Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th February 2021 05:23:53 Hours

යුධොපකරණ බලකායේ කාන්තා නිලධාරීන් සඳහා වැඩමුළුවක් 2021 පෙබරවාරී මස 03 දින පවත්වන ලදි.

යුධොපකරණ බලකායේ කාන්තා නිලධාරීන් සඳහා "ඇදුම් පැළදුම් හා ආහාර ගැනිමේ ආචාර විධි" පිලිබද වැඩමුළුවක් 2021 පෙබරවාරි 03 වන දින යුධොපකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී. එම වැඩසටහන සදහා යුධොපකරණ බලකායේ සියලුම කාන්තා නිලධාරීන් සහභාගි වු අතර ශ්‍රී ලංකා ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කැබින් කාර්ය මණ්ඩල නිලධාරිනියක් වශයෙන් කටයුතු කරනු ලබන තරංගා අමරසේකර මහත්මිය විසින් මෙම වැඩසටහන ‍මෙහෙයවන ලදි.