Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th November 2023 08:54:33 Hours

221 පාබල බළසේනා බලප්‍රදේශ‍යේ පවුල් 300 ක් අතර පොල් පැල 3000 ක් බෙදා හැරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 221 වන පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් ඒකේ පිරිස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම හා සම්බන්ධීකරණය මත බළප්‍රදේශයේ ස්ථාපිත 2 වන ස්වේච්ජා ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සදහා සි/ස හලාවත වැවිලි සමාගම සමඟ සම්බන්ධිකරණයෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනේ පළමු අධියර වශයෙන්පොල් පැළ 3000ක් පවුල් 300 ක් අතර 2023 නොවැම්බර් 13 දින 2 වන ස්වේච්ජා ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ ගෘහස්ථ ක්‍රිඩාගාරය තුලදි පවත්වනු ලැබීය. උත්සව අවස්ථාව සදහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 221, 222 සහ 223 පාබල බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 221 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි , 20 සහ 2(ස්වේ) ගජබා රෙජිමේන්තු ඒකකයන්හි අණදෙන නිලධාරින් සහභාගි වන ලදි.