Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

16th October 2019 07:19:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 70වන බලකා දින සැමරුම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 70 වන සංවත්සරය 2019 ඔක්තෝම්බර් මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මේ සදහා ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් යුධොපකරණ සේවා සහ ජ්‍යෙෂ්ඨ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරාල් දලිප් සිං රතෝර් වීඑස්එම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර එතුමන් පිළිගැනීම සදහා කදවුරු ආරක්‍ෂක මුරයක් හා අලංකාර සම්මාන මුරයක් පවත්වන ලදී.

ඉන් අනතුරුව එතුමා විසින් යුධොපකරණ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සහ යුධොපකරණ පුහුණු පාසලේ නිදර්ශණ කුටි නැරඹීම සදහා සහභාගී වූ අතර රෙජිමේන්තු මධ්‍යස්ථාන කදවුරු භූමියේ පැලයක් රෝපණය කිරීමෙන් පැමිණීම සනිටුහන් කරන ලදී. අනතුරුව නවතමයෙන් ඉදිකරනු ලැබූ යුධොපකරණ ක්‍රිකට් ක්‍රිඩා සංකීර්ණයෙහි සංචාරයෙන් පසුව පනාගොඩ පිහිටි 1 රෙජි ශ්‍රිලයුයුබ හි ඉදිකර ඇති රණවිරු ස්මාරකය අභියස මියගිය යුධොපකරණ විරුවන් අනුස්මරණය කිරීම සදහාද සහභාගී විය.

තවද 70 වන සංවත්සරයට සමගාමීව සියළු නිල භෝජන සංග්‍රහයක් කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. අනතුරුව පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් යුධොපකරණ සේවා සහ ජ්‍යෙෂ්ඨ කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරාල් දලිප් සිං රතෝර් වීඑස්එම් ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ එම මැතිණියද සහභාගී වූ අතර අභිමානවත් 70 වන යුධොපකරණ සංවත්සරය රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව නිමාවට පත් විය.