Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th October 2018 17:51:07 Hours

යුද්ධ හමුදා යුධොපකරණ බලකා 69 වන සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

එහිදි බලකායේ රාජකාරි කරම්න් සිටියදී ම්යගිය හා අතුරුදහන් වු නිළධාරීන් හා සෙසුනිළයින් හට පිංපැමීනවිමත් ආබාධ්ත තත්වයට පත්වු ඒකකයේ විරෝධාර රණවිරුවන් හට හා සේවයේ නියුතු සියලුම නිළධාරින්, සෙසු නිළයින් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයටද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සෙත් ප්‍රාර්ථානා කිරීම පිණිස විචිත්‍රවන් පෙරහැරක් සහිතව 2018’10’04 දින සර්වරාත්‍රික පරිත්‍රානු පිරිත් සඡ්ක්‍ජායනාව හා සංඝතික දක්‍ෂිණාවක් පවත්වන ලදී.

2014.10.14 වන දින බලකායේ සියලුම ඒකකයන් නියෝජනයෙන් සැදූම්ලත් ආකර්ෂණිය පෙලපාලියකින් කර්නල් සේනාධීධායක වෙත උත්තමාචාරය පිලිගන්වන ලදී. ඉන් පසු සමරු රුක් රෝපනයකට සහභාගිවු කර්නල් සේනාධීධායක පසුව සියලු නිළ තේ පැන් සංග්‍රහයට සහභාගි විමෙන් අනතුරුව 1230 පැයට සියලු නිළයින් වෙනුවෙන් සකසන ලද දිවා භෝජන සංග්‍රහයට සහභාගිවු අතර පසුව සියලු නිළයින් අමතා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හා යටතේ වන ගබඩා/ඒකකයන් හි සිදූකරනු ලබන සංවර්ධන කටයුතු සදහා දායකත්වය සියලුම නිළධාරීන්ගේ හා සෙසු නිළයින්ගේ දායකත්වය අගය කිරිමත් සිදුකරන ලදි.

අප බලකායේ ආරාධනය පරිදි ප:ව 1600 පැයට පමණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එමි ඩබිලිවි සේනානායක ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි පැමිනී අතර එහිදි බලකාධිපති මේජර් ජෙනරාල් බිඑස් විදානගේ හා මධ්‍යස්ථාන සේනාධීධායක කර්නල් එස්එම්ඩබිබිඑන් තලගහවත්ත ඒටිඕ විසින් එතුමන්ව උණුසුම්ව පිලිගන්නා ලදී. පසුව යුද්ධ හමුදාධිපති මෙම කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලබන ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය සහ ක්‍රිඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වන ලදි.

පසුව 1900 පැයට රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට යුද්ධ හමුදාධිපති සහභාගි වු අතර, එහීදී සමූහ ඡායාරූපයකට පෙනී සිටිම සහ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තැබිම ද සිදූ කරන ලදි. එම සංචාරය සිහිවිමි වස් යුද්ධ හමුදාධිපති වෙත සමරු තිළිණයක් පිරිනැමිමටද බලකාධිපති විසින් කටයුතු කලේය.