Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

20th February 2020 14:23:50 Hours

අභිනවයෙන් උසස්වීම් ලැබූ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ වෙත රෙජිමේන්තුවේදී උණුසුම් හරසර

අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ පිළිගැනීම සදහා හමුදා ගෞරව බහුමාන සහිත උත්සවයක් දොඔගොඩ රෙජිමේන්තු මුලස්ථානයේදී 2020.02.19 දින සංවිධානය කර තිබු අතර එහිදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීව පිලිගනු ලැබීය.

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමත් සමඟ රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගැනීමෙන් අනතුරුව එම නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම සිදුකරන ලදි.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ විසින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රෙය් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල 1039 පැයට එලඹි සුභ මොහොතින් විවෘත කර පැළයක් රෝපණය කිරීම ද සිදුකර අනතුරුව පැවැති සියලු නිල තේ පැන් සංග්‍රහය සදහාද සහභාගී වන ලදී.

මෙම රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී/ නිලධාරීන් හා නිලධාරිණියන්, රෙජිමේන්තු සැරයන්මේජර් සහ ශ්‍රීලයුයුබ ඒකකයන් හි රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු විශාල සෙසුනිලයින් පිරිසක්ද මේ අවස්ථාව සදහා සහභාගි වූ අතර නිලධාරින් සහ සෙසු නිලයන් සමඟ සමුහ ඡායාරූපයකට ද කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ පෙනී සිටින ලදි.