Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

28th August 2022 11:49:05 Hours

නිල උසස් විම් ලද අධ්‍යක්ෂක ජෙනරාල් යුධොපකරණ සේවා මේජර් ජෙනරාල් ජිකේඅයි විතානාච්චි ඒටිඕ වෙත රෙජිමේන්තුවේ උපහාර

අභිනවයෙන් නිල උසස්වීම් ලද මේජර් ජෙනරාල් ජිකේඅයි විතානාච්චි ඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට රෙජිමේන්තු හරසර පුද කිරිම වස් 2022.08.24 දින යුධොපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරීන් සහ බළලත් නිලධාරි ඇතුළු සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා සම්ප්‍රධාණුකූල උත්සවයක් සූදානම් කරන ලදි.

ප්‍රථමයෙන් යුද්ධ හමුදා පිළිවෙත් අනුව කදවුරු මුරයක් ලබා දී එතුමන් පිළිගන්නා ලදී. ඉන් පසු සම්මාන මුරය සරඹ භූමියේදි ඉතා උත්කර්ශවත් අන්දමින් සිදුකර රෙජිමේන්තු හරසර පුද කල අතර උත්සවය සදහා පැමිණි සිටි සියඵ නිලධාරින් සමග සමුහ ඡායාරූපයක් ලබා ගන්නා ලදී.