Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

03rd September 2019 10:43:42 Hours

ඕර්ඩ්නන්ස් රිද්ම රාත්‍රිය - 2019

ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ බලකාය මගින් සංවිධානය කරණු ලැබූ “යුධොපකරණ රිද්ම රාත්‍රිය” අද (2019.09.01) සවස නෙලුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රගහලේදී අති උත්කර්ෂවත් අන්දම්න් පවත්වනු ලැබූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ වත්මන් උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද විඑස්වී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී සහ එම මැතිණිය සහභාගී විය. තවද මෙම රෙජිමේන්තුවේ විශ්‍රාමික කර්නල් සේනාවිධායක වරුන්, විශේෂිත ආරාධිත අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන්, නිළධාරිනියන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ සදහා සහභාගී විය.

මෙහි සංගීත කණ්ඩායම ලෙස අප රෙජිමේන්තූවේ “ඕර්ඩිනන්ස් සුපර් රවුන්ඩ්” සංගිත කණ්ඩායම සහභාගි වු අතර, කිර්ති පැස්කුවල්, සමිතා එරන්දති මුදුන්කොටුව, අමිලා නදිශානි යන දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි විය. මෙහි ව්ශේෂ අංගයක් ලෙස රස වින්දනාත්මක වැඩ සටහනක් වන “ජනයි ප්‍රියයි” විශේෂාංගයද ඉදිරිපත් කරන ලදි. තවද මෙම රාත්‍රිය වර්ණවත් කිරිම සදහා යුද්ධ හමුදා නර්ථන කණ්ඩායමේ අංග 5 ක් ද ඉතා ආකර්ශණීය ලෙස ඉදිරිපත් කරන ලදි.