12th September 2022 16:45:40 Hours
මේජර් කේආර්එල්එස් බණ්ඩාර ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 අගෝස්තු මස 24 වන දින කිලිනොච්චියේ පිහිටි ඒකක මුලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
28th August 2022 11:49:05 Hours
අභිනවයෙන් නිල උසස්වීම් ලද මේජර් ජෙනරාල් ජිකේඅයි විතානාච්චි ඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට රෙජිමේන්තු හරසර පුද කිරිම වස් 2022.08.24 දින යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරීන් සහ බළලත් නිලධාරි ඇතුළු සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා සම්ප්රධාණුකූල උත්සවයක් සූදානම් කරන ලදි.
14th July 2022 07:25:13 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ඉකුත් බදාදා (6) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ ප්‍රථම නිල සංචාරයේ නිරත වෙමින් එම කර්මාන්ත ශාලාව තුළ සිදුකරනු ලබන ටයර් නැවත පිරවීමේ කටයුතු සහ අනෙකුත් කාර්මික කටයුතු පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබීය.
14th July 2022 07:18:49 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සෙනාවිධායක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති දීපිකා වින්තාමනි වීරතුංග මහත්මියගේ මගපෙන්වීම මත 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් 2022 ජුලි 03 වන දින මුලතිව් “ලදනි“ ළමා නිවාසය සඳහා ආධාර බෙදාදීමේ වැඩසටහනක් සහ දිවා ආහාරය පිරිනමන ලදී.
14th July 2022 07:15:26 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යුඑස්පි ඒටීඕ විසින් 2022 ජුනි මස 17 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න නේවාසිකාගාරය, බලලත් නිලධාරි සහ සැරයන් නිවස්න නේවාසිකාගාරය සහ ආයුධාගාරය ඒකක අණදෙන නිලධාරී මේජර් ඒඑම්ආර්එච්බී අබේසිංහ යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරධනයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකරන ලදී.
28th June 2022 06:11:47 Hours
නවතමයෙන් ඉදිකරන ලද කර්නල් සේනාවිධායක නිල නිවස්නය - “රික්ෂෝ කාසල්” 2022 ජූනි 22 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විවෘත කරන ලදී. මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, බ්‍රිගේඩියර් චරිත් දිසානායක, බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුමේද විජේකෝන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
28th June 2022 06:06:55 Hours
ඕර්ඩ්නන්ස් ක්‍රීඩා සංකීර්ණයේ නවතමයෙන් ඉදිකරන ලද ලිට්ල් වුඩ්, රජරට ක්‍රවුන් රිසෝට් සහ ඉරණමඩු රෙස්ට් යන නිවාඩු බංගලා 2022 ජුනි 22 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විවෘත කරන ලද අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, බ්‍රිගේඩියර් චරිත් දිසානායක, බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුමේද විජේකෝන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
28th June 2022 06:02:35 Hours
නිලධාරීන් පුහුණු කිරීමේ දින වැඩසටහන 2022 ජූනි 22 දින යුධොපකරණ පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදි. පළමු දේශණය ලෙස යුද්ධ හමුදාවේ ඉතිහාසය, මූලික වටිනාකම්, අනිවාර්ය කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳව ලුතිනන් කර්නල් වීඩී වරුෂවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පවත්වන ලද අතර, ඉන් පසුව ආරාධිත දේශණය ලෙස ණයවර ලිපි ස්ථාපිත කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා බැංකුවේ විධායක නිලධාරීයෙකුවන ධනුෂ්ක සුමතිරත්න මහතා විසින් පවත්වන ලදී.
08th June 2022 08:43:16 Hours
මේජර් පිඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 ජුනි මස 06 වන දින රණසේවාපුර, අනුරාධපුර පිහිටි ඒකක මුලස්ථාන කාර්යාලයේදී සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
18th April 2022 07:49:09 Hours
මේජර් ටීඑම්ජිබීටී වැලිගල්ල පිඑස්සීඒඒටීඕ එල්එස්සී 5 රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 අප්‍රේල් මස 04 වන දින පලාලි පිහිටි ඒකක මුලස්ථානයේදී සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.