Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th December 2018 20:16:42 Hours

නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි සියදුරයේ රාජකාරි අරඔයි

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස 2018 දෙසැම්බර් මස 17දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සිහිවනු වස් නව රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරු පර්ශ්‍රයේ පැලයක් රෝපණය කරන ලදී.

නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද යුඑස්පි ඒඒටිඕ එල්එස්සි විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන් දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

නව රෙජිමේන්තු අධිපතිතුමන් සියළු නිලයින් අමතමින් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන යුධොපකරණ රෙජිමේන්තුවේ සියළුම නිලයින් ඉතා උණුසුම් අයුරින් පිලිගනිමින් රෙජිමේන්තුවේ අභිමානවත් ප්‍රතිරෑපය ඉහල නැංවීම සඳහා රෙජිමේන්තුවක් වශයෙන් ලබා ඇති ප්‍රගතිය, විනය හා පුහුණුව තුලින් ඉදිරියට යා යුතු බවත් පවසන ලද අතර විශ්‍රාමික යුධොපකරණ බලකායේ නිලධාරි/සෙසුනිලයින් සිදුකලා වු අපරිමිත සේවය වෙනුවෙන් සිය කෘතඥතාපුර්වක ස්තුතිය ද පුද කර සිටියහ. එමෙන්ම බලකායේ අනාගත දැක්ම සඳහා සියළු නිලයින්ගේ හා සිවිල් කාර්ය මණ්ඩලයේ සහයෝගය බලපොරොත්තු වන බැව් තවදුරටත් ප්රයකාශ කරන ලදී.