Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th March 2021 10:55:02 Hours

ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථාන (කිලිනොච්චි) 6 රෙජි ශ්‍රීලයුයුබ යටතේ පාලනය වන ප්‍රාදේශීය පතුරොම් ගබඩාව, කොකාවිල් සංචාරය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස සිය ධූරයේ රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් හරේන්‍ද්‍ර රණසිංහ 2021 පෙබරවාරි මස 24 වන දින 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය පතුරොම් ගබඩාව, කොකාවිල් වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී. එහිදි ඒකක වැ:බ අණදෙන නිලධාරි මේජර් සංජීව පැස්කුවෙල් යුඑස්පි ඒටිඕ එල්එස්සි විසින් ආඥාපති තුමන් පිලිගන්නා ලදී.

එම අවස්ථාව සඳහා 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, බ්‍රිගේඩියර්(පාලන/භකාස), 573 බලසේනාධිපති, අණදෙන නිලධාරිවරුන් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක්ද එම සංචාරය සඳහා සහභාගි වන ලදී.