Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th November 2019 12:26:54 Hours

කර්නල් සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක හා උමාජෙ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද වීඑස්වී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී 2019 නොවැම්බර් මස 11 වන දින වසර 34 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීම 2019 නොවැම්බර් මස 11 වන දින සිදුවිය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කර්නල් සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන කර්නල් සේනාවිධායක වෙත රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.

මෙම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සේනාවිධායකවරු, අණදෙන නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නික්මයන ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බළකා කර්නල් සේනාවිධාය විසින් කදවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කර සේවයේ නියුතු සියලුම සේනාවිධායකවරු, අණදෙන නිලධාරින් සහ සියලුම නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ අතර රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් අමතමින් සිය ධූර කාලය තුල සියලුම දෙනා යුධොපකරණ බලකායේ උන්නතිය වෙනුවෙන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ.

එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ සාදය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහ එම බිරින්දෑවරුන් රැසක් සහභාගි වන ලදි. එහිදි බ්‍රිගේඩියර් සීයු මාරසිංහ ආර්එස්පී යුඑස්පී නික්මයන සේනාවිධායකතුමාගේ යුද හමුදා දිවිය අලෙල කතාව සිදු කරන ලද අතර, මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද වීඑස්වී යූඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට හා එම මැතිණියට විශේෂ සමරු තිළිණයක් වැඩසටහන නිමා කරමින් පිරිනමනු ලදි.