Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th August 2019 17:27:33 Hours

යුධොපකරණ බලකායට අද්විතිය සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා යුධොපකරණ රෙජිමේන්තුවට වසර 33 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019 අගෝස්තු මස 09 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

ඉන් අනතුරුව රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිම, තේ පැන් සංග්‍රහය හා සියලු නිළධාරීන් සමග සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.

එදින රාත්‍රියේ රෙම ශ්‍රීලයුයුබ නිලධාරී නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මේ අවස්ථාව සදහා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද විඑස්වී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී සහ එම මැතිණිය, බලකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම මැතිණියන්, නිලධාරීන් සහ නිලධාරිනියන් සහභාගීවන ලදී. මෙම අවස්ථාවේදී කර්නල් සේනාවිධාය ශ්‍රීලයුයුබ හා එම මැතිණිය විසින් බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිට සහ එම මැතිණිය වෙත සමරු තිලිණයන් ප්‍රධානය කරන ලද අතර, බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමරු පොතෙහි සටහන් තැබීමෙන් පසු වැඩසටහන නිමාවන ලදී.