Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

04th March 2021 11:36:12 Hours

3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 24 වන සංවත්සරය සමරණ ලදි.

3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 24 වන සංවත්සරය වත්මන් අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්එස්ඩි ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි මස 23 වන දින පවත්වන ලදි.

සංවත්සරයට සමගාමිව සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 2021 පෙබරවාරි මස 20 දින මින්නේරිය වැව දේවාලයෙහි මුරතැන් පුජාවක් පවත්වා ඒකකයේ රාජකාරියේ නියුතු සියළු නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් හට ආශිර්වාදය ලබා ගැනිමට කටයුතු කරන ලදි. තවද 2021 පෙබරවාරි මස 21 දින සෝමාවතිය පුද බිමෙහි බෝධි පුජා පිංකමක් පැවැත්විමට කටයුතු කරන ලදි.

2021 පෙබරවාරි මස 23 වන දින සංවත්සරය නිමිතිකොටගෙන අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් පැවැත්විම, අණදෙන නිලධාරි විසින් ඒකකයට මහත් අඩුපාඩුවක්ව පවතින කොනොනි සමාජ ශාලාවක් ඉදිකිරිමට මුල්ගල තැබිම, අණදෙන නිලධාරි විසින් නා පැලයක් රෝපනය කිරිම සහ ඒකක අණදෙන නිලධාරි විසින් සියළු නිලයන් අමතා ඒකකයේ 24 වන සංවත්සරය උත්සවත්ශ්‍රියෙන් සැමරිම සැබැදිව සහ ඒකකයේ ඉදිරි සැලසුම් පිලිබදව සියළුම නිලයන් දැනුවත් කර දිවා භෝජන සංග්‍රහයක් සෙසුනිල භෝජනාගාරයේදි පවත්වන ලදි.