගබඩාවේහි හිටපු අණදෙන නිලධාරීන්

අ.අ නම සිට දක්වා
1. මේජර් ජීඑස් චන්ද්‍රසිරි 01.07.1992 12.10.1992
2. මේජර් බීපීඑස්එච් මෙන්ඩිස් 12.10.1992 29.07.1993
3. ලුතිතන් කර්නල් එල්එල්ඒ ප්‍රනාන්දු 29.07.1993 31.01.1994
4. මේජර් සීආර්එස් ප්‍රනාන්දු 31.01.1994 18.04.1994
5. ලුතිතන් කර්නල් එල්එල්ඒ ප්‍රනාන්දු 18.04.1994 03.11.1994
6. ලුතිතන් කර්නල් එස්ටී අබේරත්න 03.11.1994 02.01.1995
7. මේජර් සීආර්එස් ප්‍රනාන්දු 02.01.1995 10.03.1995
8. ලුතිතන් කර්නල් ආර්ආර් රාමනායක ඒටීඕ 20.04.1995 07.05.1998
9. කර්නල් සීජේ කොට්ටහච්චි ඒඒටීඕ 07.05.1998 07.05.1999
10. බ්‍රිගේඩියර් සීජේ කොට්ටහච්චි ඒඒටීඕ 07.05.1998 22.07.1999
11. කර්නල් බීපීඑස්එච් මෙන්ඩිස් 22.07.1999 28.07.2000
12. ලුතිතන් කර්නල් එන්බී නිකහෙටිය 28.07.2000 16.05.2001
13. ලුතිතන් කර්නල් සීආර්එස් ප්‍රනාන්දු ඒඒටීඕ 16.05.2001 10.10.2002
14. මේජර් ජීජීඩී ගුණසේකර ඒඒටීඕ 10.10.2002 01.12.2004
15. ලුතිතන් කර්නල් ජීජීඩී ගුණසේකර ඒඒටීඕ 01.12.2004 07.02.2006
16. ලුතිතන් කර්නල් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටීඕ එල්එස්සී 07.02.2006 03.11.2006
17. ලුතිතන් කර්නල් එච්එම්යුබී හේරත් ආර්එස්පී ඒඒටීඕ එල්එස්සී 03.11.2006 02.04.2008
18. ලුතිතන් කර්නල් එස් නිලවීර ඒටීඕ 02.04.2008 20.04.2009
19. කර්නල් ඩීඑස්ඒ දෙහිවත්ත ඒටීඕ 20.04.2009 19.07.2011
20. කර්නල් ඩබ්ඒපීඑම් විජේසිංහ ආර්එස්පී ඒඒටීඕ 19.07.2011 18.08.2014
21. බ්‍රිගේඩියර් ජේඒඩීපී ජයතිලක යුඑස්පී ඒටීඕ 18.08.2014 10.04.2015
22. කර්නල් එස්එම්ඩබ්බීඑන් තලගහවත්ත ඒටීඕ 15.05.2015 18.01.2017
23. කර්නල් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පි 18.01.2017 16.02.2018
24. බ්‍රිගේඩියර් ජේපිඑචි ගමගේ යුඑස්පි ඒඒටිඔි 16.02.2018 08.01.2020
25. කර්නල් ආර්ජි හේරත්ගේ ඒඒටීඕ 08.01.2020 17.06.2021
26. බ්‍රිගේඩියර් ජි ඒ මුණසිංහ ආර්එස්පි ඒටිඔි 18.06.2021 09.08.2021
27. කර්නල් ඒජිසිආර් අමරසිංහ යුඑස්පි ඒට්ඹි 10.08.2021 16.01.2024
28. කර්නල් කේපීඑන්එස්කේ කාරියවසම් එල්එස්සී ඒටීඕ 17.01.2024 මෙි දක්වා