Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st February 2021 19:08:18 Hours

1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය 29 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරණ ලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) බලප්‍රදේශය තුළ ස්ථානගත 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 29 වන බලකා සංවත්සරය 2021 පෙබරවාරි 11 වන දින අභිමානයෙන් සමරන ලදි. බලකා දින වැඩසටන අණදෙන නිලධාරි 1 රෙජි ශ්‍රීලයුයුබ ලුතිතන් කර්නල් ඉලංග නානයක්කාර ඒඒටීඕ ගේ පුර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ සිදුවිය. ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනු වස් බෝධි පූජා පිංකමක් 2021 පෙබරවාරි 10 වන දින ඒකක බුදුමැදුර අභියස දී පවත්වන ලදි. 2021 පෙබරවාරි 11 වන දින අණදෙන නිළධාරි වෙත සම්මාන මුරයත් පැවැත්වීම හා අණදෙන නිළධාරි අඹ පැළයක් රෝපණය කිරීම මගින් 29 වන සංවත්සර උත්සව මාලාවේ සමාරම්භය සනිටුහන් විය. සියලු නිළ තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වු අණදෙන නිලධාරීගේ අර්ථවත් දේශනයෙන් අනතුරුව, මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිටදී 29 වන බලකා දිනය සංකේතවත් කරනු වස් සමූහ ඡායාරූපයක් ලබා ගන්නා ලදී. ඒකක පරිශ්‍රයේ “නුගසෙවන” හිදී සියලු නිළ දිවා භෝජන සංග්‍රහය පැවැත්වීමෙන් අනතුරුව 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 29 වන බලකා දින උත්සව මාලාවේ සමාප්තිය සනිටුවන් විය.