Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st September 2020 07:48:56 Hours

2020.09.02 වන දින පැවති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකණ බලකායේ පාලන පරීක්‍ෂණය.

ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2020 සැප්තැම්බර් මස 02 වන දින 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ඒකකය පල්ලේකැලේ - කුණ්ඩසාලේ හි පාලන කටයුතු කාර්යක්‍ෂම හා උසස් අන්දමින් පවත්වාගෙන යෑම උදෙසා පාලන පරීක්‍ෂණයක් සිදුකරන ලදී.

4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ඒකකයේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් එස් එම් බී වන්සේකර ඒඒටීඕ යන නිලධාරී විසින් ශ්‍රිලයුයුබ කර්නල් සේනාවිධායක පිළිගත් අතර ඒකක පිවිසුම් දොරටුව අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායට අනුව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් පසු ඒකක අණදෙන නිලධාරී විසින් කර්නල් සේනාවිධායක වෙත 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ඒකකයේ පාලන කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීමේන් පසු ඒකක කඳවුරු ආරක්‍ෂක සැලැස්ම පිළිබඳ ත්‍රිමාන සැලැස්මක් අනුව ඉදිරිපත් කිරීමක සිදුකරන ලදී.

කර්නල් සේනාවිධායක තුමාගේ පැමිණිම සංකේතවත් වීම සදහා අඹ පැලයක් කඳවුරු භූමිය තුල රෝපණය කල අතර ඉන්පසු කඳවුරේ සියලු ස්ථාන ආවරණය වන පරිදි කඳවුරු සංචාරයක් සිදුකල අතර අවසානයේ භඨපිරිස් ඇමතීමට නියමිතව තිබූ අතර ඒ සදහා ඒකකයේ සියලුම නිලධාරීන් සෙසු නිලයින් සහභාගී විය.