-
26th March 2020 22:00:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සීයු මාරසිංහ ආර්එස්පී යුඑස්පී විසින් 2020 මාර්තු මස 12 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්මික පරික්ෂාව සිදුකරන ලදි. යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුකූලව යුධොපකරණ සේවා අධ්‍යක්ෂක පිලිගැනීමට ලක්විය. එම අවස්ථාවේදී යුධොපකරණ සේවා අධ්‍යක්ෂකගේ සංචාරය ප්‍රකාශ කිරීම සඳහා පැලයක් රෝපණය කරන ලදි.
-
17th March 2020 10:31:14 Hours
ඉනෙපෙ (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කඳවුරු සංචාරය සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව පිළිගැණුනු අතර, එම අවස්ථාව සඳහා අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්කේඑස්පී වලකන්ද යූස්පි ඒටීඕ එල්එස්සී, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.
-
16th March 2020 09:06:56 Hours
ඉනෙපෙ (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ 6 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කඳවුරු සංචාරය සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව පිළිගැණුනු අතර, එම අවස්ථාව සඳහා අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එන්අයිආර් සිල්වා ඒටීඕ ශ්‍රිලයුයුබ, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.
-
12th March 2020 00:35:26 Hours
මධ්‍යස්ථාන සේනාවිධාක ශ්‍රිලයුයුබ බ්‍රිගේඩියර් එස්එන්ඒ දිසානායක ඒටීඕ විසින් 2020 මාර්තු මස 04 වන දින 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ පාලන පරීක්ෂණය සදහා සහභාගී විය. 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ජිඒඅයි නානායක්කාර ඒඒටීඕ ශ්‍රිලයුයුබ විසින් මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ පිළිගැනීමෙන් පසු සම්මාන මුරයක් පිරිනමන ලදී.
-
12th March 2020 00:30:02 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සීයූ මාරසිංහ ආර්එස්පී යූඑස්පී විසින් 2020 මාර්තු මස 05 වන දින 3 වන රෙජිජෙිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්මික පරික්ෂව සිදු කරන ලදී. යුද්ධ හමුදා සම්ප්‍රධායට අනුකුලව යුධොපකරණ සේවා අධ්යක්ෂකතුමන් පිලිගැනීමට ලක් විය. එම අවස්ථාව සදහා අණදෙන නිලධාරී මේජර් ඩබ්එස්ඩි ප්‍රනාන්දු ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.
-
21st February 2020 13:09:15 Hours
ෙම්ජර් එස්ඩී රංගේ යූඑස්පී ඒඒටිඕ එල්එස්සී ශ්‍රීලයුයුබ 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි 7 වන අණදෙන නිලධාරි ලෙස 2020 පෙබරවාරි මස 17 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
-
06th February 2020 05:52:37 Hours
4 (සෙවි) ශ්‍රිලයුයුබ ඒකකයේ 13 වන ඒකක සංවත්සරය 2020 ජනවාරි මස 09 වන දිනට යෙදි තිබු අතර නි/64327 මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර ඒඒටීඕ - ශ්‍රීලයුයුබ ඒකක අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2020 ජනවාරි මස 08 වන දින 1700 පැයට ඒකක බුදු මැදුර අභියස බොධි පුජාමය වැඩසටනක් පැවැත්විණි.
-
08th January 2020 11:13:10 Hours
නි/64327 මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර 4(සෙව්) ශ්‍රීලයුයුබ ඒකකයේ අණදෙන නිලධාරි ලෙස 2020.01.01 දින රාජකාරි ආරම්භ කරන ලදි.
-
08th January 2020 09:47:50 Hours
මේජර් ඩබ්ලිව්එස්ඩි ප්‍රනාන්දූ ඒටිඕ එල්එස්සී 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය 12 වන අණදෙන නිලධාරි ලෙස 2020 ජනවාරි මස 02 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
-
24th December 2019 07:40:03 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් ජේපිඑච් ගමගේ යුඑස්පී ඒඒටීඕ සහ කර්නල් එම්ඊපී වීරසිංහ යුඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සදුදා (16) දින බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලබන ලදී.