30th August 2019 18:46:22 Hours
13th July 2019 11:19:59 Hours
ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මනීෂා විද්‍යානන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 14 වන දින අනුරාධපුරයේ ‘අභිමන්සල - II’ සංචාරය සංවිධානය කරන ලදි.
13th July 2019 11:14:35 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා වර්ෂයට අදාල දෙවන පුහුණු වැඩසටහන 2019 ජුලි මස 24 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
එහිදි, උදැසන තරුණ නිළධාරීන් සඳහා ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් පසු වැඩ සටහන ආරම්භ වු අතර, පලමු ආරධිත දේශකයා ලෙස ලුතිතන් කර්නල් එච්බිබිඑන් හේරත් ආර්එස්පී ශ්‍රිලංසසබ විසින් ISIS සංවිධානයේ ව්‍යාප්තිය හා ශ්‍රිලංකාවට ඇති බලපෑම යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් පවත්වනු ලැබීය.
24th May 2019 15:30:07 Hours
30th March 2019 18:06:14 Hours
මේජර් ජෙනරාල්ජේ ඩි පි ජයතිලක යුඑස්පි ඒටිඕයන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 මාර්තු මස 26 වන දින ව්ශ්රාම ගැනිම වෙනුවෙන් 2019 මාර්තු 26 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.
15th March 2019 11:53:37 Hours
ශ්රීම ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා සේවා වනිතා ඒකකයේ 16වන වාර්ෂික මහා සභා රැස්වීම සෙනසුරාදා (පෙබරවාරි මස 23 වන දින) දින දොඹගොඩ යුධොපකරණ පුහුණු පාසලේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
23rd February 2019 10:04:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්විම 2019 පෙබරවාරි මස 17 වන දින සේවා මුක්ත භට සංගමයේ මුලස්ථානය වන බ්‍රිස්ටල් විදිය කොලඹ 01 විජිතපුර ශාලාවේදි පවත්වන ලදි.
මේ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් 250 ක් දිවයිනේ නොයෙකුත් ස්ථාන නියෝජනය වන පරිදි සහභාගි විය.
17th January 2019 12:29:03 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2019.01.14 දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිඑස් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි නව ධූරයේ රාජකාරී ඇරඹීය.
19th December 2018 20:16:42 Hours
කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස 2018 දෙසැම්බර් මස 17දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි.
19th December 2018 19:33:57 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බී.එස්. විදානගේ 2018 දෙසැම්බර් මස 16 වන දින වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2018 දෙසැම්බර් මස 16 වන දින සිදුවිය.