Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th November 2019 11:29:08 Hours

යුධොපකරණ බලකාය විසින් ඉදිකල රගර් ක්‍රීඩාංගනය යුද්ධ හමුදාධිපතිතුමන් අතින් විවෘත විය.

යුද්ධ හමුදාව තුල රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ රගර් ක්‍රීඩාංගණය සිකුරාදා (08) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් හා අනෙකුත් ආරාධිතයන් වශයෙන් විවිධ තනතුරු දරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝමයක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද විසින් ඔවුන්ව උනුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙහිදී පිටිය විවෘත කිරිමේ ප්‍රදර්ශනාත්මක තරඟයක් පැවති අතර ඒ සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායම හා යුධොපකරණ බලකා රගර් කණ්ඩායම සහභාගී විය. ඒ අතරින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායම ජයග්‍රහනය කල අතර යුද්ධ හමුදාධිපති තුමන් අතින් සහභාගී වු කණ්ඩායම් සදහා ත්‍යාග ප්‍රධානය කරන ලදී.