Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

ශ්‍රි ලංකා යුධ හමුදා යුධෝපකරන බලකාය

යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය යුහමු හි 1980 වසරේදි ස්ථාපනය කර ඇති අතර එවකට යුධොපකරණ අධ්‍යක්‍ෂක විසින් ඉටුකරනු ලැබු පාලන හා කාර්මික රාජකාරි යුහමු භකාස අධ්‍යක්‍ෂකගේ පාලනයට යටතේ විය. යුධොපකර අධ්‍යක්‍ෂක මණ්ඩලයට අයත් අංශ කිහිපයක් මුප් අවධියේදි යුද්ධ හමුදා ජනපදය පනාගොඩ හි මුල ශ්‍රිලයුයුබට අනුබද්ධිතවම ක්‍රියාතමක වු අතර මෙරට බඩු එක්රැස්කිරිමෙි අංශය හා වරාය අංශය පමණක් යුහමු ස්ථානගතවි ඇත. ඉන් අනතුරැව යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයට අයත් මුල් ශ්‍රිලයුයුබ යටතේ පිහිටි ඉදිරි අංශයන් වු විදේශිය බඩුගෙන්වීමේ අංශය, මෙරට බඩුගෙන්විමේ අංශය, මුදල් අංශය 1980 මාර්තු 17 වන දින යුද හමුදා මුලස්ථාන සංකීර්ණය තුලට ගෙනෙන ලදි. එසේම ඒ වන විට යුහමු හි අවි/පතුරොමි හා වෙඩිද්‍රව්‍ය හා වෙඩිද්‍රව්‍ය ගබඩාව පිහිටි ගොඩනැගිල්ල තුලට ස්ථානගත කර තිබු යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලයට අයතවු මෙරට බඩු එක්රැස් කිරිමෙි අංශය හා වරාය අංශය යන අංශයන්ද ඊට යාකරන ලදි.

ඉන් අතතුරැව එළඹි කාලවකවානුවෙිදි යුද හමුදා මුලස්ථානය සංවිධානය පුතිසංවිධානය කිරිමෙිදි සේවා අධ්‍යක්‍ෂක මණ්ඩල යුහමු සංවිධානයට අලුතින් එක්කර ඇත. ඒඅනුව 1982 මාර්තු මාසයේදි එම අනුමැතිය යටතේ වු යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය යුද හමුදා මුලස්ථානයේ පිහිටි ශාන්න ජෝන්ස් ගිලන්රථ ගොඩනැගිල්ලෙහි ස්ථනගතවි නිලධාරි 03 ක් සහ සෙසුනිලයින් 10 කින් යුතු කාර්යය මණ්ඩලයකින් සමන්විතව සිය කාර්යයන් ආරමිභකර ඇත. එහි වැ.බ යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක වශයෙන් එවකට මෙිජර් ටි සිවෂන්මුගමි ශ්‍රිලයුයුබ කටයුතු කර ඇත. මෙහිදී යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය හා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය වශයෙන් ආයතන දෙකක් පැවැති බැවින් ඉන් ඇතිවන පාලනමය අපහසුතාවයන් මගහැර ගැනිම උදේසා පෙර යුධොපකරණ අධ්‍යක්‍ෂක මණ්ඩලය වශයෙන් හැදින්වු ආයතනය යුධොපකරණ “උපර්ජන කණ්ඩායම (Ordnance Procurement Copmany)” ලෙස නාමය වෙනස් කර යුහමු භකාස අධ්‍යක්‍ෂක යටතට පැවරි තිබු එහි පාලන හා කටයුතු මුල ශ්‍රිලයුයුබ වෙතටත් පවරාගැනිමට මුල භකාස ශ්‍රිලයුයුබ වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් එවකට මෙිජර් ටි සිවෂන්මුගමි ශ්‍රිලයුයුබ විසින් 1983 අප්‍රේල් මාසයේදි ක්‍රියාකර ඇත.

යුධොපකර බලකායේ ස්ාවිචිජා ඒකකය පලමුව කණ්ඩායමක් වශයෙන් මුල ශ්‍රිලයුයුබට අනුවද්ධව 1980 වසරේදි නගාසිටුවා ඇත. වත්මන්ව නිලධාරින් 28 ක් හා සෙසුනිලයින් 575 ක් ගෙන් සමන්වාතව ස්වාධින එකකයක් වශයෙන් ක්‍රියාත්මක ස්වොචිජා ඒකකයේ පලමු අණදෙන නිලධාරි වුයේ මෙිජර් බීඑස්ජි නානායක්කාර ශ්‍රිලයුයුබ වෙි.

ශ්‍රිලයුයුබ සංස්ථාවට ඉදිරි මුලික යුධොපකරණ ගබඩවෙ (අනුරාධුර) 1985.02.18 දින සාලියපුර ගජබා රෙජිමෙින්තු කදවුරේදා ආරමිබකරන ලදි. යුද්ධ හමුදාවෙි පුලුල්විටම සමගාමිව උතුරැ ක්‍රියන්වාත ප්‍රදේශයේ රාකරොයේ නියුතු භටපිරිස් සදහා යුධොපකරණ භාණ්ඩ අවශ්‍යතාවන්ය කාර්යක්ෂමව සපුරාලිම ඉන් මුලික අරමුණිවිය.

