Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

මුල් පුවත

  • යුධොපකරණ බලකායට අද්විතිය සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

    19th August 2019 17:27:33 Hours

    ශ්‍රි ලංකා යුධොපකරණ රෙජිමේන්තුවට වසර 33 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019 අගෝස්තු මස 09 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

  • යුධොපකරණ වර්ණ රාත්‍රිය - 2019

    15th August 2019 19:41:43 Hours

    ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ වර්ණ රාත්‍රිය අද (2018.08.08) සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වර්ණ රාත්‍රියේදී ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් 147 දෙනෙකු වෙත රෙජිමේන්තු සහ යුද්ධ හමුදා වර්ණ ප්‍රදානය කරන ලද අතර සුප්‍රසිද්ධ කලාකරුවන් වන චන්දන වික්‍රමසිංහ මහතා සහ කෙවින් නුගේරා මහතාගේ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් සහ සංගීතයෙන් වර්ණවත් ව්ය.

  • ශ්‍රීලයුයුබ ක්‍රීඩා සංකීර්ණයට අනුබද්ධිතව නවතමයෙන් ඉදිකරන ලද ආපන ශාලාව විවෘත කිරීම - 2019.07.24 දින

    29th July 2019 06:50:41 Hours

    ශ්‍රීලයුයුබ ක්‍රීඩා සංකීර්ණයට අනුබද්ධිතව නවතමයෙන් ඉදිකරන ලද ආපන ශාලාව 2019.07.24 දින පෙරවරු 1117 ට යෙදුනු සුභ මොහොතින් උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රීලයුයුබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පි ඒඒටිඕ එල්එස්සි විසින් සියළුම ක්‍රීඩකයින්ගේ ප්‍රයෝජනය සදහා විවෘත කරන ලදී.

  • රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019.06.24 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

    06th July 2019 19:15:32 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ තුන්වන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 ජුනි මස 24 වන දින උපකරණ මාස්ටර් ජෙනරල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

  • රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම.

    01st April 2019 09:11:36 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබගේ උත්තරිතර සංකල්පයකට අනුව 2019 මාර්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය දොඹගොඩ කදවුරු භූමිය තුල රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

  • නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් ජේ ඩි පි ජයතිලක යුඑස්පි ඒටිඕ වෙත රෙජිමේන්තුවේ උපහාර.

    30th March 2019 18:06:14 Hours

    මේජර් ජෙනරාල්ජේ ඩි පි ජයතිලක යුඑස්පි ඒටිඕයන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 මාර්තු මස 26 වන දින ව්ශ්‍රාම ගැනිම වෙනුවෙන් 2019 මාර්තු 26 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

  • අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ දවසේ ආධිපත්ය පතුරුවාලමින් ජයග්‍රහණය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කණ්ඩායම අත්පත් කරගනි

    21st March 2019 00:38:22 Hours

    අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලියේඅවසන් මහා තරඟය 2019 පෙබරවාරි 21 දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගනයේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වු අතර සති කීපයකට පෙර අර්ධ අවසන් තරගයට සහභාගී වූ සියලුම රෙජිමේන්තු නියෝජනය කල වොලිබෝල් කණ්ඩායම් අතුරින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ වොලිබෝල් කණ්ඩායම(විපාරෙ) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා වොලිබෝල් කණ්ඩායම (ශ්‍රිලයුයුබ) අවසන් වටයට සුදුසුකම් ලැබිමට සමත් විය.රිද්මයානුකූල අත්පොලොසන් හඬින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාවොලිබෝල් කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී .

  • රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019.03.08 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

    15th March 2019 10:57:38 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ පලවන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 මාර්තු මස 08 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

  • නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යුඑස්පි වෙත රෙජිමේන්තුවේ උපහාර

    21st February 2019 14:20:10 Hours

    මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යන ජ්‍යෙෂඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 පෙබරවාරි මස16 වන දින විශ්‍රාම ගැනිම වෙනුවෙන් 2019 පෙබරවාරි මස 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩදි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් එම් ඩබ් බී එන්තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධහමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

  • නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

    17th January 2019 12:29:03 Hours

    යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2019.01.14 දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිඑස් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි නව ධූරයේ රාජකාරී ඇරඹීය.