Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

මුල් පුවත

  • යුධොපකරණ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල “කප්රුක් පූජාව” හා “කිරි ආහාර පූජාව”

    14th March 2020 08:16:04 Hours

    “කප්රුක් පූජාව” හා “කිරි ආහාර පූජාව” යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මග පෙන්වීමෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධීක්ෂණය සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ අධීක්ෂණය යටතේ 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මගින් සංවිධානය කරන ලදි. මෙම පූජාවේ ප්‍රධාන අරමුණ වූයේ යුධොපකරණ බලකායෙහි මියගිය සියළු රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීමත් ආබාධිත රණවිරුවන් සියළු දෙනාහට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට සේවයේ යෙදී සිටින සියළු නිලධාරී/ සෙසු නිලයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් හා සිවිල් සේවක මහත්ම මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්ය. මෙම අවස්ථාවට මව්බිම ආරක්ෂා කිරීම සදහා උත්තරීතර පරිත්‍යාගයක් කළ යුධොපකරණ බලකායේ මියගිය රණවිරුවන් 61 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින්, දැනට සේවයේ යෙදී සිටින නිලධාරී, සෙසු නිලයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන් 350 කට වැඩි පිරිසක් සහභාගී වීම විශේෂ කරුණකි. තවද මේ සදහා ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද සහභාගි විය. කප්රුක පූජාව 2020 මාර්තු මස 07 වන දින සවස අනුරාධපුරයේ “රුවන්වැලිමහසෑය” අභියසදී පැවැත් වූ අතර “කිරි ආහාර පූජාව” පසුදා උදෑසන අනුරාධපුරයේ “ජය ශ්‍රී මහා බෝධිය” අභියසදී පවත්වන ලදි.

  • අභිනවයෙන් උසස්වීම් ලැබූ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ වෙත රෙජිමේන්තුවේදී උණුසුම් හරසර

    20th February 2020 14:23:50 Hours

    අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ පිළිගැනීම සදහා හමුදා ගෞරව බහුමාන සහිත උත්සවයක් දොඔගොඩ රෙජිමේන්තු මුලස්ථානයේදී 2020.02.19 දින සංවිධානය කර තිබු අතර එහිදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීව පිලිගනු ලැබීය.

  • නව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ සියදුරයේ රාජකාරි අරඔයි

    13th December 2019 16:06:01 Hours

    ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) වැ:බ ආඥාපති බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස 2019 දෙසැම්බර් මස 10 දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි. තත් ජ්‍යෙෂඨ නිලධාරි කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් අදි සිසුවෙකි.

  • කර්නල් සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි.

    18th November 2019 12:26:54 Hours

    රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක හා උමාජෙ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද වීඑසිවී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී 2019 නොවැම්බර් මස 11 වන දින වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2019 නොවැම්බර් මස 11 වන දින සිදුවිය.

  • යුධොපකරණ බලකාය විසින් ඉදිකල රගර් ක්‍රීඩාංගනය යුද්ධ හමුදාධිපතිතුමන් අතින් විවෘත විය.

    09th November 2019 11:29:08 Hours

    යුද්ධ හමුදාව තුල රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ රගර් ක්‍රීඩාංගණය සිකුරාදා (08) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 70වන බලකා දින සැමරුම

    16th October 2019 07:19:05 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 70 වන සංවත්සරය 2019 ඔක්තෝම්බර් මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මේ සදහා ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් යුධොපකරණ සේවා සහ ජ්‍යෙෂ්ඨ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරාල් දලිප් සිං රතෝර් වීඑස්එම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර එතුමන් පිළිගැනීම සදහා කදවුරු ආරක්‍ෂක මුරයක් හා අලංකාර සම්මාන මුරයක් පවත්වන ලදී.

  • ඕර්ඩ්නන්ස් රිද්ම රාත්‍රිය - 2019

    03rd September 2019 10:43:42 Hours

    ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ බලකාය මගින් සංවිධානය කරණු ලැබූ “යුධොපකරණ රිද්ම රාත්‍රිය” අද (2019.09.01) සවස නෙලුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රගහලේදී අති උත්කර්ෂවත් අන්දම්න් පවත්වනු ලැබූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ වත්මන් උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද විඑස්වී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී සහ එම මැතිණිය සහභාගී විය. තවද මෙම රෙජිමේන්තුවේ විශ්‍රාමික කර්නල් සේනාවිධායක වරුන්, විශේෂිත ආරාධිත අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන්, නිළධාරිනියන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ සදහා සහභාගී විය.

  • යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

    30th August 2019 18:46:22 Hours

    ශ්‍රි ලංකා යුධොපකරණ බලකායේ යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමණ් 2019 අගෝස්තු මස 28 දිනට වසර 55ක් පිරිමෙන් පසු විශ්‍රාම ගැනීමට යෙදී තිබුණි. මේ හා සමගාමීව අද දින රෙම ශ්‍රිලයුයුබ නිලධාරී නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්තන ලදි.

  • ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලබයි.

    21st August 2019 10:29:19 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලද කර්නල් එස්එන්ඒ දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී සිකුරාදා (16) දින බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලබන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා නව රෙජිමේන්තු කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක සිය තනතුරෙ හි රාජකාරි අරඹයි.

    19th August 2019 17:31:46 Hours

    කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් කර්නල් එස් එන් ඒ දිසානායක ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 අගෝස්තු මස 15 වන දින වැඩ භාරගන්නා ලදි.