Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th September 2022 15:16:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන - බටහිර ආඥාපති ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ක්‍ෂෙත්‍ර සංචාරයක් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථාන - බටහිර ආඥාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, දොඹගොඩ වෙත ක්‍ෂෙත්‍ර සංචාරයක් සිදු කරන ලදී. කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සංචාරයේදී, ටයර් නැවත පිරවීමේ අංශය, බලලත් නිලධාරී හා සැරයන් නිවස්නය, සෙසු නිල භෝජනාගාරය හා යුධොපකරණ පුහුණු පාසල් නිදර්ශන කුටි නිරීක්‍ෂණය කරන ලදී. 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන (ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර), 612 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.