Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

11th September 2019 18:18:02 Hours

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායමට.

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අගහරුවාදා (03) පනාගොඩ “මුතුකුමරු” යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වු අතර ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායම අනු ශූරතාවය අත්පත් කර ගන්නා ලදී.

සති කීපයකට පෙර අර්ධ අවසන් තරගයට සහභාගී වූ රෙජිමේන්තු අතුරින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු බළකා ක්‍රිකට් කණ්ඩායම(ශ්‍රිලකාහ) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායම (ශ්‍රිලයුයුබ) අවසන් වටයට මුහුණදීමට සමත් විය.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන් සහභාගී වු අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් හා සෙසු නිලයන් සහ ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් විශාල පිරිසක් ක්‍රිකට් තරගය නැරඹිමට සහභාගී විය.