Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

13th December 2019 16:06:01 Hours

නව රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ සියදුරයේ රාජකාරි අරඔයි

ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) වැ:බ ආඥාපති බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස 2019 දෙසැම්බර් මස 10 දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි. තත් ජ්‍යෙෂඨ නිලධාරි කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් අදි සිසුවෙකි.

බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් යුද්ධ හමුදා සේවාකාලය තුල හොබවා ඇති තනතුරු අතරින් විශේෂිත වු තනතුරු වශයෙන්, මානි1 (භකාස) - ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානය, මානි1 (පාලන/භකාස) - 57 සේමු, සේනාවිධායක - යුධොපපුපා, අණදෙන නිලධාරි - 2 රෙජි ශ්‍රීලයුයුබ, කර්නල් (පාලන/භකාස) - ආසේමු(නැ), කර්නල් යුමාජේ - යුමාජේශා, කර්නල් (පාලන/භකාස) - ආසේමු(යා), බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ශ්‍රීලසෙවිබමු, අධ්‍යක්‍ෂක පරිපාලන - කොආවි වශයෙන් සදහන් කල හැකිය.

යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ ජේෂ්ඨ නිලධාරී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සදහා නව කර්නල් සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලදී.

නව කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන් දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

නව කර්නල් සේනාවිධායකතුමන් විසින් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන යුධොපකරණ රෙජිමේන්තුවේ සියළුම නිලයින් අමතමින් රෙජිමේන්තුවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා විනය හා පුහුණුව තුලින් ඉදිරියට යා යුතු බවත්, රෙජිමේන්තුවක් වශයෙන් මේ දක්වා ලබාගෙන ඇති ප්‍රගතිය සදහා සහය දුන් යුධොපකරණ බලකායේ විශ්‍රාමික නිලධාරි/සෙසුනිලයින් සිදුකලා වු අපරිමිත සේවය වෙනුවෙන් සිය කෘතඥතාපුර්වක ස්තුතිය ද පුද කර සිටියහ. එමෙන්ම බලකායේ අනාගත දැක්ම සඳහා සියළු නිලයින්ගේ උනන්දුව, කැපවීම හා සහයෝගය මින් ඉදිරියටත් බලපොරොත්තු වන බවද තවදුරටත් ප්‍රකාශ කරන ලදී.