Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st April 2023 07:27:36 Hours

පතරොම් / වෙඩිද්‍රව්‍ය කාර්මික පාඨමාලාව (දේශිය) අංක : 11

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රාජකාරි කරනු ලබන සෙනින් 23 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2022.06.20 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද පතරොම් /වෙඩිද්‍රව්‍ය කාර්මික පාඨමාලාව (දේශිය) අංක 11 හි සමාප්ති උත්සවය 2022.12.23 දින පවත්වන ලදි.

පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සහතික පත්‍රය සහ කුසලානය 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායට අයත් සෙ/606727 සාසෙ ජයරත්න කේකේආර්ඩබ් යන සෙනි විසින් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුධොපකරණ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සීඑස් දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සුරතින් ලබාගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ සේනාවිධායක කර්නල් ආර්ඒපිඒබී දිසානායක ඒඒටීඕ , මුලික යුධොපකරණ ගබඩාවේ සේනාවිධායක කර්නල් ඒජිසීආර් අමරසිංහ යුඑස්පි ඒටීඕ සහ යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩබ්එම්ඒඑන් වර්ණසුරිය ඒටීඕ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් සහභාගී වන ලදි.