Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

22nd November 2022 13:56:56 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජි කේ අයි විතානආරචිච් ඒටිඹි රෙජිමේන්තුවේ හර සර

යුධොපකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් ජි කේ අයි විතානආරච්චි ඒටීඕ 2022 නොවැම්බර් මස 17 වන දින වසර 34 කට යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2022 නොවැම්බර් මස 17 වන දින සිදුවිය.

හමුදා සම්ප්‍රදායන් හා සිරිත් විරිත්වලට අනුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී එස් දිසානායක ඒටීඕ විසින් අධ්‍යක්ෂ ජෙනරාල් යුධොපකරණ සේවා පිළිගෙන ප්‍රධාන දොරටුව අසලදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

මෙම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සේනාවිධායකවරු, අණදෙන නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නික්මයන මේජර් ජෙනරාල් ජි කේ අයි විතානආරච්චි ඒටීඕ විසින් සේවයේ නියුතු සියලුම සේනාවිධායකවරු, අණදෙන නිලධාරින් සහ සියලුම නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුව නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදි.

එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ සාදය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහ එම බිරින්දෑවරුන් රැසක් සහභාගි වන ලදි. එහිදි මේජර් ජෙනරාල් ජි කේ අයි විතානආරච්චි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට හා එම මැතිණියට විශේෂ සමරු තිළිණයක් වැඩසටහන නිමා කරමින් පිරිනමනු ලදි.