Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st April 2023 07:23:57 Hours

පාසල් දරුවන් වෙත පාසල් උපකරණ සහ නිල ඇදුම් බෙදාදීමේ වැඩසටහන

යුද්ධ හමුදා රෙදිපිලි ගබඩාව විසින් සංවිධානය කරනු ලැබූ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ හා පාසල් නිල ඇදුම් බෙදාදීමේ වැඩසටහන 2023 පෙබරවාරි මස 08 වන දින යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව - වේයන්ගොඩ පරිශ්‍රයේදී පැවැත්විය.

යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව යටතේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයින් සහ සිවිල් සේවක මහත්වරුන්ගේ දු දරුවන් 54 දෙනෙකු සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ සේවා වනිතා ඒකකයේ සහ කර්නල් සේනාවිධායකතුමන්ගේ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර, යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාවේ සේනාවිධායක ලුතිතන් කර්නල් ආර්ඒසී රූපසිංහ ඒටීඕ ශ්‍රිලයුයුබ සහ එම මැතිණියගේ මූලිකත්වය යටතේ වැඩසටහන සාර්ථකව සිදුකෙරුණි.

යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත සේනාවිධායක, යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සෙසුනිලයින් ද මෙම වැඩසටහනට සහභාගී විය.