?
13th September 2023 16:11:56 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ටිසි මෙත්තානන්ද යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 සැප්තැම්බර් 8 වන දින 23 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.
13th September 2023 16:02:43 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව භටපිරිස්වල චිත්තධෛර්යය ඉහළනැංවීමට සහ අත්‍යවශ්‍ය විවේකයක් ලබාදීමේ ප්රයත්නයක් ලෙස, ශ්‍රීලංකා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ 18 විපාරෙ අධිරිද්ම සංගීත කණ්ඩායමේ සංගීත කුසලතා ඉස්මතු කරමින්, නිදහස් හා විනෝදාස්වාද සැසියක් පවත්වන ලදී.
13th September 2023 15:53:03 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 24 වන පාබල සේනාංකයේ අභිනවයෙන් ඉදිකරන ලද බලලත් නිලධාරිවරුන්ගේ හා සැරයන්වරුන්ගේ නිවස්නය විවෘත කිරිමේ සමාරම්භක උත්සවය 2023 සැප්තැම්බර් 08 වන දින 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
08th September 2023 15:12:39 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් ඩබිලිව් ටී සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සියඵම භකාස ඒකකවල අණදෙන නිළධාරීවරුන් 22පාසේමු හා ඒ යටතේ පාලනය වන පාබසේමු, පුපා හා ඒකකයන්හි පවතින පාලන/භකාස ගැටඵ සබැඳිව සොයා බැලීම සදහා 2023.09.06 වන දින 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.
28th August 2023 13:41:29 Hours
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා 23 පාබල සේනාංකය වෙතින් සිද්ධපුර පුනානි ගොවිපලෙහි "යල කන්නයේ" කඹුරු අක්කර 23 ක වී වගා කරන ලදී.
27th August 2023 15:50:44 Hours
නායකත්වය වැඩිහිටි වියට සීමා නොවේ. එය කුඩා කල සිට පෝෂණය කළ හැකි කුසලතාවකි. එය පිළිබිඹු කරමින් අම්පාර සෙනරත් සෝමරත්න ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්ව වැඩසටහනක් 2023 අගෝස්තු මස 24 වන දින පවත්වමින් ප්‍රශංසනීය වැඩපිළිවෙලක් 24 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදි.
26th August 2023 16:06:34 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විසින් 2023 මාර්තු මස 09 වන දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 4 ඇල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ සදහම් මන්දිරයක් සහ උමං ලෙන් කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.
23rd August 2023 12:24:42 Hours
3 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් 24 වන පාබල සේනාංකයේ පාලන රාජකාරි කරනු ලබන අක්කරපත්තු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු ද්‍රවිඩ ජාතික සෙබළියක වන සෙ/ආර්102690 කාසෙ ඩිරෝනා ටි කාන්තා සෙබලියගේ මව සහ පියා කුඩා කාලයේදිම අහිමිවි ඇති අතර ඇය කුඩා කාලයේ සිට හදාවඩා ගත් ඇයගේ සීයා සහ ආච්චී සමග අක්කරපත්තු ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිට ඇති අතර, පසුව ඇතිවු අනපේක්ෂිත ගිණී ගැනිමක් හේතුවෙන්
16th August 2023 11:06:33 Hours
සරස්වති පෙර පාසල කතිරවේලි පුදුර් හි පිහිටා ඇති අතර පුදුර් ගම්මානයේ සිසුන් 41 දෙනෙකුට මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙයි. පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වුවද මේස, පුටු, ජල පද්ධති ගොඩනැගිලි නඩත්තුව ක්‍රියාකාරි කුස්සියක් සහිත නිසි සනීපාරක්ෂක පහසුකම් වැනි අත්‍යවශ්‍ය සම්පත් ලබාගැනිමේදි පෙර පාසල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දි ඇත. වසර 16 ක සේවා කාලයක් සහිත ගුරිවරියක් ඇතුළුව තිදෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලය සිසුන්ගේ උසස් අධ්‍යාපනය සදහා පෝෂණය කිරිමට කැපවී ක්රීයා කරයි.
13th August 2023 12:54:11 Hours
ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කළ දායකත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සුවිශේෂී චරිතයකි. එතුමාගේ 31 වැනි ගුණ සමරුව නිමිත්තෙන් 2023 අගෝස්තු 08 වන දින 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී පුණ්‍යානුමෝදනා පිංකමක් පවත්වනු ලැබුවේ ඔහුගේ කැපකිරීම් සහ රට වෙනුවෙන් ඉටුකල සේවය සිහිපත් කරමිනි.