Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

04th March 2021 11:23:11 Hours

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 24 වන සංවත්සරය සමරණ ලදි.

2 වන රෙජිමේන්තුව ශ්‍රිලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 24 වන සංවත්සරය 2021 පෙබරවාරි 19 වන දින වත්මන් අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් විජිත ඒකනායක යුඑස්පී ඒටීඕ ගේ පුර්ණ අධීක්ෂණය හා මග පෙන්විම යටතේ පවත්වන ලදි.සංවත්සරයට සමගාමි සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් 2021 පෙබරවාරි මස 17 වන දින සුහද ක්‍රිකට් තරගාවලියක් හා 2021 පෙබරවාරි 18 වන දින ඒකකයට සෙත් පතා බෝධි පුජා පිංකමක් ඒකක බුදුමැදුර අභියසදී පවත්වන ලදි. 2021 පෙබරවාරි 19 වන දින අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් පැවැත්විම හා අණදෙන නිලධාරි විසින් අඹ පැලයක් රෝපණය කිරිම මගින් 24 වන සංවත්සර උත්සව මාලාවේ සමාරම්භය සනිටුහන් විය.

එදින සියලු නිළ තේ පැන් සංග්‍රහය සදහා අණදෙන නිලධාරි සහභාගි වු අතර 24 වන බලකා දිනය සංකේතවත් කරනු වස් සමුහ ජායාරුපයක් ලබා ගන්නා ලදි.

තවද ඒකකයේ සියලු නිලයන් සදහා දිවා භෝජන සංග්‍රහයක් සෙසු නිල භෝජනාගාරයේදී පැවැත්වීමෙන් පසුව ඒකක අණදෙන නිලධාරි විසින් සියලු නිළයන් ආමන්ත්‍රනය කරන ලදි.