Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

මුල් පුවත

  • නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යුඑස්පි වෙත රෙජිමේන්තුවේ උපහාර

    21st February 2019 14:20:10 Hours

    මේජර් ජෙනරාල් එස් ඒ ද සි දසනායක යන ජ්‍යෙෂඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2019 පෙබරවාරි මස16 වන දින විශ්‍රාම ගැනිම වෙනුවෙන් 2019 පෙබරවාරි මස 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩදි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස් එම් ඩබ් බී එන්තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධහමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

  • නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

    17th January 2019 12:29:03 Hours

    යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි 2019.01.14 දින ආගමික වතාවත් මධ්‍යයේ, සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බිඑස් විදානගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි නව ධූරයේ රාජකාරී ඇරඹීය.

  • නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි සියදුරයේ රාජකාරි අරඔයි

    19th December 2018 20:16:42 Hours

    කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස 2018 දෙසැම්බර් මස 17දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි.

  • කර්නල් සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි

    19th December 2018 19:33:57 Hours

    රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් බී.එස්. විදානගේ 2018 දෙසැම්බර් මස 16 වන දින වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2018 දෙසැම්බර් මස 16 වන දින සිදුවිය.

  • යුධොපකරණ විසින් ඉදිකල දොඹගොඩ නව ක්‍රිකට් ක්‍රිඩාංගනය යුද්ධ හමුදාධිපතිතුමන් පළමු පන්දුවට පහරදෙයි.

    14th December 2018 19:27:10 Hours

    යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රිඩාවෙි ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මූලස්ථාන පරිශ්රරයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ක්‍රිකට් ක්‍රිඩාංගනය සඳුදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අතර යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය නව තණතිල්ලේ පළමුවරට පවත්වනු ලැබීය.

  • පුර්ණ හමුදා ගෞරව ආචාර මැද අභාවප්‍රාප්ත විශ්‍රාම්ක මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම්ගේ අවසන් කටයුතු සිදු කරයි.

    13th December 2018 19:25:09 Hours

    අභාවප්‍රාප්ත විශ්‍රාම්ක මේජර් ජෙනරාල් ටි.සිවශන්මුගම්ගේ අවසන් කටයුතු බදාදා (05) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

  • විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් අභාවප්‍රාප්ත වෙයි

    05th December 2018 12:36:06 Hours

    විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් සෙනසුරාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රත්කාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය.

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ප්‍රථම රෙජිමේන්තු සේනාවිධායක මෙන්ම මෙම රෙජිමේන්තුවේ පළමුවන මේජර් ජෙනරාල් වරයාද වන මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධොපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම සේවා ඒකකයන්හි පළමු මේජර් ජෙනරාල් ද විය.

  • යුද්ධ හමුදා යුධොපකරණ බලකා 69 වන සංවත්සරය

    19th October 2018 17:51:07 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

  • අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායමට

    19th September 2018 08:01:52 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

  • නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් එචි එම් යු බි හේරත් ආර්එස්පි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි වෙත රෙජිමේන්තුවේ උපහාර

    18th July 2018 20:04:04 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

    මේජර් ජෙනරාල් එචි එම් යු බි හේරත් ආර්එස්පි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2018 ජුලි මස 14 වන දින විශ්‍රාම ගැනිම වෙනුවෙන් 2018 ජුලි මස 13 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.