Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

04th April 2020 11:24:10 Hours

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‍යුධොපකරණ බ,කාය 23 වන ඒකක සංවත්සර දිනය සැමරීම

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‍යුධොපකරණ බලකාය 23 වන ඒකක සංවත්සර දිනය 2020.02.22 වන දින ඒකක අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සිටී සිරිවර්ධ ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ශවත් ආකාරයෙන් පවත්වන ලදී.

එයට සමගිමීව ප්‍රතමයෙන් සියළුම නිලයින්ගේ සහභාගීත්වයෙන් 2020.02.15 වන දින සාලියපුර “සතුට ළමා නිවාසයේ ” විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හට දිවා ආහාරය ලබා දීම හා ඔවුන්ගේ වින්දනය සඳහා විනොදාත්මක වැඩසටහනක් මෙන්ම ඔවුන් හට දෛනික අනවශ්‍යතා ලබා දෙන ලදී.

2020.02.16 වන දින අනුරාධපුර මහමෙව්නා ධම්චේතිය භාවනා අසපුවේ සන්ද්‍යා කාලයේ බෝධි පුජාමය පින්කමක් පවත්වා පසු දින එම භාවනා අසපුවේ වැඩ වසන සියළුම සේවාමින් වහන්සේ උදෙසා දහවල් දානය පිළිගන්වන ලදි.

2020.02.22 වන දින 23 වන ඒකක සංවත්සර දිනයට සමගාමීව අණදෙන නිලධාරී වෙත සම්මාන මුරයක් හා දෙවන අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් හා සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

එදින අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලයින් හට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වු අතර ඉන් අනතුරුව සියළු නිලයින්ගේ අමතා අණදෙන නිලධාරී විසින් 2 රෙජි ශ්‍රිලයුයුබ හි අභිමානය හා ප්‍රෞඩත්වය පිළිබඳ මෙන්ම අසේමු (ව) බල ප්‍රදේශයේ මෙම ඒකකයට අයත් නිලධාරීන් සහ සෙසුනිලයින් ඉටු කරන්නාවූ මහගු මෙහෙවර පිළිබඳව හරවත් දේශනයක් සිදුකරන ලදී.

එදිනම සන්ද්‍යා භාගයේ සියළුම නිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් මෙම ඒකකයේ “පර්ල් රික්ෂෝ” සංගීත කණ්ඩායම් සහභාගීත්වයෙන් සංගීත සන්ද්‍යාවක් පැවැත්වූ අතර ඒ අතර වාරයේ පැවැත්වූ ටොම්බෝලා තරඟය සියළුම අයවළුන් හට නව අත්දැකීම් ලබා දෙමින් 23 වන ඒකක සංවත්සරය දිනයට සමගාමීව පවත්වන ලද වැඩසටමන් මාලාව සාර්ථකව අවසන් කරන ලදී.