1983 වසරෙන් පසු කාලවකවානුව උතුරැ හා නැගෙනහිර ප්‍රදේශයේ දෙමල බෙදුමිවාදින්ගේ ත්‍රස්තවාදි ක්‍රියාවන් උත්සන්න වෙමින් පැවැති කාලවකවානුව විය. එම හේතුවෙන් යුද්ධ හමුදාවෙි ක්‍රියාන්විත රාජකාරින් අධිකවිම මත යුද්ධ හමුදා සංස්ථාව සංවිධානයද ප්‍රතිසංවිධානය කල අතර, ඒ අනුව බදවාගත් නිලධාරි/ආධුණිකයින් අලුතින් නගාසිටුවන ලද ඒකක සංඛ්‍යාවද සිඝ්‍රෙයන් වැඩිවිය. ඊට සමගාමිව යුධොපකරණ බලකායේ සංස්ථා සංවිධානයද ප්‍රතිසංවිධානය කර ඇත. ඒ අනුව G/SD/70 හා 1985.05.08 දිනැති යුහමු ලිපිය මගින් යුධොපකරණ බලකාය සදහා නිලධාරින් 42 ක් හා සෙසුනිලයින් 971 කින් යුතු නව සංස්ථාවක් අනුමත කර ඇත. එහි උධෘතයක් පහත දක්වා

ප්‍ර/මංරා/70 හා 1990.03.25 දිනැති ලිපියේ ආවරණයෙන් ශ්‍රිලයුයුබ රෙජිමෙින්තු ව සදහා නිලධාරි 125 හා සෙසුනිලයින් 2270කින් යුතු සංස්ථා සංවිධානයක් අනුමත කරත ලදි. එවකට යුද්ධ හමුදාවෙි සංවිධානයට සමගාමිව ශ්‍රිලයුයුබ රෙජිමෙින්තු වද සංවිධානයවි ඇත. එම වකවානුවි යුද්ධ හමුදා සංවිධනය සේනාංක මුලස්ථාන 03 ක් වශයෙන් විමධගතවි තිබු අතර, එම සේනාංකවල යුධොපකරණ භාණ්ඩ අවශ්‍යතාවයන් සපුරාලිම සදහා ශ්‍රිලයුයුබ රෙජිමේන්තු සංවිධානය යටතේ සේනාංක යුධොපකරණ ඒකක වශයෙන් නව ඒකක ස්ථාපත කර නගාසිටුවන ලදි.

රෙජිමෙන්තු සංවිධානයට යුධොපකරණ කර්මාන්ත ශාලාව 1991.05.20 දින එකතුවිය දොඔගොඩ ප්‍රදේශයේ පිහිටි භුමිභාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටුවමින් එවකට පැවැති යුදමය අවශ්‍යතාවයන් සදහා යුද්ධ හමුදාවෙි නිෂ්පාදිත වශයෙන් මෝටාර් විදිනයන්, මෝටාර් උන්ඩ ට්‍රිප්ලෙයාර්ස් අදිය නිෂ්පාදනය කර ලබාදිම සිදුකර ලදි.

නව සංස්ථා සංවිධානය යටතේ සේනාංක යුධොපකරන ඒකකය පනගොඩ මුලික යුධොපකරණ ගබඩා භුමිභාගය තුලදිද. එතෙක් ඉමුයුග(අනු) වශයෙන් ක්‍රියාත්මක වු යුධොපකරණ ගබඩාව 2 සේනාංක යුධොපකරණ ඒකකය වශයෙන් 1991.11.01 දින අනුරාධපුරයේද, ඉමුයුග(මින්) වශයෙන් ක්‍රියාත්මක වු යුධොපකරණ ගබඩා 03 වන සේනාංක යුධොපකරණ එකක වශයෙන් මින්නේරිය හිදි 1995.03.23 යන දිනයන්හිදි නගාසිටුවා ක්‍රියාතිමක කරන ලදි. පසුකාලයේදි මෙම සේනාංක යුධොපකරණ ඒකක 1.2 සහ 3 ශ්‍රිලයුයුබ ඒකක වශයෙන් ක්‍රියාත්මක විය.

ප්‍ර/මංරා/70 හා 1990.03.25 දිනැති ලිප‍යෙන් අනුමත කරන ලද ශ්‍රිලයුයුබ සංස්ථාව - 1990 වර්ෂය

ප්‍ර/මාරා/229(115) හා 2009.09.22 දිනැති ලිප‍ය මගින් ශ්‍රිලයුයුබ සංස්ථාව යුහමු විසින් අනුමත කරන ලදි. ඉන් අනතුරැව 2012 වසරේදි G/SD/229(27) හා 2012.11.28 දිනැති ලිපිය මගින් ඊට රෙම ශ්‍රිලයුයුබ නව සංස්ථාව අනුමත කර එකතු කරන ලද අතර, 2015 වසරේදි G/SD/229(20) හා 2015.07.21 දිනැති ලිපිය මගින් 6 හා 7 රෙජිමෙින්තු ශ්‍රිලයුයුබ ඒකක සංස්ථාව සමිපුර්ණයෙන් අනුමත කර රෙම ශ්‍රිලයුයුබ නව සංස්ථාව එකතු කරන ලදි. මෙම අනුමැතියන් අනුව වර්තමාන මෙම බලකා සංවිධානය යටතේ නිලධාරි 237 ක් හා සෙසුනිලයින් 4303 කින්ද, ස්වෙිචිජා නිලධාරින් 28 ක් හා සෙසුනිලයින් 575 කින්ද සමන්විතව සමිපුර්ණ සංඛ්‍යාව නිලධාරි 265 හා සෙසුනිලයින් 4878 වන අතර, ඊට අනුකුලව බලකා සංවිධානය පහත දක්වා ඇති පරිදිවෙි.